21.5 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeක්‍රීඩා පුවත්ශ්‍රී ලංකාව ටෙස්ට් ජයග්‍රහණයක් අබියස.

ශ්‍රී ලංකාව ටෙස්ට් ජයග්‍රහණයක් අබියස.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව් වන දිනය ක්‍රීඩාංගණය අවට පැවති අඳුර හේතුවෙන් නියමිත කාලයට පෙර නවතා දැමිණි.

ඒ වනවිට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලබා සිටියේ කඩුලු 6ක් දැවී ලකුණු 52කි.

තරගය ජය ගැනීම සඳහා ඔවුන් ලකුණු 348ක ඉලක්කයක් හඹා යමින් සිටී.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මුල් කඩුලු 6 ලකුණු 18කට දැවී ගියේය.

අනතුරුව කඩුල්ලේ එක්වූ න්කුමා බොනර් (නොදැවී 18) සහ ජෝෂුවා ඩ සිල්වා (නොදැවී 15) මේ වනවිට 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 34ක් එක්කර තිබේ.

පන්දු යැවීමෙන් රමේෂ් මෙන්ඩිස් ලකුණු 17කට කඩුලු 4ක් දවාගත් අතර ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 18කා කඩුලු 2යි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 386ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස සංචාරක කොදෙව් කණ්ඩායම ලකුණු 230ක් රැස්කළේය. 

අනතුරුව සිය දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන් ඉනිම සඳහා පන්දු ඕවර 40.5කදී කඩුලු 4ක් දැවී ලකුණු 191 රැස්කළේය.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 83යි.

ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 69යි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ අවසන් දිනය හෙටයි.
 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments