පොලිස් විශේෂ කාර්ය බලකාය
විශේෂ මෙහෙයුම් අංශ 1හි
නිලධාරීන්ට ලැබුණු තොරතුරකට
අනුව බොරැල්ල පොලිස් වසමේ
කොටාපාර බොරැල්ල ටයර් හවුස්
ඉදිරිපිට වැටලීමක් සිදුකොට
මෙත්ඇම්පිටමින් හෙවත් අයිස්
මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි
දෙදනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර
විමර්ශන කටයුතු සඳහා පොලිස්
මත්ද්‍රවය නාශක කාර්යාංශය වෙත
භාරදී තිබේ. එහිදි අයිස් ග්‍රෑම්
එකසිය හතරක් හා ත්‍රීරෝද රථයක්
ද සොයාගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය මූලස්ථාන
කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලිම්
ඒකකයේ (කොළඹ කලාපය)
නිලධාරීන්ට ලැබුණු තොරතුරකට
අනුව නිලධාරී පිරිසක් (07)
කටාන පොලිස් වසමේ ජයරත්න
පාර, මීගමුවදී වැටලීමක් සිදුකර
තීරුබදු නොගෙවා මෙරටට
ගෙන්වා ඇති කහ තොගයක්
ජාවාරම් කිරීම හා ළඟ තබාගෙන
සිටි අයකු අත්අඩංගුවට
ගෙනවැඩිදුර විමර්ශන සඳහා
කටාන පොලිස් ස්ථානය වෙත
භාරදී තිබේ. එහිදි කහ කිලෝ ග්‍රෑම්
දෙසිය පනස් හතරක් අත්අඩංගුවට
ගෙන තිබෙන අතර එහි වටිනාකම
දළ වශයෙන් රුපියල් කෝටි
දෙකක් පමණ වේ. වැලිකඩ
බන්ධනාගාර සංකීර්ණයේ නව
මැගසින් බන්ධනාගාරයේ රාජකාරි
යෙදි සිටින නිලධාරී කණ්ඩායමක්
බන්ධනාගාර රැඳවියන් සෝදිසි
කරන ස්ථානයේදී වැටලීමක් කර
දුම්කොළෙ කැබැලි හතරක් කොළ
පැහැති ෂොපින් කවර කෑල්ලක
ඔතා ගුද මාර්ගයේ සඟවාගෙන
සිටියදී අයකු අත්අඩංගුවට ගෙන
තිබේ. කහවත්ත කඳවුරේ
නිලධාරින්ට ලැබුණු තොරතුරකට
අනුව නිලධාරි පිරිසක් කහවත්ත
පොලිස් වසමේ ප්‍රදේශයේ කුරුඳු
ඉඩමේ වැටලීමක් කර නීති විරෝධි
මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු
අත්අඩංගුවට ගෙන ඇත. එහිදි නීති
විරෝධි මත්පැන් මිලි ලීටර්
33,750ක් සොයාගෙන ඇත.
එම කඳවුරේ නිලධාරීන් එම
ප්‍රදේශයේදීම තවත් වැටලීමක්
සිදුකර නීතීවිරෝධි මත්පැන්
පෙරීමේ උපකරණ ළඟ තබාගෙන
සිටි අයකු අත්අඩංගුවට ගෙන
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා
කහවත්ත පොලිස් ස්ථානයට භාරදී
තිබේ. එහිදි නීති විරෝධි මත්පැන්
මිලිලීටර් 18,750යි, ගෝඩා
මිලිලිටර් 135,000යි, යකඩ
බැරල් එකයි, තඹ දඟර එකයි
අත්අඩංගුවට ගෙන ඇත. දකුණු
පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ
නිලධාරීන්ට ලැබුණු තොරතුරකට
අනුව නිලධාරි පිරිසක් හබරාදුව
පොලිස් වසමේ හෝටලයක් තුල
වැටලීමක් කර හෙරොයින් හා
තහනම් කඩුළඟ තබාගෙන සිටි
අයකු අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු මීට පෙරත් කේරළ ගංජා ළඟ
තබාගැනීමක් සම්බන්ධව නඩු
විභාග වී ඇති අතර කෝලහල
සම්බන්ධ අවසන්වු නඩු දෙකක්ද,
මේ වර්ෂයේදීම ටී-කටස් වර්ගයේ
ගිනි අවි දෙකක් හා තහනම් කඩු
දෙකක් සමග අත්අඩංගුවට පත්ව
වරදකුරවි තිබේ. මෙහිදි හෙරොයින්
මිලිග්‍රැම් 1,980ක්, විවිධ
වර්ගයේ කඩු දෙකක් සොයාගෙන
තිබේ. අගුණකොළ පැලැස්ස බන්ධානාගර සංකිර්ණයේ රාජකාරි යෙද් සිටින නිලධාරී කණ්ඩායමක් බන්ධනාගාර රැඳවියන් සෝදිසි කරන ස්ථානයේදී වැටලීමක් කර කොළඹ වටරැක බන්ධනාගාරය වෙත රැගෙන ගොස් නැවත අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන එමෙන් අනතුරුව බන්ධනාගාරය තුලට ඇතුළු කිරීමට පෙර රැඳවියන් හා කාර්ය මණ්ඬලය පරීක්ෂා කරන ස්ථානයේදී ඔහුගේ ඇඳුමේ වාටියේ පොලිතින් කැබැල්ලක ඔතන ලැබු දුම්කොළ කුඩු සඟවාගෙන සිටියදි අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා බන්ධනාගාර පොලිස් නියාමක වෙත භාරදී තිබේ.
එමෙන්ම ගම්පොල කඳවුරේ නිලධාරි පිරිසක් ලැබුණු තොරතුරකට අනුව ගලහා පොලිස් වසමේ නිල්ලඹ ගොවි සෙවන අසල මාර්ගයේ වැටලීමක් සිදුකර බලපත්‍ර රහිතව ටිපර් රථයක් මගින් වැලි ප්‍රවහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ගලහා පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. එහිදි වැලි කියුබ් එකයි ටිපර් රථ එකක්ද අත්අඩංගුවට ගෙන ඇත. දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සීගිරිය පොලිස් වසමේ අලකොළවැව දෙහිගහ ඇළ, වෑවල ප්‍රදේශයේදි වැටලිමක් සිදුකොට නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා සීගිරිය පොලිසියට භාරදී තිබේ. එහිදි ගෝඩා මිලිලිටර් 195,000යි තඹ දඟරයයි, යකඩ බැරල් එකයි අත්අඩංගුවට ගෙන ඇත.වාලච්චේන කඳවුරේ නිලධාරි පිරිසක් ලැබුණු තොරතුරකට අනුව වාලච්චේන පොලිස් වසමේ වාකනේරි ග්‍රාමසේවා වසමේ කෝංගල ප්‍රදේශයේ වැටලීමක් සිදුකර නීති විරෝධි මත්පැන් හා ඒවා පෙරීමට ගන්නා උපකරන ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වාලච්චේන පොලිස් ස්ථානයට භාරදී තිබේ.එහිදි නීති විරෝධි මත්පැන් මිලිලීටර් 53,250ක්, බූලි දෙකයි, යකඩ බැරල් හතරයි, තඹ දඟර දෙකක් සොයාගෙන ඇති. පුල්මුඩේ කඳවුරේ නිලධාරි ලැබුණු තොරතුරකට අනුව පුල්මුඩේ පොලිස් වසමේ තෙන්නමරම්වාඩිය සිංහපුර හංදිය ප්‍රදේශයේ වැටලීමක් සිදුකර කේරළ ගංජා ග්‍රෑම් දෙසීයක් ළඟ තබාගත් අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පුල්මුඩේ පොලිසිය වෙත භාරදී තිබේ. කිලිනොච්චිය කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව කිලිනොච්චිය පොලිස් වසමේ වැටලිමක් කර නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා ගෝඩා හා එම උපකරණ සැකකරුවන් නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. එහිදි ගෝඩා මිලිලීටර් 995,000ක් තඹ දඟර දෙකක් හා යකඩබැරල් හයක් අත්අඩංගුවට ගෙන ඇත.