කාදිනල්තුමා වරින් වර එතුමාගේ අදහස් ප්‍රකාශ කරනවා. ඒක අපිට පිළිගන්න පුලුවන් මොකද උන්වහන්සේ රටේ කතෝලික ජනතාව නියෝජනය කරන නිසා. අපි දන්නවා 2001 සැප්තැම්බර් 11 ලෝක වෙළද මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල කල මහ මොළකරු ෂෙක් මොහොමඩ්ට විරුද්ධව නඩු පැවරුවේ අවුරුදු විස්සකට පසුව. ඒ වගේම 2015දී ප්‍රංශයේ ප්‍රහාරයක් එල්ල උනා. ඒ ත්‍රස්තවාදීන්ට විරුද්ධ ව නඩු දැම්මේ අවුරුදු හතකට පස්සේ. පොලීසිය පැත්තෙන් අපි ගත්තොත් පොලීසිය මගින් කරන්න තියෙන රාජකාරි සියල්ලක්ම බොහෝ දුරට කර අවසන්. නමුත් පාස්තු ප්‍රහාරය සමිබන්ධව තවමත් විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ මාලඹේ නව පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් අනතුරැව මාධ්‍යවේදීන් අසන ලැබු ප්‍රශ්න වලට පිළිතරු ලබාදෙමිනි.
අද වෙනකොට තිස්දෙදෙනෙක්ට මහාධිකරණ පහක නඩු විභාග වෙනවා. ඒ වගෙම තමයි ප්‍රධාන අය නවුෆර් මවුලවි, ජෆූර් මාමා යන ප්ර ධාන විසිහතර දෙදෙනකුට අධිචෝදනා ගොනුකර තියෙනවා. නීතිපති ඉක්මනින් ඒ නඩු විභාග කලයුතු නිසා ඒ සදහා මහාධිකරණ ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර අදාළ කටයුතූ කරගෙන යනවා.මේ මස සිට නොකඩවා එම නඩු විභාග සිදු කෙරෙනවා.
ඒ වගෙම තමයි අපි ඇත්ත වශයෙන් ම සන්තෝස වෙන්න ඕනේ මේ අවුරුදු දෙකහමාරක් වැනි කෙටි කාලයක් තුල මේ වගේ විශාලකාර්යයභාර්යයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකර නීතිපතිට නඩු පැවරීම සදහා උද්ධෘත ගොනු ඉදිරිපත් කිරීම ගැන. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුරකතන ඇමතුම් 112,000 පමන විශ්ලේෂණය කළා. චෝදනා 23700 ක් අද ගොනුකරලා තියෙනවා. ඒ වගේම තමයි මේ පිළිබදව වාර්තා හතරක් තියෙනවා. එකක් තමයි පාර්ලිමේන්තු කාරක සභාව , පාර්ලිමේන්තු ආංශික කාරක සභාව, ජනාධිපති කොමිසම සහ අපරාධ විමර්ශනය. මේ සියලු දේවල් නීතිපති විශ්ලේෂණය කරන්න ඕනේ. මොකද සාක්ෂිවල පරස්පරයක් තිබ්බොත් එය සැකකරුවන්ට නිදහස්වෙලා යන්න අවස්තාවක් වෙන නිසා තමයි කල් ගන්නේ. කොච්චර කල්ගත්තත් අපේ මේ රජය තියෙන තාක් කල් අපි මේ අපරාධකරුවන් ට නිදැල්ලේ හැසිරෙන්න ඉඩ නොදෙන බවද මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්යය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය මෙම අවස්ථාව සදහා හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න ඇතූලු පිරිසත් හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද සහභාගි වූහ.