කොස් පැළ මිලියන 03 ක් මව්බිමේ පැළ කිරිමේ “හෙරළි පෙරළිය”වැඩ සටහන යටතේ පොලිස් විශේෂ කාර්ය බලකාය මුලස්ථානයේ දී කොස් පැළ 1,000 ක් එම බලකා කඳවුරු වෙත ලබා දීම පානදුර ආනන්දවංශ ස්වාමින් වහන්සේගේ මෙහෙයවිමෙන් ඉකුත්(27 )සිදුවූහ.
මේ සදහා විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාද, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (කොළඹ කලාපය) රෝයි සුමනවර්ධන මහතා, අධ්‍යක්ෂක සුභසාධක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිෂේද ප්‍රනාන්දු මහතා, අධ්‍යක්ෂක මානව සම්පත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පඩිවිට මහතා, අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් කරුණාරත්න මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂක (සුභසාධක) සහකාර පොලිස් අධිකාරී පියනන්ද මහතා, කදවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක කුමාර කුලසේකර, “හෙරළි පෙරළිය” වැඩසටහනේ ක්‍රියාකාරි සාමාජිකාවන් වන තරංගාදි සිල්වා මහත්මිය හා හර්ශනී ධර්ම බන්දු මහත්මිය යන මහත්ම මහත්මීන් සහභාගී වූ අතර නිරෝධායන නීති රීති වලට යටත්ව සංකේතාත්මකව පැළ බෙදා දීම සිදු කෙරෙණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ස මහතාගේ සෞභාග්‍යයේ දැක්ම අර්ථවත් කරමින් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකා කදවුරු අතර කාබණික පොහාර වගා සංග්‍රාමය ක්‍රියාත්මක කර ඇති අතර එහිදී කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වගාවන් සිදු කර තිබේ.
පානදුර ආනන්දවංශ ස්වාමින් වහන්සේ “හෙරළි පෙරළිය” නමින් ලබා දුන් එම පැළ දිවයින පුරා විසිරී ඇති විශේෂ කාර්ය බලකාය කදවුරුවල සිටු වීමට අපේක්ෂා කෙරේ.
