22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsමෙරට තහනම් කර තිබෙන වල් නාශක තොගයක් එස්.ටි.එෆ්.සොයා ගනී.

මෙරට තහනම් කර තිබෙන වල් නාශක තොගයක් එස්.ටි.එෆ්.සොයා ගනී.

ශ්‍රී ලංකාවේ තහනම් කරන ලැබු දළ වටිනාකම රු.562,450.00 පමණ වටිනා වල්නාශක තොගයක් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලැබුණුතොරතුරක් අනුව කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. අරුණ ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් (17 ) චුන්නාගම් පොලිස් වසමේ දුම්රිය ස්ථානය පාර, චුන්නාගම් යන ස්ථානයේ දී සහ අංක 39, කන්නසන්තුරය පාර, චුන්නාගම් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර
එහි දී තීරුබදු රහිතව මෙරටට ගෙන්වන තිබෙන තහනම් ඇමෝනියම් ග්ලයිපෝසේට් අලෙවිකල පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය දිස්ත්‍රීක් කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරිය වන එස්. කයිලේෂ්වරන් නිලධාරිණිය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවෝ වයස අවුරුදු 60 ක් හා 48 චංකානි ,සංකාන ප්‍රදේශවල පදිංචි අයවේ. ඔවුන් සමග ග්‍රෑම් 100 බැගින් වූ ඇමෝනියම් ග්ලයිපොසේට් පැකට් 1,251 යි.

අත්අඩංගුවට ගත් භාණ්ඩ වල දළ වටිනාකම රු.562,450.00 පමණ වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments