ගෑස් කාන්දුවීම හඳුනා ගැනිම සඳහා අනන්‍යවු ගන්ධය නැතිවීම ප්‍රධාන ගැටලුවක් බවට හඳුනාගෙන ඇති අතර ඒ පිළිබඳ අදාල ආයතන හා සමාගම් සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මින් ඉදිරියට නිකුත් කරනු ලබන ගෑස් වල ප්‍රමාණවත් ඊතයිල් මර්කැප්ටන් රසායන ද්‍රව්‍ය නියමිත සාන්ද්‍රණයෙන් යුතුව ඇතුළත් කිරීමට අදාල සමාගම් පියවර ගෙන ඇත. ඒ අනුව මින් ඉදිරියේදි තම ගෑස් සිලින්ඩරයේ කාන්දුවක් ඇතිවුවහොත් ඒ බව පාරිභෝගිකයාට පහසුවෙන් හඳුනා ගැනීමට හැකිවනු ඇති බව ගෑස් සිලින්ඩර ආශ්‍රීත ගිනි ගැනීම හෝ පුපුරායාමේ පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ ජනාධිපති කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
ගෑස් අනතුරුවලින් සිදුවි තිබෙන 458න්ම 244ක්ම ගෑස් කාන්දුවීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලියි.
ඒ සම්බන්ධයෙන් එම කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතාගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව ඉකුත් නොවැම්බර් මස (30) මෙම කමිටිවු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කළේය. ඒ අනුව මේ වසරේ ජනාවාරි (01) සිට ඉකුත් දෙසැම්බර් (05) දක්වා දිවයින පුරා වාර්තාවු ගෑස් සිලින්ඩර් ආශ්‍රිත මුළු සිද්ධීන් සම්බන්ධව කරුණු සැළකිල්ලට ගෙන ගැනිමෙන් එම සිද්ධීන්ට අදාල ස්ථාන ගණනාවක් පරික්ෂා කිරීමෙන් මෙන්ම ගෑස් සපයනු ලබන ප්‍රධාන ආයතන පරීක්ෂා කිරීමෙන් සහ ඔවුන් කමිටුව ඉදිරියට කැඳවීම මගින් ලබාගත් තොරතුරු ගැඹුරු ලෙස අධ්‍යනය කරන්නට යෙදුණි.
එහිදි ගෑස් සිලින්ඩරයට හානි සිදුවිම් 01යි, ගෑස් බටයට හානි සිදුවීම් 23යි, රෙගියුලේටරයට හානි සිදුවීම්09යි, ගෑස් ලිපෙහි මුහුණත වීදුරු කොට බිඳි යාම් සහ ගෑස් ලිප් පුපුරා යාම් 178යි, අධික තාපය හේතුවෙන් වෙනත් ද්‍රව්‍යකට හානි සිදුවීම් 03ක් හා ගෑස් කාන්දුවීම් 244ක් ලෙස වාර්තාවි තිබේ.
මෙහිදි ගෑස් කාන්දුවීම හඳුනා ගැනිම සඳහා අනන්‍යවු ගන්ධය නැතිවීම ප්‍රධාන ගැටලුවක් බවට හඳුනාගෙන ඇති අතර ඒ පිළිබඳ අදාල ආයතන හා සමාගම් සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මින් ඉදිරියට නිකුත් කරනු ලබන ගෑස් වල ප්‍රමාණවත් ඊතයිල් මර්කැප්ටන් රසායන ද්‍රව්‍ය නියමිත සාන්ද්‍රණයෙන් යුතුව ඇතුළත් කිරීමට අදාල සමාගම් පියවර ගෙන ඇත. ඒ අනුව මින් ඉදිරියේදි තම ගෑස් සිලින්ඩරයේ කාන්දුවක් ඇතිවුවහොත් ඒ බව පාරිභෝගිකයාට පහසුවෙන් හඳුනා ගැනීමට හැකිවනු ඇත.
වාර්තාවු සිදුවීම්වලට අදාල ගෑස් කාන්දුවිම් වලදි මෙම ගන්ධය නිකුත් නොවීම නිසා පාරිභෝගිකයින් නොයෙකුත් අනාරක්ෂිත ක්‍රම ඔස්සේ ගෑස් සිලින්ඩර වල කාන්දුවීම් පරීක්ෂා කිරීමට යැමෙන් මින් ඉදිරියට වලකින ලෙසද කමිටුව ඉල්ලා සිටියි.
කමිටුව දෙවන කාරණය ලෙස හඳුනාගෙන තිබෙන්නේ බාල සහ නියමිත කාලය ඉකුත්වු රෙගියුලේටර්, ගෑස් සැපයුම් නළ, හෝස් ක්ලිප් හා දිරාපත්වු උදුන් භාවිතය පිළිබඳ මහජනතාව දැඩි අවධානය යොමු කළ යුතුවේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කර ඇති ප්‍රමිතීන්ට අනුකූලව උපාංඟ මිලදී ගැනීමටත් විශේෂයෙන්ම ගෑස් උදුන් මිලදි ගැනීමේදි පිළිගත්, වගකීමක් සහිත ආයතනවලින් ගුණාත්මක භාවයෙන් යුතු හා ආරක්ෂිත ගෑස් උදුන් මිලදි ගැනිමට යොමුවන ලෙසත් මේ පිළිබඳ මෙතෙක් අවධානය යොමු නොකළ අනෙකුත් සියලු පාරිභෝගික ජනතාවගෙන් කමිටුව ඉල්ලා සිටියි.
පසුගිය කාලසීමාව තුල වාර්තාවු සිදුවීම්වලට පාරිභෝගිකයා වෙත නිකුත් කර ඇති ගෑස්වල සංයුතියේ යම් වෙනස්වීමක් බලපෑවේද යන කාරණය පිළිබඳ තවදුරටත් විද්‍යාත්මක අධ්‍යනයක් සිදුකරමින් පවතින අතර පෙර තිබු තත්වයෙන් යුතු ගෑස් පරිභෝගිකයා වෙත ලබාදීමට නව ක්‍රමවේදයක් කමිටුව නිර්දේශ කර තිබේ.
ඉකුත් වසර දෙකක කාලය තුල මෙරටට ආනයනය කරන ලැබු ගෑස්වල සංයුතිය සහ වාෂ්ප පීඩනය යන දත්තයන් අධ්‍යනය කිරීමෙන් පසු කමිටුව මෙම නිගමනයන්ට එළඹි අතර නව ක්‍රමවේදය යටතේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය හා ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඬලය එකතුව සිදුකරන ගුණාත්මක ඇගයීමකින් පසු පහසුවෙන් හඳුනාගත හැකි විශේෂිත මුද්‍රාවක් සහිති ගෑස් සිලිස්ඩරයක් වෙළෙඳ පොළට නිකුත් කරනු ඇත.