28 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeක්‍රීඩා පුවත්ලෝක ආරක්ෂක සේවා මල්ලවපොර තරඟාවලියට සහභාගී වන ශ‍්‍රි ලංකා ගුවන් හමුදා ක‍්‍රිඩකයෝ...

ලෝක ආරක්ෂක සේවා මල්ලවපොර තරඟාවලියට සහභාගී වන ශ‍්‍රි ලංකා ගුවන් හමුදා ක‍්‍රිඩකයෝ දිවයිනෙන් පිටත්ව යති.

35 වන ලෝක ආරක්ෂක සේවා මල්ලවපොර තරගාවලිය සදහා ශ‍්‍රි ලංකාව නියෝජනය කිරීමට සුදුසුකමි ලැබු ශ‍්‍රි ලංකා ගුවන් හමුදා ක‍්‍රිඩකයින් හට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ගුවන් හමුදා මුලස්ථානයේදි පසුගියදා සුබ පැතුමි එක් කරන ලැබුවේය. මෙම තරෙඟාවලිය සදහා ගුවන් හමුදා ක‍්‍රිඩකයින් හතර දෙනෙකු (04) සුදුසුකම් ලබා ඇති අතර ඔවුන් (18 ) ඉරානයේ ටෙහෙරාන් නුවර බලා පිටත්ව යාමට නියමිතව ඇත.
(19) වන දින සිට (26 ) දක්වා පැවැත්වෙන මෙම තරඟාවළිය සදහා කෝප‍්‍රල් උදාර ප‍්‍රනාන්දු (ක‍්‍රි.ග‍්‍රෑ 61 බර පංතිය), නායක ගුවන් භට ලක්මාල් විජේසූරිය (ක‍්‍රි.ග‍්‍රෑ 74 බර පංතිය), නායක ගුවන් භට නිෂාන් වල්පිට (ක‍්‍රි.ග‍්‍රෑ 92 බර පංතිය), නායක ගුවන් භට රුවන් කල්යාන (ක‍්‍රි.ග‍්‍රෑ 125 බර පංතිය) යන ගුවන් හමුදා ක‍්‍රිඩකයින් තරග වැදිමට නියමිතව ඇත.

මල්ලවපොර කණ්ඩායෙමි ප‍්‍රධාන නිළධාරී ලෙස එයාර් කොමඩෝර් උදුල විජේසිංහ මහතා ද කණ්ඩායම් නායකයා ලෙස ගෲප් කැප්ටන් එරන්දික ගුණවර්ධන මහතාද, කණ්ඩායම භාර හා ප‍්‍රධාන පුහුණුකරු ලෙස නායක ගුවන් භට විජේසිරි ප‍්‍රනාන්දු ඇතුලූව හත් (07) දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම සංචාරය සඳහා එක් වීමට නියමිතව ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments