විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගැනිමට ඕස්ට්‍රේලියාව සමත්වෙයි.
ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම තීරණය කලේ පළමුවෙන් පහරදිමේ අවස්ථාව නවසීලන්තයට ලබාදීමටයි. පන්දුවට පහරදිමට සඳහා ක්‍රීඩාපිටියට පැමිණි නවසීලන්තයේ ආරම්භක පිරිකරුවන් එතරම් සාරථකවූ බවක් පෙනුනේ නැහැ. පළමු කඩුල්ල 28දී දැවි ගියා. මුළු ලකුණු 76වනවිට දෙවන කඩුල්ලත් දැවි ගියා. ඉන්පසු නවසීලන්ත නායකයා පන්දු 48ක් තුල ලකුණු 85ක් ලබාගැනිමට සමත්වුණා. ඔවුන් නියමිත පන්දුවාර විස්සේදි ලකුණු172ක් රැස් කර ගත්තා.
ජයග්‍රාහි 173ක් කරා හඹා ගියා ඕස්ට්‍රේලියානුවන්ගේ ආරම්භයද එතරම් සාර්ථක නොවු අතර පළමු කඩුල්ල ලකුණු 15කටදැවි ගියා. ඉන්පසු පිටියට පැමිණි ඩේවිඩ් වෝනර් හා මිචේල් මාෂ් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන ගියහ. මාෂ් නොදැවි පන්දු 50කදී ලකුණු 77ක් ලබාගත්තේය. ඩේවිඩ් වෝනර් පන්දු 38කදී ලකුණු 53ක් ලබාගත්තේය.