25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsවැලි හා විවිධ ජාවාරම්වල සුලමුල එස්.ටී.එෆ්. සොයාගනී.

වැලි හා විවිධ ජාවාරම්වල සුලමුල එස්.ටී.එෆ්. සොයාගනී.

පොලිස් විශේෂ කාර්ය බලකායේ

දෛනික වැටලීම්වලදී දකුණු

බලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ

නිලධාරී කණ්ඩායමක් තිහගොඩ

පොලිස් වසමේ බලපත්‍ර රහිතව

බෙහෙත් කොටන තුවක්කුවක් ළඟ

තබාගත් අයකු (02) අත්අඩංගුවට

ගෙන වැඩිදුරට විමර්ශන සඳහා

තිහගොඩ පොලිස් ස්ථානය වෙත

භාරදී තිබේ.

පුවරසන්කූලම් කඳවුරේ නිලධාරී

කණ්ඩායමක් මඩු පොලිස් වසමේ

මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන

තුවක්කුවක් අත්අඩංගුවට ගෙන

වැඩිදුර විමර්ශන මඩු පොලිස්

ස්ථානය වෙත භාරදි ඇත.

ගොන්හේන කඳවුරේ නිලධාරී

කණ්ඩායමක් බොරලැස්ගමුව

පොලිස් වසමේ Lysergic

acid

diethylamide/LSD

නොහොත් මත් මුද්දර ළඟ

තබාගෙන සිටි අයකු අත්අඩංගුවට

ගෙන වැඩිදුර විමර්ශන කටයුතු

සඳහා බොරලැස්ගමුවේ පොලිස්

ස්ථානය වෙත භාරදී තිබේ.

සෙට්ටිකුලම් කඳවුරේ නිලධාරී

කණ්ඩායමක් ගලෙන්බිඳුනුවැව

පොලිස් වසමේ නීති විරෝධි

තහනම් කරනු ලැබු රසායනික

ද්‍රව්‍ය , පිළිබෝධනාශක වෙළෙඳාම

හා ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන වැඩිදුර

විමර්ශන කටයුතු සඳහා සහකාර

කෘෂිකාර්ම අධ්‍යක්ෂ, නියෝජ්‍ය

කෘෂිකර්ම කාර්යාලය, අනුරාධපුර

වෙත භාරදි තිබේ. වැලිකඩ

බන්ධනාගාර සංකීර්ණයේ කාන්තා

බන්ධනාගාර කඳවුරේ නිලධාරී

කණ්ඩායමක් ගමන් බෑගයේ තිබු

ලියකියැවිලි අතර විවිධ වර්ගයේ

සිම්පත් හතක්හා උගන්ඩා සිලින්

කාසියක් ළඟ තබාගෙන සිටි

උගන්ඩා ජාතික කාන්තාවක්

අත්අඩංගුවට ගෙන වැඩිදුර

විමර්ශන කටයුතු සඳහා කාන්තා

බන්ධනාගාර සැරයන් ප්‍රියංගණි

කැලලදගොඩ නිලධාරීණිය වෙත

භාරදි ඇත. පූගොඩ කඳවුරේ

නිලධාරී කණ්ඩායමක් පූගොඩ

පොලිස් වසමේ නීති විරෝධි

මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන වැඩිදුර

විමර්ශන කටයුතු සඳහා පොලිස්

ස්ථානය වෙත භාරදී ඇත. මන්කූලම් කවුරේ නිලධාරි කණ්ඩයමක් මල්ලාඩි පොලිස් වසමේ බලපත්‍ර රහිතව වැලිපටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා මල්ලාවි පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. කැබිතිගොල්ලෑම කඳවුරේ නිලධාරී කණ්ඩායමක් මැදවච්චිය පොලිස් වසමේ සිදුකරනු ලැබු වැටලීම් හතරකදී අනවසරයෙන් කැලය එළිපෙහෙළි කරමින් සිටි සිව් දෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා මැදවච්චිය බීට්ටු වන කාර්යාලය වෙත භාරදී ඇත. එමෙන්ම විශේෂකාර්ය බලකායේ ත්‍රීකුණාමලය කඳවුරේ නිලධාරී කණ්ඩායමක් උප්පුවේලි පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් පෙරමින් සිටි පුද්ගලයින් දෙදනකු මත්පැන් පෙරීමට උපයෝගි කරගත් භාණ්ඩද සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා උප්පුවේලි පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. කන්තලේ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් අග්බෝපුර පොලිස් වසමේ බලපත්‍ර රහිතව කොන්දේසී උල්ලංඝනය කරමින් වැලි පටවමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අග්බෝපුර පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. මහඔය කඳවුරේ නිලධාරී හා මහඔය පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් සිදුකරනු ලැබු වැටලීම් දෙකකදී මහඔය පොලිස් වසමේ බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කරමින් වැලි ප්‍රවහනය කරමින් සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහඔය පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments