ලංකා සතොස නව ශාඛා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට දෙකක් බැගින් විවෘත කොට එම අලෙවි ජාලය දහසක් දක්වා පුළුල් කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන
මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ප්‍රකාශ කළේ දිවයින් පුරා ලංකා සතොස නව ශාඛා 25ක් විවෘත කිරීමේ සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් ඉකුත්(18) අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ ලංකා සතොස නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාව සඳහා එක් වෙමිනි.
මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තිය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය සනිටුහන් කරමින්, මුළු දිවයින ම ආවරණය වන පරිදි ලංකා සතොස නව ශාඛා 25ක් පෙරේදා හා ඊයේ(19) දිනයන් තුළ විවෘත කෙරිණි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය…….. ශ්‍රී ලංකාව ඒකීය රටක් බවට පත් කළ යුගයේ සදාදරණීය නායක වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගොඩනැඟූ ආර්ථිකය, පසුගිය යහපාලන රජය කිසිදු අර්බුදයක් නොමැතිවත් වසරින් වසර කඩා වැට්ටූ වූවා. නැවත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට භාර ගත් පසුව මෙරට ආර්ථිකය දැඩි පරිශ්‍රමයකින් යළි ගොඩනැඟීමේ කර්තව්‍යය ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, ගෝලීය ආර්ථික අවපාතය හමුවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම නව ශාඛා 3 බැගින් ලංකා සතොස නව අළෙවිසැල් විවෘත කරනු ලබනවා. එතුළින් ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ අවශ්‍යතා ඉටු කිරීම සඳහා රජයේ වගකීම ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා. රට තුළ විවිධ උද්ගෝෂණ සිදු කරමින් කටයුතු කරනු ලබන්නේ හුදෙක්ම වගකීම් විරහිත විපක්ෂයක පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා වන බව පහැදිලියි. මුළු ලෝකය පුරාම සමස්ත රටවල් තුළ නිෂ්පාදනය, සැපයුම් ජාල කඩා වැටී බඩගින්න, මන්දපෝෂණය වැඩි වී ඇති මෙවන් අවස්ථාවක කොවිඩ්19 වෛරසයෙන් ආරක්ෂා වීමට සෑම රටක්ම කටයුතු කරමින් සිටියදී, වෛරසය පැතිරීම පදනම් කරගෙන උද්ගෝෂණ කරන එකම රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමට විපක්ෂය කටයුතු කරනවා. දැවැන්ත ලෝක බලවතුන් කඩා වැටෙද්දී, පිරිමැසුම් දායීකව කටයුතු කරමින් මෙරට ජනතාව රැක ගැනීමට හැකි සෑම පියවරක්ම ගනිමින් සිටිනවා. ඒ අනුව ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගුණාත්මක බවින් ඉහළ හා අවම මිළ ගණන් යටතේ ලබා දීමේ වගකීම ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජය කටයුතු කරනු ලබනවා. මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා ඉදිරි වසර තුළ ලංකා සතොස අළෙවි ශාඛා1000ක් දක්වා වර්ධනය කරනු ලබනවා.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා, ලංකා සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා, මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති හේරත් සේනාරත්න මහතා, රඹෑව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.


