22.5 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය විසින් ඉටු කළ යුතු යුතුකම්...

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය විසින් ඉටු කළ යුතු යුතුකම් අපි අනිවාර්යෙන්ම ඉටු කරනවා – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා.

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය විසින් ඉටු කළ යුතු යුතුකම් අපි අනිවාර්යෙන්ම ඉටු කරනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී අද(28) පස්වරුවේ පැවසීය.

2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට නව නිවාස ලබා දීමේ පළමු අදියරට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

අග්‍රාමාත්‍යතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් අතින් මෙහි දී නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස සංකීර්ණවලින් ප්‍රතිලාභී පවුල් 19කට මෙසේ නව නිවාස ප්‍රදානය කෙරිණි.

කුලී පදනම හා අඩු අදායම්ලාභී පදනම මත තෝරාගත් ප්‍රතිලාභී පවුල් 33කට මෙසේ නව නිවාස ප්‍රදානය කිරීමට නියමිත අතර එම එක් නිවසක වටිනාකම රුපියල් මිලියන 4 ඉක්මවයි.

අති උතුම් ජේ.ඩී ඇන්තනී රදගුරුතුමා සහ අති උතුම් ඇන්ටන් රන්ජිත් රදගුරුතුමා, නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ද නිවාස ප්‍රදානය හා එක්වූහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි දී කළ සම්පූර්ණ කතාව මෙසේය.

එදා කොච්චිකඩේ බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් රජයක් වශයෙන් කළ යුතු යුතුකම අපි අනිවාර්යයෙන් ඉටුකරනවා. අපි අතින් ප්‍රමාදයන් ඇතිවෙන්න ඇති, එහෙත් අනිවාර්යෙන්ම ඔවුන් වෙනුවෙන් අපේ කැපවීම කරන්න සූදානම්.

මොකද අපි දන්නවා ත්‍රස්තවාදයෙන් බැටකාපු පිරිස ඒ පවුල් මොනතරම් තත්ත්වයක ඉන්නවාද කියන එක. මේ වාගේම ඉදිරියේ දී එවැනි තත්ත්වයක් ඇති නොවන්න වගබලාගන්න මේ රජය පියවර ගන්නවයි කියන එක මතක් කළ යුතුව තිබෙනවා. ජනතාවට නිදහසේ ජීවත්වෙන්න ගමන් බිමන් යන්න. තමන්ගෙ ආගම ඇදහීම සඳහා පන්සලට පල්ලියට කෝවිලට යන්න අයිතිය තිබිය යුතුයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments