22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsතහනම් කෘෂිරසායනික ද්‍රව්‍ය අලෙවිකරන ස්ථාන සහ එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදීන් අතහැර දමා තිබු යැයි සැකකෙරෙන...

තහනම් කෘෂිරසායනික ද්‍රව්‍ය අලෙවිකරන ස්ථාන සහ එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදීන් අතහැර දමා තිබු යැයි සැකකෙරෙන පුද්ගල නාශක බෝම්බ එස්.ටි.එෆ්. සොයාගනී.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිය

දෛනික වැටලිම්වලදි වාලච්චේන

කඳවුරේ නිලධාරින් වෙත ලැබුණු

තොරතුරක් අනුව එම පොලිස් වසමේ

පුලක්කාඩු පොන්ඩුවච්චේන, කිරාන්

ප්‍රදේශයේ වැටලිමක් සිදුකොට

එල්.ටි.ටි.ඊ. යුද සමයේ ත්‍රස්තවාදින්

අතහැර දමාගිය බවට සැකකෙරන

පුද්ගල නාශක බෝම්බ හතරක්

සැකකරුවන් රහිතව සොයාගෙන

වැඩිදුර විමර්ශන සඳහා වාලච්චේන

පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ.

ත්‍රිකුණාමලය කඳවුරේ නිලධාරින්ට

නාවික හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු

තොරතුරකට අනුව නිලධාරි පිරිසක්

සාම්පූර් පොලිස් වසමේ ආලංකුලම,

කැලෑබද ප්‍රදේශයේ වැටලීමක්

සිදුකොට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී

යුදසමයේ අතහැර දමාගිය බවට

සැකකෙරෙන 81 මි.මි. මෝටාර්

උණ්ඩයක් සොයාගෙන වැඩිදුර

විමර්ශන කටයුතු සඳහා සාම්පූර්

පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ.

සෙට්ටිකුලම කඳවුරේ නිලධාරින්

වෙත ලැබුණු තොරතුරකට අනුව

නිලධාරි පිරිසක් ගලෙන් බිඳුණු වැව

පොලිස් වසමේ කන්ණිමඩුව

ප්‍රදේශයේ මල්ටි ඇග්‍රෝ වෙළෙඳ

ආයතනය වටලා එහිදි නීති විරෝධි

තහනම් කෘෂි රසායනික ද්‍රව්‍ය

තොගයක් අලෙවිය සඳහා ළඟ

තබාගෙන සිටි අයකු අත්අඩංගුවට

ගෙන වැඩිදුර විමර්ශන සඳහා

අනුරාධපුර අන්තර්පළාත් නියෝජ්‍ය

කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය

නියෝජ්‍ය අධ්‍යක්ෂ වෙත භාරදි ඇත.

එහිදි ඩයිසිකෝන් (තහනම් ක්රේටර්)

කිලො දෙකේ පැකට්

තුනයි,ග්ලයිෆොසෙට්(ඒ.එන්.යු 71)

ග්‍රැම් සීයේ පැකට් 15යි,කොන්ෆෝ

හැටේ මිලි ලිටර් තුන්සීයේ බෝතල්

22යි, කොන්ෆෝ 60, ලීටර් එකේ

බෝතල් 08යි, ග්‍රාන්ටි ග්‍රෑම් 112

පැකට් 30යි,චෑමි කොපර්

හයාඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් සීයේ පැකට්

02යි. සෙට්ටිකුලම කඳවුරේ නිලධාරී

තවත් වැටලිමක් කොකාවැව පොලිස්

වසමේ යටලෑවේදී දනිඳු මධ්‍යස්ථානය

වෙළෙඳ ආයතනය තුලදි වැටලීමක්

සිදුකර නීති විරෝධි තහනම් කෘෂි

රසායනික ද්‍රව්‍ය තොගයක් අලෙවිය

සඳහා ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන

සඳහා අනුරාධපුර අන්තර් පළාත්

නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ

කාර්යාලය, නියෝජ්‍ය කෘෂිකර්ම

අධ්‍යක්ෂ වෙත භාරදි ඇත. එහිදි

ප්‍රොෆිටි 500 ඊසි ලීටර් එකේ

බෝතරල් 7යි, ග්‍රාන්ටි ග්‍රෑම් 112

පැකට් 397ක් සොයාගෙන ඇත.
එමෙන්ම බුද්ධි කොට්ඨාශයේ

නිලධාරින්ට ලැබුණු තොරතුරකට

අනුව එම නිලධාරි පිරිසක්

මාලිගාවත්ත පොලිස් වසමේ වකුගඩු

රෝහල ඉදිරිපිට වැටලිමක් සිදුකොට

කේරළ ගංජා ග්‍රෑම් 250ක් ළඟ

තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙ

වැඩිදුර විමර්ශන සඳහා මාලිගාවත්ත

පොලිසිය වෙත භාරදි තිබේ. පූගොඩ

කඳවුරේ නිලධාරි පිරිසක් වෙත

ලැබුණු තොරතුරකට අනුව නිලධාරි

පිරිසක් එම පොලිස් වසමේ

පැපිලියවල පන්සල අසල වැටලීමක්

සිදුකොට නීති විරෝධි මත්පැන් මිලි

ලීටර් 33,750 ළඟ තබාගෙන සිටි

අයකු වැඩිදුර විමර්ශන සඳහා පූගොඩ

පොලිසිය වෙත භාරදි ඇත.

ශාස්ත්‍රවෙල කඳවුරේ නිලධාරින්

ලැබුණු තොරතුරක් අනුව නිලධාරි

කණ්ඩායමක් පොතුවිල් පොලිස්

වසමේ කරන්කෝව රජයේ රක්ෂිත

ප්‍රදේශයේ වැටලීමක් සිදුකර රජයේ

රක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවි

ඉඩම් අත්පත් කර ගැනීමේ අරමුණින්

රජයේ රක්ෂිත කැලෑ එළි පෙහෙලි

කරමින් සිටි පුද්ගලයින් තිදෙනකු

අත්අඩංගුවට ගෙන පොතුවිල් පොලිස්

ස්ථානය වෙත වැඩිදුර විමර්ශන සඳහා

භාරදි තිබේ. දෙනියාය කඳවුරේ

නිලධාරි වෙත ලැබුණු තොරතුරකට

අනුව නිලධාරි කණ්ඩායමක්

පිටබැද්දර පොලිස වසමේ

දෙහිගස්පේ කෝට්ටේගොඩ හන්දියේ

වැටලිමක් සිදුකරමින් බලපත්‍ර රහිතව

ටිපර් රථයකින් වැලි ප්‍රවහනය කරමි

අයකු එම ටිපර් රථය හා වැලි කියුබ්

එකක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments