රුපියල් ලක්ෂ දහයකට වැඩි වටිනා කමකින් යුතු නීති විරෝධී ලෙස විදේශීය රටකින් මෙරටට ආනයනය කරන ලැබු වියළි කහ තොගයක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කළුතර කලාපය භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අතුල රත්නායක මහතාට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අළුත්ගම කඳවුරේ කදවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ජේ.ඩී.ඩබ්.එස්. ජයකොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් (22) පයාගල පොලිස් වසමේ මග්ගොන මුහුදු වෙරළ තීරය අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නීති විරෝධී ලෙස විදේශීය රටකින් තීරුබදු නෙගෙවා බොටිටු මගින් ආනයනය කරන ලද වියළි කහ කිලෝ 170 ක් සමග මෝටර් රථයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු වන මිරිස්වත්ත, කමුරුපිටිය ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 25 ක් වන පුද්ගලයකු සහ වීදියවත්ත, උඩුගම්පල ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 29 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පයාගල පොලිස් ස්ථානය වෙත වෙත භාර දී ඇත.
මේ අතර විශේෂ කාර්ය බලකාය සිදුකරන දෛනික වැටලීම් වලදී සූරියවැව කඳවුරේ නිලධාරි ්කණ්ඩායමක් තහනම් වල් නාශකයක්වන ග්ලයිෆෝසෙට් ග්‍රෑම් සීය බැගින්වු පැකට් 65ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පුවරසන්කූලම් කඳවුරේ නිලධාරි කණ්ඩායමක් මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සැකකරුවෙකු නොමැතිව අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම කඳවුරේ නිලධාරි පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 530ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කළ අයකු අත්අඩංගුවට ගෙන ඇත. පුල්මුඩේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් හෙරොයින් ළඟ තබාගත් අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි ලීටර් 33.75ක් ළඟ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට ගෙන ඇත. ගම්පොළ කඳවුරේ නිලධාරි පිරිසක් අවලංගු බලපත්‍රයක් භාවිතා කරමින් වැලි ප්‍රවහනය කළ අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අම්බලන්ගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් පස් කැණීම් කර ප්‍රවාහනය කරමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. වාලච්චේන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර රහිතව වැලි කැණීම් කර පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. තලවකැලේ කඳවුරේ නිලධාරි පිරිසක් කෘතිම රා ලීටර් තිහයක් ළඟ තබාගත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් වැටලීම් දෙකක් සිදුකර නීති විරෝධි මත්පැන්133.5ක් ළඟ තබාගත් පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ත්‍රීකුණාමලය කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැටලීම් තුනක් සිදුකොට නීති විරෝධි වැලි කැණීම් කර ප්‍රවාහනය කළ පුද්ගලයින තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.