රජයේ ලියාපදිංචි වෛද්‍ය වරයෙකු
මත්පෙති අලෙවි කරමින් සිටිය දී
රුපියල් ලක්ෂ තිහක
වටිනාකමකින් යුත් එම පෙති සමග
විශේෂ කාර්ය බලකාය
අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකායට ලබා දුන්
බුද්ධි තොරතුරකට අනුව විශේෂ
කාර්ය බලකාය අණදෙන නිලධාරී
නියෝජ්‍ය පොලිස්පති නීතීඥ
වරුණ ජයසුන්දර මහතාගේ
අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය
බලකාය විශේෂ මෙහෙයුම් iii
හි ස්ථානාධිපති ඇතුළු නිලධාරීන්
කණ්ඩායමක් සහ පානදුර (උතුර)
පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ
සහය ද සමග (30) පානදුර
(උතුර) පොලිස් වසමේ ගාලු පාර,
පල්ලියමුල්ල, ප්‍රදේශයේ දී
වැටලීමක් සිදුකර
ගොරකාපොළ,
පානදුර ප්‍රදේශයේ පදිංචි වයස
අවුරුදු 50 ක පමණ පානදුර
රජයේ රෝහලේ සේවය කරන
ලැබු වෛද්‍යවරයෙකු
පවත්වාගෙන ගිය පානදුර නගරයේ
පිහිටි පුද්ගලික වෛද්‍ය
මධ්‍යස්ථානයක දී හෙරොයින් මත්
ද්‍රව්‍ය සදහා හුරු වූ මත් ලෝලීන්
හට එම මත් ද්‍රව්‍ය මෙම දිනවල දී
සොයා ගැනීමට නොහැකි වීම
හේතුවෙන් මානසික රෝගීන් සදහා
ලබා දෙන ලද මෙම මත් පෙති
ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි
කරමින් සිටිය දී නීති විරෝධී මත්
පෙති 20,30 ක් සමඟ
අත්අඩංගුවට ගෙන වැඩිදුර
විමර්ශන කටයුතු සඳහා පානදුර
(උතුර) පොලිස් ස්ථානය වෙත භාර
දී ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී
එම මත් පෙති ලබාගැනීම සදහා
පැමිණ සිටි තරුණයන් 15
දෙනෙකුද අත්අඩංගුවට ගෙන
ඇත.
අත්අඩංගුවට ගන්නා ලද මත්
පෙති වල වටිනාකම රුපියල් ලක්ෂ
තිහකට අධික වේ.
මේ අතර පොලිස් විශේෂ කාර්ය
බලකායේ දෛනික වැටලීම්වලදී
සංවිධානාත්මක අපරාධ මර්දන
ඒකකය 11හී නිලධාරීන්
කණ්ඩායමක් වැටලීම් හතරක්
සිදුකොට නීති විරෝධි
මත්ද්‍රව්‍යක්වන අයිස් ළඟ තබාගෙන
සිටි සිව්දෙනකු අත්අඩංගුවට ගෙන
ඇත. විශේෂ මෙහෙයුම් අංශ 1
නිලධාරී කණ්ඩායමක් නීති විරෝධි
ලෙස ස්පාඤ්ඤයේ නිෂ්පාදිත
බෝර 12 වර්ගයේ උණ්ඩ යෙදිය
හැකි ගිණි අවි දෙකක් ළඟ
තබාගෙන සිටි කාන්තාවක්
අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ
කඳවුරේ නිලධාරී කණ්ඩායමක්
නීති විරෝධි මත්පැන් ළඟ
තබාගෙන සිටි අයකු අත්අඩංගුවට
ගෙන ඇත. කතරගම කඳවුරේ නිලධාරී කණ්ඩායමක් නීති විරෝධි ලෙස මුව මස් ප්‍රවහනය කරමින් සිටි අයකු එම යතුරු පැදිය සමග අත්අඩංගුවට ගෙන තිබේ. සූරියවැව කඳවුරේ නිලධාරි කණ්ඩායමක් නීතිවිරෝධි මත්පැන්(කසිප්පු) පෙරීමට යොදාගන්නා ගෝඩා ළඟ තබාගෙන සිටි අයකු එම යතුරු පැදිය සමග අත්අඩංගුවට ගෙන තිබේ. අක්කරපත්තුව කඳවුරේ නිලධාරී කණ්ඩායමක් බලපත්‍ර රහිතව අනවසරයෙන් කලපුව ගොඩකරමින් සිටි අයකු කොමඩ්ෂු බැකෝ ලෝඩර් යන්ත්‍ර සමග අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම විශේෂ කාර්ය බලකාය වලච්චේන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කරමින් වැලි කැණිම් කර පටවමින් සිටි දෙදනකු ට්‍රැක්ටර් රථ සමග අත්අඩංගුවට ගෙන තිබේ. අම්පාර කඳවුරේ නිලධාරී කණ්ඩායමක් බලපත්‍ර රහිතව ට්‍රැක්ටර් රථයකට වැලිපටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. ලාහුගල කඳවුරේ නිලධාරි පිරිසක් වැටලීම් දෙකක් බලපත්‍ර රහිතව වැලි කැණීම් කර ට්‍රැක්ටර් රථයකට වැලි පටවමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. පුල්මුඩේ කඳවුරේ නිලධාරි පිරිසක් අනවසරයෙන් ඇතුළුවි බලපත්‍ර රහිතව දන්වැලි කියතක් උපයෝගි කරගෙන ගස් කැපීම හා කැලෑ එලි පෙහෙලි කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. දඹුල්ල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කසිප්පු පෙරීමට යොදාගන්නා ගෝඩා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.