22.1 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ඉන්දියානු සාගර සම්මේලනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනාවක්.

ඉන්දියානු සාගර සම්මේලනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනාවක්.

ඉන්දියානු සාගර සම්මේලනයේ ආරම්භක සැසිවාරය ඇමතිම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දෙසැම්බර් 04 එක්සත් අරාබියේදී පෙනි සිටින බව විදේශ අමාත්යන ජී.එල්.පීරිස් මහතා පවසයි.
ශ්රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2021.11.29) පැවති ප්ර වෘත්ති සාකච්ඡාවට එක්වමින් අමාත්යලවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදි අමාත්යා මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා අදහස් දක්වමින්,
“අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ආරාධනාවක් ලැබිලා තිබෙනවා ඉන්දියානු සාගර සම්මේලනයේ ආරම්භක සැසිවාරය ඇමතිමට. මෙම ජාත්ය්න්තර සම්මේලනය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමිරාටියේ අගනුවර වන අබුඩාබි නගරෙයි. රටවල් 47 ක් මෙම ජාත්යපන්තර සම්මේලනයට සහභාගි වනවා. දෙසැම්බර් 04 වනදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සිය දේශනය පවත්වන අතර පස්වනදා එතුමා එක්සත් අරාබි අමරාටියේ රාජ්යය නායකයා වන අල් නායන් කුමරු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මෙම සම්මේලනයේ සංවිධායක කමිටුවේ සභාපතිධූරය ශ්රිම ලංකා රජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දරන අතර උප සභාපතිවරුන් වශයෙන් කටයුතු කරන්නේ ඉන්දියාවේ විදේශ අමාත්යම ආචාර්ය ජයශංකාර්, ඕමාන් විදේශ අමාත්යරතුමා,සිංගප්පුරුවේ විදේශ අමාත්යය ආචාර්ය විලියම් බාලක්රි ෂ්නම් හා එක්සත් අරාබි එමිර් රාජ්යපයේ විදේශ කටයුතු රාජ්යඑ අමාත්යඅවරුන් යන අමාත්යබවරුන් වේ. සම්මේලනයේ තේමාව වනුයේ පරිසරය, ආර්ථිකය හා වසංගතය යන්නයි. මෙම සම්මේලනය ශ්රින ලංකාවට විශේෂයෙන් වැදගත් එකක් වෙනවා ඇති. සති දෙකකට පෙර බංගලාදේශයේ ඩකා නගරයේ පැවතුණා ඉන්දියානු සාගර වලල්ල සංවිධානයේ අමාත්යන කවුන්සිලයේ 21 වන සැසිය. නොවැම්බර් 17 වනදා එම සංවිධානයේ උප සභාපති වශයෙන් ශ්රිස ලංකාව පත් වුණා. එම ධූරය අප රට වෙනුවෙන් විදේශ ඇමති විදිහට මම පිළිගත් අතර සැසිවාර කිහිපයක මූලාසනය ශ්රි් ලංකාවට පිරි නැමුණා. බංගලාදේශයේ අගමැතිනි ෂිග් හසිනා මැතිණිය සමඟ මම පැවැත්වූ සාකාච්ඡාවකදි එතුමිය විශේෂ උනන්දුවක් දැක්වූවා කොළඹ හා චිතගුවන් වරාය අතර සම්බන්ධතාවය දියුණු කර ගැනීමට. බංගලාදේශයේ නාවික කටයුතු ඇමතිතුමා සමඟ ද මේ පිළිබඳව විස්තර සහිතව සාක්ච්ඡා කළා. ප්රයති නැව්ගත කිරීමේ මධ්ය ස්ථානයක් හැටියට කොළඹ වරාය දියුණු කිරීම හා බංගලාදේශයෙන් පැමිණෙන බහාලුන් සංඛ්යා්ව වැඩිකර ගැනීමෙන් රටවල් දෙකටම විශාල ආර්ථික ප්රලයෝජනයක් ලැබෙන බව මෙහිදි සඳහන් වුණා. එසේම බංගලාදේශයේ ඇගලුම් හා අනෙකුත් අපනයන භාණ්ඩ කොළඹ වරාය හරහා මැද පෙරදිගට හා යුරෝපයට යැවීමයි මේ වැඩපිළිවෙළෙ අරමුණ වුණේ. දැනට මේවායින් 20% ක් පමණ කොළඹ වරායේ භාවිතා වන නමුත් මේ සෑම ප්රුමාණයකට වැඩි කර ගැනීමට අවකාශය තිබෙනවා. අබුඩාබි හා ඩකා සම්මේලන දෙකම ශ්රික ලංකාවටම ප්රාණයෝගික වශයෙන් වැදගත් වන්නේ දිවයිනක් හැටියට සාගර සම්පත් වලින් ආර්ථිකයට ලැබෙන ශක්තිය පිළිබඳ විශේෂ අවධානය යොමුවන නිසායි. පරිසරය, කාලගුණය ආරක්ෂාවට සම්බන්ධ තොරතුරු විශ්ලේෂණය කිරීම හා රටවල් අතර හුවමාරු කර ගැනීම, මුහුදුගරබ සංදර්ශනය, මතස්යව සම්පත් කලක් පවතින වැඩපිළිවෙළක් අනුව පාලනය කිරීම , නැව් ගමනාගමනය හා වෙළඳ කටයුතු යන ක්ෂේත්ර්වල ඉන්දියානු සාගර අවට රටවල් අතර වඩාත් සමීප සම්බන්ධතා වර්ධනය කර ගැනීම මෙම සම්මේලන 02 ම පොදු අභිමතාර්තය වෙනවා. ඒ පිළිබඳව ශ්රිස ලංකාවට ප්රතමුඛ කාර්යභාර්යක් පිරිනැමීම අප රටට ගෞරවයක් වනවා.
පසුගිය සතියේ ප්ර ධාන පෙළේ විදේශීය නිලධාරීන් දෙදෙනෙකු අපේ රටට පැමිණ විදේශ කටයුතු අමාත්යාං ශය අප සමඟ සාකච්ඡා පැවැත්තුවා. එනම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් හා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා යන නිලධාරීන් දෙදෙනෙකු සමඟයි. කොවිඩ් වසංගතය හා ගෝලීය ආර්ථිකය පසුබැස්මක් තුළ ශ්රින ලංකා රජය වැඩපිළිවෙළ සහ අප ලබා ඇති ප්ර ගතිය ගැන එම නිලධාරීන් විස්තර සහිතව දැනුවත් කිරීමට මෙය ප්රපයෝජනවත් අවස්ථාවක් වෙනවා.
” යනුවෙන් මෙහිදි සඳහන් කළාය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments