22 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeTOPලිට්‍රෝ ගෑස් සමාගමට ගෑස් සැපයීම සිදුකරන ආයතනය හරහා සිදුවීමට ගිය රුපියල් කෝටි...

ලිට්‍රෝ ගෑස් සමාගමට ගෑස් සැපයීම සිදුකරන ආයතනය හරහා සිදුවීමට ගිය රුපියල් කෝටි දහසක අපරාධ චෝදනාව සම්බන්ධව ලංකා ජනතා පක්ෂය (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරයි.

ලිට්‍රෝ ගෑස් සමාගමට ගෑස් සැපයීම සිදුකරන ආයතනය හරහා සිදුවීමට ගිය රුපියල් කෝටි දහසක අපරාධ චෝදනාව සම්බන්ධව ලංකා ජනතා පක්ෂය (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඒ අනුව ඉකුත් (06) රූපවාහිනි මාධ්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශවලදී ලිට්‍රෝගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා තමය සමාගමේ ගෑස් සැපයුම අඩපණවීම සම්බන්ධයෙන් හේතු සඳහන් කරමින් අදහස් දැක්වූයේය. ඒ අනුව එම ප්‍රවෘත්තිය පිළිබඳ රූපවාහිනි මාධ්‍යක ප්‍රචාරයවු අදහස් ඇතුළත් සංයුක්ත පටයකට ගොනුකර මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
එම පැමිණිල්ලේ මෙසේ කරුණු සඳහන්වේ.
මෙහිදි එම ප්‍රකාශයෙන් සභාපතිවරයා තම සමාගමේ ගෑස් සැපයුම ඔක්.28 සිට මේ මස (01) දක්වා අඩපණවු බව ප්‍රකාශ කර ඇත. එමෙන්ම ලීට්‍රෝ ගෑස් සමාගමට ගෑස් සපයන ආයතනයේ කොන්ත්‍රාත් කාලය වසර දෙකකින් දීර්ඝ කරන ලෙස යම් කණ්ඩායමක් හරහා තමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඬලයට බලපෑම් එල්ලකර බව සභාපතිවරයා අදාල ප්‍රකාශයෙන් හෙලි කර ඇත. අදාල කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමෙන් රටට රුපියල් කෝටි දහසක මුදලක් අහිමිවීමට ගිය බව සභාපති වරයා ප්‍රකාශ කර ඇත.

එම කරුණු අධ්‍යනය කිරීමෙන් ලංකා ජනතා පක්ෂයට මෙම ප්‍රශ්න මතුවි තිබේ. අදාල කොන්ත්‍රාත්තුව වසර දෙකකට දීර්ඝ කරන ලෙස ලිට්‍රෝ ගෑස් සමාගමේ වත්මන් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඬලයට බලපෑම් කළේ කව්ද?
අදාල කොන්ත්‍රාත්තුව හරහා රටට අහිමි වීමට ගිය රුපියල් කෝටි දහසක අපරාධ ගනුදෙනුව දියත් කළේ කව්ද?
අදාල ගෑස් සැපයුම් කොන්ත්‍රාත්තුවට පෙර ගෑස් සැපයුම් කොන්ත්‍රාත්තුව සිදුකළ ආයතන හරහා රටට මුදල් අහිමිවි තිබේද?
එසේනම් එය කොපමණ අලාභයක්ද?
මීට පෙර ලිට්‍රෝ ගෑස් සමාගමට ගෑස් සැපයු ආයතන හරහා රටට අලාභයක් සිදුකර ඇත්නම් එම අලාභය සිදුකළ පුද්ගලයන් කව්ද?
මෙසේ මතුවි ඇති ගැටලු සම්බන්ධයෙන් කරුණු සොයා බලා අදාල වැරැදි කරුවන් වේ නම් ඒ අයට අපරාධ චෝදනා ගොනුකරන ලෙස පැමිණිල්ලෙන් වැඩිදුරටත් එම පක්ෂ නියෝජිතයින් ඉල්ලා සිටියි.

එම පක්ෂය වෙනුවෙන් මහා ලේකම් අජිත් ජයසුන්දර , ජාතික සංවිධායක මාෂල් ජනතා හා භාණ්ඩාගාරික නීතිඥ අනුරාධා ගුරුගේ යන මහත්මීන් මෙම පැමිණිල්ල සිදුකිරීමට පැමිණ සිට ඇති අතර එහිදි මාධ්‍ය වෙත අදහස් දැක්වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments