මිලකළ නොහැකි ගජමුතු විකිණීමට
සූදානම්ව සිටි සැකකරුවන් තිදෙනකු
අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය
බලකා නිලධාරීන් සමත්වී තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය අණදෙන
නිලධාරී නීතිඥ නියෝජ්‍ය පොලිස්පති වරුණ
ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස්
පරිදි විශේෂ විශේෂ කාර්ය බලකාය කල්මුණ
කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් එරගම
පොලිස් වසමේ අෂ්රොෆ් අනුස්මරණ
ක්‍රීඩාංගනය ඉදිරිපිට දී මිලකල නොහැකි
වටිනාකමකින් යුතු ගජමුතු සන්තකයේ
තබාගෙන ඒවා විකිණීමට උත්සාහ කළ
පුද්ගලයන් තිදෙනෙකු එම ගජමුතු ද සමග
අත්අඩංගුවට ගෙනඑම මිළ අධික ගජමුතු
ගැනුම් කරුවන් වෙත විකිණීමට ක්‍රියා
කිරීමේදී මහත් පරිශ්‍රමයක් දරා පොලිස්
කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට
ගෙන එහිදී ගජමුතු දහයක් අත්අඩංගුවට
ගෙන තිබෙන අතර එම ගජමුතු සහ
සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන
කටයුතු කිරීම සඳහා එරගම පොලිස්
ස්ථානය වෙත බාරදී ඇත.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය
නිලධාරින් (22) පුත්තලම කඳවුරේ
නිලධාරි කණ්ඩායමක් කරුවලගස්වැව
පොලිස් වසමේ ත්‍රීරෝද රථයකින් බලපත්‍ර
රහිතව විදේශ රටක නිෂ්පාදිත(බට්කොටස
නොමැති) ගිණි අවියක් ළඟ තබාගෙන
ප්‍රවාහනය කරමින් සිටි දෙදනකු
අත්අඩංගුවට ගෙනතිබේ. කුරුණෑගල
කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස්
වසමේ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් එකයි
ග්‍රෑම් 486ක් ළඟ තබාගෙන සිටි අයකු
අත්අඩංගුවට ගෙන ඇත. එම කඳවුරේ
නිලධාරි කණ්ඩායමක් පොතහැර පොලිස්
වසමේ නිති විරෝධි මත්පැන් මිලි ලීටර්
30,000ක් ළඟ තබාගෙන යතුරු
පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි දෙදනකු
අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය
බලකාය මූලස්ථාන කඳවුරේ නිලධාරි
කණ්ඩායමක් පෑලියගොඩ පොලිස් වසමේ
කේරළ ගංජා ග්‍රෑම් 51ක් ළඟ තබාගෙන
සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන
තිබේ.කිලිනොච්චි කඳවුරේ නිලධාරි පිරිසක්
පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ සැකකරුවන්
නොමැතිව පසුගිය යුධ සමයේ භාවිතා කර
අතහැර දමනු ලැබු ආර්.පි.ජි. උණ්ඩ දෙකක්
සොයාගෙන තිබේ.
එමෙන්ම වාකරේ කඳවුරේ නිලධාරි පිරිසක්
එම පොලිස් වසමේ කේරළ ගංජා ග්‍රෑම්
05යි මිලිග්‍රෑම් 730ක් ළඟ තබාගෙන සිටි
අයකු අත්අඩංගුවට ගෙන ඇත.
අක්කරපත්තුව කඳවුරේ නිලධාරි පිරිසක් එම
පොලිස් වසමේ බලපත්‍ර රහිතව වැලි කැණීම්
කර පටවමින් සිටියදි ට්‍රැක්ටර් රථයක් හා
පුද්ගලයකු අත්අඩංගුවට ගෙන
තිබේ. අක්මීමන කඳවුරේ නිලධාරි පිරිසක්
එම පොලිස් වසමේ නීති විරෝධි මැත්පැන්
නොහොත් කසිප්පු මිලි ලීටර් 8,250ක් ළඟ
තබාගෙන සිටි අයෙක් අත්අඩංගුව ගෙන
තිබේ.