29.2 C
Sri Lanka
Friday, June 27, 2025
Homeදේශීය පුවත්police newsනීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් රැසක් එස්.ටී.එෆ්. දැලේ.

නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් රැසක් එස්.ටී.එෆ්. දැලේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදි (27) සෙට්ටිකුලම කඳවුරේ නිලධාරී පිරිසයක් එම පොලිස වසමේ කප්පච්චිය වැව් ඉස්මත්ත ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත බඳින තුවක්කුවක් අත්අඩංගුවට ගෙන තිබේ. කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරී පිරිසක් හොරොව්පතාන පොලිස් වසමේ කොන්ගොල්ලෑව ප්‍රදේශයේ කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. අනුරාධපුර කඳවුරේ නිලධාරි කණ්ඩායමක් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බුද්ධි ඒකකයේ නිලධාරි කණ්ඩායමක් සමග ඒකාබද්ධව තලාව පොලිස් වසමේ ඉහළ තලාව ග්‍රාමසේවා වසමේ තලාව මහා විද්‍යාල මාවතේ සිදුකළ වැටලීමකදි තහනම් වල්නාශක ප්‍රවාහනය කිරීම සහ ළඟ තබාගැනීම යන වැරැදි යටතේ පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ මෙහෙයුම් අංශ 1හි නිලධාරි පිරිසක් බියගම පොලිස් වසමේ පේරගස්හංදියේ , බියගම ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දහයයි , මිලිග්‍රෑම්හතළිස් අටක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය 1හි නිලධාරි පිරිසක් ෆර්ගියුෂන් පාර, කොළඹ 15 ස්ථානයේදි අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 490ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම මෙම බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරි පිරිසක් මුල්ලෙරියාව පොලිස් වසමේ ශාන්ති මාවත, මුල්ලෙරියාව නවනගරය, මුල්ලෙරියාව යන ස්ථානය පිහිටි නිවස ඉදිරිපිටදි හෙරොයින් මිලිග්‍රෑම් 1.800ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 100ක් ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. එම කොටිඨාශයේ නිලධාරීන් තවත් වැටලීමක් සිදුකොට අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් දෙසීයක් හෙරොයින් මිලිග්‍රෑම් 2,200ක් ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. එම කොට්ඨාශයේ නිලධාරී ඇසල උයන, ඔබේසේකර පුර , රාජගිරිය වැටලීමක් සිදුකොට කේරළ ගංජා ළඟ තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ මෙහෙයුම් ඒකකය 11හී නිලධාරින් කණ්ඩායමක් නවගමුව පොලිස් වසමේ දැඩිගමුව ප්‍රදේශයේ කේරළ ගංජා ග්‍රෑම් සීයක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. එම බලකායේ නිලධාරි තව වැටලිමක් සිදුකොට හංවැල්ල පොලිස් වසමේ රණාල ප්‍රදේශයේ කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම බලකායේ සිදුකළ තව වැටලීමකදී වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේදි කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අලුත්ගම කඳවුරේ නිලධාරී පිරිසක් වැලිපැන්න පොලිස් වසමේ වලගෙදර , ගල්මන්ත ප්‍රදේශයේ දී නීති විරෝධි මත්පැන් ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරිය කරනු ලබන නිලධාරි පිරිසක් රැඳවියන් සෝදිසි කිරීමේදි දුම්කොළ සහ ගිනිකූරු ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පුත්තලම කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ අල් කාසීම් සිටි රත්මල් යාය ප්‍රදේශයේ විදේශීය රටක නිෂ්පාදිත තීරුබදු රහිතව මෙරටට ආනයනය කළ දුම්වැටි තොගයක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. ලාහුගල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් පොතුවිල් පොලිස් ස්ථානයේ නිලධාරි පිරිසක් සමග ඒකාබද්ධව පොතුවිල්, හුලංනුගේ මාර්ග බාධකයේ සිදුකරන ලැබු පුද්ගල සෝදිසි කිරීමකදී වියළි ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. වාලච්චේන කඳවුරේ නිලධාරි එම පොලිස් වසමේ මාන්කේණි ග්‍රාමසේවා කොට්ඨාශයේ දී බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කර වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. නුවර එළිය කඳවුරේ නිලධාරි කණ්ඩායමක් අඹගස්දෝව පොලිස් වසමේ පල්ලේතුටි බැද්ද, ලද්දුම ප්‍රදේශයේ වියළි ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. අම්බලන්තොට කඳවුරේ නිලධාරී කණ්ඩායමක් එම පොලිස් වසමේ කන්ඩිකොන, එළවළු ලෑල්ල අසලදී හෙරොයින් හා අයිස් ජාවාරම සිදුකර ලැබු අයකු අත්අඩංගුවට ගෙන තිබේ. දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරි කණ්ඩායක් හක්මන පොලිස් වසමේ ‘කැළුම්‘ ලාල්පේ කරතොට හක්මන ලිපිනයේ නීති විරෝධි ලෙස කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා හක්මන පොලිස් ස්ථානයට භාරදි ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments