දළ වටිනාකම රුපියල් ලක්ෂ 30 කට
අධික කේරළ ගංජා ළඟ තබාගෙන
සිටි පුද්ගලයෝ දෙදෙනෙකු විශේෂ
කාර්ය බලකා නිලධාරීන්ගේ
අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන
නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ
වරුණ ජයසුන්දර මහතාගේ සෘජු
අධීක්ෂණය යටතේ බස්නාහිර උතුර
භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස්
අධිකාරි පි.ජේ.එස්. සිල්වෙස්ටර්
මහතා වෙත ලැබුණු තොරතුරකට
අනුව විශේෂ කාර්ය බලකාය
ගෝනහේන කඳවුරේ පොලිස්
පරික්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය
ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (25 )
මට්ටක්කුලිය සහ රාගම යන පොලිස්
වසමේ වලදී වැටලීම් දෙකක් සිදුකර
කේරළ ගංජා කිලෝ ග්‍රෑමි 06, ග්‍රෑමි
542ක් ළඟ තබාගෙන ප්‍රවාහනය
කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි
වයස අවුරුදු 19ක පුද්ගලයකු
අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන
කටයුතු සඳහා මට්ටක්කුලිය පොලිස්
ස්ථාන වෙත භාර දී ඇත.
එහිදි ඔහුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්
වලදී අනාවරණය කරගන්නා ලැබු
තොරතුරු වලට අනුව වරකපොල
ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33ක
පැලියගොඩ අධිවේගී මාර්ග පොලිස්
මුරපලේ රාජකාරි සිදුකරණු ලබන
පොලිස් නිලධාරියෙකු කේරළ ගංජා
කිලෝ ග්‍රෑමි 04, ග්‍රෑමි 191ක් සමග
අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන
කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය
වෙත භාර දී තිබේ.
අත්අඩංගුවට ගත් කේරළ ගංජා වල
දළ වටිනාකම රුපියල් ලක්ෂ 30 කට
අධික වේ.
ඊට අමතරව ජංගම
දුරකථන 02 යි.
යතුරු පැදි
01ක් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර පොලිස් විශේෂ කාර්ය
බලකාය දෛනික සිදුකළ
වැටලීම්වලදී කන්තලේ කඳවුරේ
නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර නැතිව
ටි56 ගිනි අවියක් හා ටි56 හිස්
පතුරම් ගැබ් එකක් ළඟ තබාගෙන සිටි
අයකු අත්අඩංගුවට ගෙන තිබේ.
හොරණ කඳවුරේ නිලධාරී
කණ්ඩායමක් නීතිවිරෝධි මත්පැන්
ලීටර් 66ක් හා මත්පැන් පෙරීම සඳහා
යොදා ගන්නා ගෝඩා ලිටර් 630ක්
හා උපකරණ ළඟ තබාගෙන සිටි
අයකු අත්අඩංගුවට ගෙන ඇත.
දඹුල්ල කඳවුරේ නිලධාරි පිරිසක්
කණ්ඩායමක් තහනම් කර තිබෙන
මෙරට ලියාපදිංචි නොකළ වල්නාශක
ළඟ තබාගෙන සිටි අයකු
අත්අඩංගුවට ගෙ තිබේ. එම කඳවුරේ
නිලධාරි පිරිසයක් කණ්ඩායමක්
තවත් වැටලීමක් සිදුකර බලපත්‍ර
නැතිව පුපුරණ ද්‍රව්‍ය ළඟතබාගෙන
සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.
පූගොඩ කඳවුරේ නිලධාරීන් පිරිසක්
කේරළ ගංජා ග්‍රෑම් 10යි මිලිග්‍රෑම්
ළඟ තබාගෙන සිටි අයකු
අත්අඩංගුවට ගෙන තිබේ. එම
කඳවුරේ නිලධාරි පිරිසක් තවත්
වැටලීම් සිදුකොට අයිස් මත්ද්‍රව්‍ය මීලි
ග්‍රෑම් 660ක් හා හෙරොයින් මිලි
ග්‍රෑම් 700ක් ළඟ තබාගෙන සිටි
දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. මස් කෙළිය කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව වැලි කියුබ් එකක් ප්‍රවාහනය කළ අයකු අත්අඩංගුවට ගෙන ඇත. කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරි පිරිසක් තහනම් තංගුස් දැල් කිලෝ හයක් ළඟ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පුල්මුඩේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැටලීම් දෙකක් සිදුකර ට්‍රැක්ටර් රථ වලට වැලි පටවමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. වැලිකඩ බන්ධනාගාර කඳවුරේ නිලධාරි පිරිසක් රැඳවියකු පරීක්ෂා කිරීමේදි ගුද මාර්ගයේ සඟවාගෙන පැමිණි දුම්කොළ කැබිලි 13ක් අත්අඩංගුවට ගෙන තිබේ. දෙනියාය කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව වැලි ප්‍රවාහනය කළ අයකු අත්අඩංගුවට ගෙන තිබේ.