පොලිස් විශේෂ කාර්ය බලකායේ දෛනික වැටලීම්වලදී සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය 1හි නිලධාරීන් වෙත ලැබුණු තොරතුරකට අනුව නිලධාරි කණ්ඩායමක් (04) බ්ලුමැන්ඩල් පොලිස් වසමේ කිඹුලාවල මුස්ලිම් පල්ලිය අසලදී වැටලීමක් සිදුකොට අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා බ්ලුමැන්ඩල් පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.
ගෝනහේන කඳවුරේ නිලධාරී පිරිසක් රාගම පොලිස් වසමේ දඹූව බස්නැවතුම් පොළ ආසන්නයේ වැටලීමක් සිදුකොට හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලි ග්‍රෑම් 40යි, ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුරට විමර්ශන සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. එහිදි ජංගම දුරකතනයක්ද අත්අඩංගුවට ගෙන තිබේ. හොරණ කඳවුරේ නිලධාරීන් වෙත ලැබුණු තොරතුරකට අනුව නිලධාරි පිරිසක් හොරණ පොලිස් වසමේ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ වැටලීමක් කොට කේරළ ගංජා ග්‍රෑම් 30ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා හොරණ පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන් වෙත ලැබුණු තොරතුරකට අනුව නිලධාරි කණ්ඩායමක් අක්කරපත්තුව පොලිස් වසමේ 05 කණුව මංසන්ධිය අසල ප්‍රදේශයේ වැටලීමක් කොට කේරළ ගංජා ග්‍රෑම් 20යි, මිලි ග්‍රෑම් 250ක් ළඟ තබාගෙන සිටි අයකු ත්‍රී රෝද රථයක් ද සමග අත්අඩංගුවට ගෙන ඇත. කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන් වෙත ලැබුණු තොරතුරකට අනුව නිලධාරී පිරිසක් වාලච්චේන පොලිස් වසමේ සෙන්මනෝඩෛ ප්‍රදේශයේ වැටලීමක් කොට කේරළ ගංජා ග්‍රෑම් 595ක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. පුත්තලම කඳවුරේ නිලධාරින්වෙත ලැබුණු තොරතුරක් අනුව නිලධාරී පිරිසක් හලාවත පොලිස් වසමේ හලාවත කෝරයාවත්ත ප්‍රදේශයේ වැටලීමක් කොට නීති විරෝධිව රටක නිෂ්පාදිත තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලැබු GOLD LEAF 1,200ක් වර්ගයේ දුම්වැටි ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හලාවත පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. පුත්තලම කඳවුරේ නිලධාරි වෙත තොරතුරකට ලැබුණු තොරතුරක් අනුව තීරුබදු නොගෙවා මෙරටට ආනයන කර තිබුණු MANCHESTER 600ක් හා BENSON AND HEDGES 400ක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා හලාවත පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. කතරගම කඳවුරේ නිලධාරි වෙත ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරි පිරිසක් තණමල්විල පොලිස් වසමේ 1 කණුව වැව, ළඟ තණමල්විල වැටලීමක් කොට පර්චස් 15ක භූමි ප්‍රමාණයක වගා කරන ලැබු ගංජා ගස් සහිත හේනක්, අඩි එකයි අඟල් හයේ ගස් හත්සිය පනහක් හා අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තණමල්විල පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ තේරාවිල් රක්ෂිත ප්‍රදේශයේදී වැටලිමක් සිදුකොට නීති විරෝධි මත්පැන් පෙරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා එම පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. එහිදි නීති විරෝධි මත්පැන් මිලිලීටර් 20,000යි ගෝඩා මි.ලී. 80,000යි කැන්එකක්,යකඩ බැරල් එකක්,යකඩ බෝකා එකක් තඹ දඟර එකක් අත්අඩංගුවට ගෙන ඇත. උඩවලව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු ඔත්තුවක් අනුව එම පොලිස් වසමේ තිඹොල් කැටිය, උඩවලව ප්‍රදේශයේ වැටලීමක් කොට බලපත්‍ර නැතිව ජංගම ඉරුම් බංකුවක් හා ට්‍රැක්ටර් රථයක් මගින් තේක්ක දැව ඉරමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා උඩවලව අඩවි වන කාර්යායේ ක්ෂේත්‍ර වන සහකාර වෙත භාරදි ඇත.
එමෙන්ම වාලච්චේන,කලවංචිකුඩි, අක්කරපත්තුව කඳවුරුවල නිලධාරින් වැටලීම් කොට වැලි ප්‍රවාහනය කරමින් හා කැණීම් කරමින් පටවමින් තිබු ස්ථාන වැටලිම් කොට අත්අඩංගුවට ගෙන තිබේ. කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ කැබිතිගොල්ලෑව පදවිය මාර්ගයේ 2කණුව මංසන්ධියේදි වැටලිමක් කොට බලපත්‍ර රහිතව කැබ්රථයකින් ගවයින් 03යි, ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. ත්‍රීකුණමලය කඳවුරේ නිලධාරින්වෙත ලැබුණු තොරතුරක් අනුව එම පොලිස් වසමේ ඔර්ස්හීල් පාරේ කලපුව අසලදී වැටලිමක් කොට දිරාපත්ව අනාරක්ෂිත අයුරින් තිබු ජීව අත්බෝම්බයක් සැකකුවකු නැතිව අත්අඩංගුවට ගෙන සෝදිසි හා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරි කණ්ඩායමක් සමග අධිකරණ නියෝගය ලබා ගැනීමෙන් පසු පරීක්ෂා කර ඇත. වැලිකඩ බන්ධනාගාර සංකිර්ණයේ රාජකාරි කරනු ලබාන නිලධාරීණියන් කණ්ඩායමක් කාන්තා රැඳවියන් සෝදිසි කරනු ලබන ස්ථානයේ වැටලිමක් කොට රැඳවියකුගේ රෙදි බෑගයේ සූක්ෂම ලෙස සඟවා තිබු සිද්ධලේප කුප්පියක් තුල අයිස් මත්ද්‍රව්‍ය යැයි සැක සිතිය හැකි සුදු පැහැති කුඩුවැනි දුව්‍යක් සමග කාන්තා රැඳවියකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳ කාන්තා ජේලර් නිලධාරිණියක් වෙත භාරදී තිබේ. වැලිකඩ බන්ධනාගාර සංකීර්ණයේ රාජකාරි කරනු ලබන නිලධාරි කණ්ඩායමක් රැඳවියන් සෝදිසි කරනු ලබන ස්ථානයේ වැටලීමක් කොට රැඳිවියකුගේ කලිසමේ සාක්කුවක දුම්කොළ කැබිලි සඟවාගෙන පැමිණිය අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා දෙවන පෙළ ජේලර්වරයකු වෙත භාරදී තිබේ.