21.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeTOPමිල්ලෑව රැඳවුම් හා විශෝධන මධ්‍යස්ථාන සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ...

මිල්ලෑව රැඳවුම් හා විශෝධන මධ්‍යස්ථාන සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස අහිමි වන වතු කම්කරුවන් සඳහා නව නිවාස ඉදිකිරීම ඇරඹේ

අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සාක්ෂාත් කරමින් හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නවීන පහසුකම් සහිත රැඳවුම් හා විශෝධන මධ්‍යස්ථාන සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර සනිටුහන් කරමින්, ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස අහිමි වන වතු කම්කරුවන් 55 ක් සඳහා නිවාස ඉදිකිරීමට (23) දින පෙ.ව.10.02යෙදුන සුභ මොහොතින් මුල්ගල තැබීම හා අභ්‍යන්තර මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ගරු අධිකරණ අමාත්‍ය අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානාත්වයෙන්, ගරු නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැර කිරීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්‍ය නාලක ගොඩහේවා මැතිතුමා හා ජාතික උරුමයන් සෞන්දර්ය කලා හා ප්‍රසාංගික කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමාගේ සහභාගීත්වයෙන් සිදුවිය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසූවේ

‘‘ වර්තමානයේ පවතින නීතිය හා බන්ධනාගාර ඉතා ඉක්මනින් ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් ප්‍රතිසංස්කරණ රාශීයක් තමා සිදුකිරීමට බලා පොරොත්තුවන බවත්, රැඳවියන් සඳහා වෘත්තීය පුහුණුවක් ලබා දී වෘත්තීය පුහුණුව තුළින් පුද්ගලයා ප්‍රතිශෝධනයට ලක්කර යහපත් පුරවැසියෙකු ලෙස සමාජගත කිරීමට තමා බලාපොරොත්තු වන බවයි.

තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ‘‘ඉදිරියේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතන 07ක් ප්‍රතිශෝධන මධ්‍යස්ථාන ලෙස දියුණු කිරීම ඉතා ඉක්මණින් ආරම්භ කරනවා. මැන්ඩෙලා ක්‍රමවේදයට අනුව මිල්ලෑව රැඳවුම් හා විශෝධන මධ්‍යස්ථාන ගොඩනගනවා. විශේෂයෙන්ම යුක්තිය පසිඳලීමේ අධිකරණ ක්‍රියාවලියට කිසිදු මැදිහත්වීමක් තමන් විසින් නොකරණ බවත් අධිකරණ ක්‍රියාවලිය දියුණු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම පමණක් සිදු කරනවා. දැනට ක්‍රියාත්මක යල් පැන ගිය නඩු විසදීමේ ක්‍රමවේදය වෙනස් කර සංවර්ධිත රටවල මෙන් ක්‍රියාත්මක යුක්තිය පසිදලීමේ යාන්ත්‍රණය ශ්‍රී ලංකාව තුල නිර්මාණය කිරීම තම එකම අරමුණ බව වැඩි දුරටත් එතුමන් පැවසීය’’.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments