ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, ශ්‍රීලංකා පරිගණක සංගමය (Computer Society of Sri Lanka – CSSL) 39 වන වරටත් සංවිධානය කළ ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන අනුග්‍රහහකයා ලෙස කටයුතු කළේය. මෙම සම්මන්ත්‍රණය, ශ්‍රීලංකාවේ පමණක් නොව මෙම කලාපයේම තොරතුරු තාක්ෂණය සම්බන්ධ ප්‍රමුඛතම සහ ජනප්‍රියතම ඉසව්වක් ලෙස සැළකෙන අතර, COVID-19 තත්ත්වය හේතුවෙන් මෙවර සම්මන්ත්‍රණය මෙම (11) සහ 12 දෙදිනතුළVirtualසම්මන්ත්‍රණයක් ලෙස පැවැත්විණි.
මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස, තරුණ හා ක්‍රීඩාඅමත්‍ය , සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල්රාජපක්ෂ සභාගීවූ අතර, උත්සවයේ ආරාධිතයෙකු ලෙස සහභාගීවූ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් සහ ICTA සභාපති ජයන්ත ද සිල්වා මහතා එහි ප්‍රධාන දේශනය සිදුකළේය.
SLT-MOBITEL මෙවර CCSL National IT Conference බලගන්වයි.
RELATED ARTICLES