21.6 C
Sri Lanka
Sunday, May 11, 2025
Homeදේශීය පුවත්කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් තැපැල් හුවමාරුවේදී රේගු නිලධාරින් සොයාගනී.

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් තැපැල් හුවමාරුවේදී රේගු නිලධාරින් සොයාගනී.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙරට ලිපිනයන් සඳහා මධ්‍යම තැපැල් හුවමාරු භාණ්ඩ නිෂ්කාශන අංශය වෙත ලැබී තිබූ සැකකටයුතු පාර්සල් දහයක් නවතා පරීක්ෂණ කටයුතු සිදුකඝ අතර එහිදී තහවුරු වූයේ එම පාර්සල් තුළ Kush නැමැති ගංජා විශේෂය අඩංගු බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කරයි.

කැනඩාව ,බ්‍රිතාන්‍ය ,ඇමරිකා එක්සත් ජනපදය ,ඔස්ට්‍රේලියාව ඉතාලි යන රටවලින් මෙම පාර්සල් ශ්‍රී ලංකාවේ රාගම ,පිලියන්දල ,කොළඹ , නුවර සහ අහංගම යන ප්‍රදේශ වල ව්‍යාජ ලිපිනයන් වෙත ලැබී තිබුණි . පරීක්ෂාවේදී සොයාගන්නා ලැබු ගන්ජා වල බර 1300 grams ලෙස සොයා ගන්නා ලද අතර එහි වෙළෙඳපොළ වටිනාකම මිලියන විස්සකට ආසන්න වෙයි . රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පරීක්ෂණ කටයුතු සිදුකරන ලැබු අතර වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත මෙම සැකකටයුතු මත්ද්‍රව්‍ය භාර දී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments