21.5 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeක්‍රීඩා පුවත්ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවයේ අංක එකට

ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවයේ අංක එකට

කොදෙව් කණ්ඩායමට එරෙහි තරගය ජයගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම 2021/2023 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව තිබේ.

ලකුණු සටහනේ දෙවන ස්ථානය, ඉන්දීය කණ්ඩායමට හිමිව ඇති අතර පාකිස්තානය තෙවන ස්ථානයේත් කොදෙව් කණ්ඩායම සිව්වන ස්ථානයේත් එංගලන්ත කණ්ඩායම පස්වන ස්ථානයේත් පසුවෙයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 187කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.

ඒ කොදෙව් දෙවන ඉනිම ලකුණු 160කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වීමත් සමගය.

එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 05ක් සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 04ක් බිඳහෙලීමට සමත්විය.

පළමු ඉනිමේ ලකුණු 147ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 83ක් රැස් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments