විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අක්කරපත්තුව කඳවුරේ නිලධාරීන්ට ශ්‍රී ලංකා යුධ හමුදා බුද්ධි අංශ නිලධාරින්ගෙන් ලැබුණු තොරතුරකට අනුව දෙවන කදවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ඩී.පි. දන්දෙනිය ඇතුළු නිලධාරී කණ්ඩායමක් (29) අක්කරපත්තුව පොලිස් වසමේ අක්කරපත්තුව මුහුදු වෙරළ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහිදි අක්කරපත්තුව ජන ශූන‍්‍ය මුහුදු වෙරළ ප්‍රදේශයේ කල සෝදිසි මෙහෙයුමකදී ටයිප් 82 වර්ගයේ ජීව අත් බෝම්බයක් සොයාගෙන ඇති අතර, එම ටයිප් 82 වර්ගයේ ජීව අත් බෝම්බය සම්බන්ධව අක්කරපත්තුව පොලිස් ස්ථානාධිපති දැනුවත් කිරීමෙන් පසුව එය විනාශ කිරීම සඳහා අක්කරපත්තුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග අංක AR/332/2021 යටතේ නියෝගය අක්කරපත්තුව පොලිස් ස්ථානය මගින් ලබා ගෙන ඇත. පසුව විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ පොලිස් පරික්ෂක සිරිවර්ධන නිලධාරියා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අදාල ස්ථානයට කැඳවා එම බෝම්බය විනාශ කර අදාල වාර්ථාව අක්කරපත්තුව පොලිස් ස්ථානය වෙත ලබා දී ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදී පුල්මුඩේ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් එම පොලිස් වසෙම් යාන්ඔය ඇනිකට් එක අසල රජයේ කැලෑ ප්‍රදේශයේදී රජයේ කැලයට අනවසරයෙන් අතුළුවි බලපත්‍ර නැතිව ට්‍රැක්ටර් රථයකට වැලි පටවිමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.උඩවලව කඳවුරේ නිලධාරි කණ්ඩයමක් කොලොන්න පොලිස් වසමේ හල්වින්න ප්‍රදේශයේ නීති විරෝධි ලෙස ගෝනමස් නිවසේ ශීතකරණයේ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. කෑගල්ල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එමපොලිස් වසමේ රන්දෙණිය කළුගල්ල පාලම අසලදී බලපත්‍ර නැතිව ටිපර් රථයකින් මහෝගනී දැව කඳන් ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කිලිනොච්චිය කඳවුරේ නිලධාරී කණ්ඩායමක් ධර්මපුරම් පොලිස් වසමේ පිල්ලෙයාර් කෝවිල්අඩි පිරිවින්දන්ආරු ප්‍රදේශයේදි නීති විරෝධි මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා සහ අනෙකුත් උපකරණ සැකකරුවන් නැතිව අත්අඩංගුවට ගෙන තිබේ. ලාහුගල කඳවුරේ නිලධාරී කණ්ඩායමක් සියමලාණ්ඩුව පොලිස් වසමේ අම්පාර පාර, සියඹලාණ්ඩුව ප්‍රදේශයේදී තහනම් වල්නාශක අලෙවිකොට ප්‍රදර්ශනයට තැබීම සිදුකරනු ලැබු අයකු අත්අඩංගුවට ගෙන තිබේ. සූරියවැව කඳවුරේ නිලධාරි කණ්ඩායමක් 20 කණුව , සූරියආර, තණමල්විල රජයේ රක්ෂිත ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස වගා කර තිබු ගංජා පැළ සහ මෙරට නිෂ්පාදිත බඳින තුවක්කුවක් සමග අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම කඳවුරේ නිලධාරී කණ්ඩායමක් වනාතවිල්ලුව පොලිස් වසමේ වනාතවිල්ලුව සුදුවැල්ල ප්‍රදේශයේදී නීති විරෝධි මත්ප්ැන් ළඟ තමාගෙන සිටි අයකු අනෙකුත් උපකරණ සමග අත්අඩංගුවට ගෙනඇත. බුත්තල කඳවුරේ නිලධාරී කණ්ඩායමක් තණමල්විල පොලිස් වසමේ ලෝන්ගල, කිවුල ප්‍රදේශයේදි නිති විරෝධි ලෙස සකස් කර තිබු ගංජා පැළ තවානක් සැකකරුවන් නැතිව අත්අඩංගුවට ගෙන ඇත. ගෝනහේන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් ගනේමුල්ල පොලිස් වසමේ පහලයාගොඩ, ගනේමුල්ල යන ස්ථානයේදී කේරළ ගංජා සහ මිමි09 උණ්ඩ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.