22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්රුපියල් මිලියන 14,060,000 ක මුදලක් මෙරටින් ගෙනයෑමට උත්සහය රේගු නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් වළකී.

රුපියල් මිලියන 14,060,000 ක මුදලක් මෙරටින් ගෙනයෑමට උත්සහය රේගු නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් වළකී.

රුපියල් මිලියන 14,060,000 ක මුදලක් මෙරටින් ගෙන යෑමට දැරු උත්සහයක් රේගු නිලධාරීන්ගේ සුපරික්ෂාකාරිකම නිසා අල්ලා ගැනීමට හැකිවි තිබේ.

එමිරේට්ස් ගුවන් සේවයේ EK649 ගුවන් යානයෙන් අද(23) උදෑසන 1.30ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිටත් වීමේ පර්යන්තය හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරය බලා පිටත් වීමට පැමිණි ගුවන් මගියෙක් ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් පරීක්ෂා කිරීමේ දී ඔහුගේ ගමන් මල්ලක ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මුදල් තොගයක් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක
නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ
සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කරයි.

එම මුදල් තොගය තුල ඇමෙරිකානු ඩොලර් 20,000 සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 10 ක්‌ අඩංගුව තිබූ අතර ඒ අනුව එම මුදල් තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 14,060,000 බව ගණන් බලා ඇත. රේගුවට සඟවා නීති විරෝධී ලෙස මුදල් මෙරටින් පිට කිරීමට දරන ලද මෙම උත්සාහය රේගු නිලධාරීන්ගේ සුපරීක්ෂාකාරී බව නිසා වැලක් වීමට හැකි විය. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිහිටි රේගු කාර්යාලයේ නිලධාරීන් සිදු කරනු ලබති.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments