පොලිස් විශේෂ කාර්ය බලකාය
දෛනික වැටලිම්වලදි එම බලකායේ
බුද්ධි කොට්ඨාශයේ නිලධාරින් වෙත
ලැබුණු තොරතුරක් අනුව
නිලධාරිපිරිසක් (23)
කොම්පඤ්ඤවිදිය පොලිස් වසමේ
පල්ලිය පාරේ වැටලිමක් සිදුකොට
හෙරොයින් මිලි ග්‍රෑම් 3.400ක් හා
එම ජාවාරමෙන් උපයාගත් මුදල්
52,950ක් ළඟ තබාගෙන සිටි
කාන්තවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර
විමර්ශන සඳහා කොම්පඤ්ඤවිදිය
පොලිස් ස්ථාන වෙත භාරදි තිබේ.
කාර්ය බලකායේ මූලස්ථාන කඳවුරේ
නිලධාරින්ට ලැබුණු තොරතුරක් අනුව
නිලධාරි පිරිසක් කටාන පොලිස්
වසමේ මීගමුවේ කිඹුලාපිටිය
අනෝමා වත්ත ප්‍රදේශයේ වැටලීමක්
සිදුකොට විදේශයේ නිෂ්පාදිත
Manchester වර්ගයේ දුම්වැටි
800ක තොගයක් ළඟ තබාගෙන
සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර
විමර්ශන සඳහා කටාන පොලිස්
ස්ථානය වෙත භාරදි ඇත.
ගෝනහේන කඳවුරේ නිලධාරි වෙත
ලැබුණු තොරතුරකට අනුව නිලධාරි
පිරිසක් රාගම පොලිස් වසමේ ගල්වල
හංදිය අසල වැටලිමක් සිදුකොට නීති
විරෝධි කේරළ ගංජා ග්‍රෑම් 536ක්
ත්‍රීරෝද රථයක්,ජංගම දුරකතනයක්
අත්අඩංගුවට ගෙන තිබේ. වතුකොළ
කන්ද උප කඳවුරේ දකුණු පළාත්
විශේෂ මෙහෙයුම් ඒකකයේ
නිලධාරින් වෙත ලැබුණු තොරතුරකට
අනුව නිලධාරි පිරිසක් ඉමදූව පොලිස්
වසමේ පරගොඩ රජමහා
විහරස්ථානය ඉදිරිපිට දි වැටලිමක්
සිදුකර කෙරළ ගංජා කිලෝ ග්‍රෑම්
03යි ග්‍රෑම් 50ක් යතුරු
පැදියක්,ජංගම දුරකතනයක් මෙහිදි
අත්අඩංගුවට ගෙන ඇත. තංගල්ල
කඳවුරේ නිලධාරීන්ට ශ්‍රී ලංකා යුද්ධ
හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන්
ලැබුණු තොරතුරක් අනුව නිලධාරින්
පිරිසක් වීරකැටිය පොලිස් වසමේ
නිල්මිණි , මුල්කිරිගල යන ලිපිනයේ
වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත 9
එම් ඒම වර්ගයේ උණ්ඩ යෙදිය හැකි
කටස් වර්ගයේ ගිනි අවියක්, බෝර
12 උණ්ඩ යෙදිය හැකි කටස්
වර්ගයේ ගිනිඅවියක්,මෙරට නිෂ්පාදිත
වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක්,
මි.මි.09 * 19 වර්ගයේ ජීව
උණ්ඩ අටක්,බෝර 12 උණ්ඩ තුනක්
අත්අඩංගුවට ගෙන තිබේ. සූරියවැව
කඳවුරේ නිලධාරි වෙත ලැබුණු
තොරතුරක් අනුව නිලධාරි
කණ්ඩායමක් සෙවනගල පොලිස්
වසමේ කිරි ඉබ්බන්ආර වැව් ඉස්මත්ත
ප්‍රදේශයේ වැටලීමක් සිදුකොට
මාදැල් එකක් හා ටියුබ් එකක්
අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන
සඳහා සෙවනගල ජලජිවි වගා
ව්‍යාපෘති නිලධාරි වෙත භාරදි තිබේ.
දෙනියාය කඳවුරේ නිලධාරි වෙත
ලැබුණු තොරතුරකට අනුව මොරවක
පොලිස් වසමේ මිල්ල ඇල්ල වැලිව
මාර්ගයේ වැටලිමක් කර පස් කියුබ්
එකක් හා ටිපර් රථයක් පුද්ගලයකු
සමග අත්අඩංගුවට ගෙන ඇත.
වාලච්චේන කඳවුරේ නිලධාරි වෙත
ලැබුණු තොරතුරකට අනුව බලපත්‍ර
නොමැතිව වැලි කැණීම් කර ට්‍රැක්ටර්
රථයක්ට පටවිමන් සිටි අයකු
අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන
සඳහා එම පොලිස් ස්ථානය වෙත
භාරදි තිබේ. මෙම වාලච්චේන
පොලිස් වසමේ තවත් වැටලීම්
කිහිපයක්ම සිදුකොට අත්අඩංගුවට
ගැනීම් සිදුකර තිබේ.
එමෙන්ම මේ අතර වාලච්චේන
කඳවුරේ නිලධාරින් වෙත එම පොලිස්
වසමේ වඩමුණේ මිරින්ඩවේලි
ප්‍රදේශයේ වැටලිමක් සිදුකර නීති
විරෝධි මත්පැන් මි.ලීටර්
18000ක් තඹ දඟරයක්, යකඩ
බැරලයක් අත්අඩංගුවට ගෙන වැඩිදුර
විමර්ශන සඳහා වාලච්චේන පොලිස්
ස්ථානය වෙත භාරදි ඇත. හපුතලේ
කඳවුරේ නිලධාරින්ට ලැබුණු
තොරතුරකට අනුව කොස්ලන්ද
පොලිස් වසමේ කැලිපනාවෙල
කෝවිල අසල කුඩා ඔය ප්‍රදේශයේ
වැටලීමක් කර බලපත්‍ර නොමැතිව
ටිපර් රථයකටවැලි පටවමින් අයකු
සමග වැලි කියුබ් එකක්, ටිපර් රථයක්
අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන
සඳහා කොස්ලන්ද පොලිස් ස්ථානයට
භාරදී ඇත. කෑගල්ල කඳවුරේ
නිලධාරින් වෙත ලැබුණු තොරතුරක්
අනුව නිලධාරි පිරිසක් මාවනැල්ල
පොලිස් වසමේ තිරිංගදෙණිය
මාවනැල්ල ගව ඝාතනාගාරයේ
වැටලිමක් සිදුකොට බලපත්‍ර රහිතව
නීති විරෝධි ලෙස ගව
ඝාතනාගාරයක් පවත්වාගෙන යැම,
ගැබ්බර එළ ගවයින් ඝාතනය කිරීමේ
වරදට පුද්ගලයින් හය දෙනකු
අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන
සඳහා මාවනැල්ල පොලිස් ස්ථානය
වෙත භාරදි තිබේ. මෙම පුද්ගලයින්
වයස අවුරුදු
23,28,39,20,57,39 වේ.
එහිදි එළ දෙනුන් 7යි, එළ ගවයෙක්,
යකඩ අත් පොරව දෙකක්, මන්නා
පිහියක්, වානේ පිහි නවයක්, තරාදි
හතරක්, වානේ පීරියක්. ලොරි රථයක්
හා ත්‍රීවීල් රථයක් අත්අඩංගුවට ගෙන
තිබේ. පුත්තලම කඳවුරේ නිලධාරීන්
වෙත ලැබුණු තොරතුරක් අනුව
මාදම්පේ පොලිස් වසමේ පම්බල
කඩොලාන කලපු තීරයේ වැටලීමක්
සිදුකර අයකු සමග නීති විරෝධි
මත්පැන් මිලිලීටර් 75,000ක්,
ගෝඩා මි.ලි. 600,000ක් තඹ
දඟර දෙකක්, යකඩ බැරල්
දෙකක්,ප්ලාස්ටික් බැරල් හතරක්,
ප්ලාස්ටික් බූලි දෙකක් සොයාගෙන
ඇත. කටුකුරුන්ද පුහුණු පාසැලේ
නිලධාරන් වෙත ලැබුණු තොරතුරකට
අනුව නිලධාරි පිරිසක් කළුතර දකුණු
පොලිස් වසමේ
කින්ස්ටන්වත්ත ප්‍රදේශයේ වැටලීමක්
සිදුකර බලපත්‍ර කොන්දේසී
උල්ලංඝණය කරමින් පස් කැණීම්
කරනු ලැබු ස්ථානයකින්
එස්කැවේටර් යන්ත්‍රයක්, සහ ටිපර් රථ
දෙකක්, සමග පුද්ගලයින් සිව්දෙනකු
අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන
සඳහා කළුතර දකුණ පොලිස්
ස්ථානය වෙත භාරදී ඇත.
සැකකරුවන් වයස අවුරුදු
35,27,40,48 වේ. එහිදි පස්
කියුබ් හයක් සොයාගෙන තිබේ.
යාපනය කඳවුරේ නිලධාරින් වෙත
ලැබුණු තොරතුරකු අනුව
කිලිනොච්චිය පොලිස් වසමේ
තිරිබිරියාරු ප්‍රදේශයේ වැටලිමක්
සිදුකොට බලපත්‍ර රහිතව ටිපර්
රථයකින් වැලි ප්‍රවහනය කරමින් සිටි
අයකු,වැලිකියුබ් තුනක් හා ටිපර්
රථයක් අත්අඩංගුවට ගෙන වැඩිදුර
විමර්ශන කටයුතු සඳහා කිලිනොච්චිය
පොලිස් ස්ථානය වෙත භාරදි ඇත.
මෙම ප්‍රදේශයේ තවත් වැටලීම්
සිදුකොට වැලිකියුබ් හා ටිපර් රථ
අත්අඩංගුවට ගැනීම් සිදුවි ඇත.
නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරින් වෙත
ලැබුණු තොරතුරකට අනුව නිලධාරි
පිරිසක් පේදුරුතුඩුව පොලිස් වසමේ
වල්ලිපුරම් කෝවිල ඉදිරිපිට මාර්ගයේ
වැටලීමක් සිදුකොට මාර්ගබාධකයක
රාජකාරියක අතරතුර බලපත්‍ර රහිතව
වැලි පිරවු බොලෙරෝ වර්ගයේ ට්‍රක්
රථයක් අණ නොතකා ධාවනය
කරමින් සිටියදි එය අත්අඩංගුවට
ගැනීමට යෑමේදි සැකකරු පලාගොස්
ඇත. එම රථය අත්අඩංගුවට ගෙන
වැඩිදුර විමර්ශන සඳහා පේදුරුතුඩුව
පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ.
මුලතිව් කඳවුරේ නිලධාරින් වෙත
ලැබුණු තොරතුරකට අනුව නිලධාරි
පිරිසක් එම පොලිස් වසමේ
කර්නාටකේනිය, කෝකිලායි ප්‍ර
දේශයේ වැටලීමක් සිදුකර නීති
විරෝධි මත්පැන් පෙරීමේ
උපකරණ,ගෝඩා ළඟ තබාගෙන සිටි
අයෙක් අත්අඩංගුවට ගෙන වැඩිදුර
විමර්ශන සඳහා මුලිතිව් පොලිස්
ස්ථානය වෙත භාරදි ඇත. එහිදි නීති
විරෝධි මත්පැන් ලීටර් 240ක්,
ගෝඩා ලීටර් 360ක් තඹ දඟරයක්,
යකඩ බැරලයක් කෑන් විසිහයක්
සොයාගෙන තිබේ.