22.3 C
Sri Lanka
Thursday, May 8, 2025
HomeTOPරාජ්‍ය සේවක වැටුප් ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඉල්ලා(29) දහවල් 12.00ට විරෝධතාවයක්.

රාජ්‍ය සේවක වැටුප් ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඉල්ලා(29) දහවල් 12.00ට විරෝධතාවයක්.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් ඉල්ලා සිටිමින් රාජ්‍ය සේවක වැටුප් වැඩිකර ගැනීමේ වෘත්තීය සමිති එකමුතුව අද(29)දහවල් 12.00 කෑම පැයේ සෙත්සිරිපාය ඉදිරිපිට ඇතුළු දිවයින පුරා වි‍රෝධතාවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එහිදි රුපියල් දසදහසකින් වැටුප් වැඩිකිරීම, සේවක විශ්‍රාම යෑම යාමේ වයස හැටපහ කිරිමේ යෝජනාව ඉවත් කර ගැනීම, රාජ්‍ය සේවකයින් රටට බරක් ලෙස සිදුකළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට බල කිරීම හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බඳින චක්‍රලේඛය අහෝසි කිරීම වැනි ඉල්ලීම් ගැන අවධානය යොමුකරමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබේ. සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරින්,කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර ඇතුව සියලුම ක්ෂේත්‍ර නිලධාරින්, කණිෂ්ඨ සේවකයින් මෙම වි‍රෝධතාවය එක්ව සිටිති.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments