22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්අපි කියන්නේ මිනිස්සුන්ට තුන්වේල කන්න පුළුවන් අවස්ථාව හදලා දෙන්න- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

අපි කියන්නේ මිනිස්සුන්ට තුන්වේල කන්න පුළුවන් අවස්ථාව හදලා දෙන්න- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මහතා.

ඒ මහතා මේ බව සඳහන් කළේ විපක්ෂනායක කාර්යාලයේ අද (05) පැවති මාධ්‍ය හමුවේදීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය………

දේශපාලනඥයෝ විදියට අපිට විතරක් නෙමෙයි රටේ පාරිභෝගික ජනතාවට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිදු වෙලා. අද මේ ආණ්ඩුව ඉල්ලන්නේ ලොකු සංවර්ධන වැඩ නෙමෙයි අපිට තුන්වේල බඩගින්නෙ ඉන්නෙ නැතුව කන්න දෙන්න කියන එක තමයි ඉල්ලීමයි කරන්නේ. පාරිභෝගික ජනතාවත් රටේ මහජනතාවත්. අද ජනතාවගේ එකම ප්‍රශ්නය කන බොන එකයි. තුන්වේල කන්න කොහොමද කියන එකත්, ගෑස් ටික හොයාගන්නෙ කොහොමද කියලා ප්‍රශ්නයක්. කිරිපිටි හොයා ගන්නේ කොහොමද කියල ප්‍රශ්නයක් . දර ලිපට ඕන දර කෑල්ල හොයාගන්න කියන ප්‍රශ්නය තියෙනවා. මේකයි අද තියෙන ප්‍රශ්න දරුවාව පාසලට යවන එක අද ගැටළුවක් වෙලා දරුවාට උදේට කන්න බොන්න දෙන්න දෙයක් නැති වෙලා තේ එකක් දෙන්න කිරිපිටි හෝ සීනි ඕන අද ඒ ටික දෙන්න විදියක් නැහැ දෙමාපියන්ට.
ඒ වගේම රජයේ සේවකයෙක්ට වැඩට යන්න විදිහක් නෑ ගෙදරට කෑම ටික ඔයා ගෙන යන්න විදිහක් නැති වෙලා සමහර අයට සල්ලි තියෙනවා හැබැයි බඩු ටික ගන්න තැනක් නැතිවෙලා. මේ ආණ්ඩුව බංකොලොත්භාවය එතනින්ම පේනවා.

මේ ආණ්ඩුවට දිගින් දිගටම කියන්නේ මේ විදිහට මිනිස්සු නො මරා මරන්න එපා. නොමරා මරනවා කියන්නේ අද සමහර තැන්වල ගෑස් බෝතලය ගෙදර තිබ්බොත් මිනිස්සු උදේ එළිවෙනකොට ඇවිල්ලා වෙන මොනවත් නෙමෙයි බලන්නේ වටේ පිටේ පුපුරා. තියෙනවද කියලා එහෙම නැත්තං ගෑස් බෝතලේ තියෙනවද කියලා බලනවා. මිනිස්සුන්ට අද බෝම්බයක් දීලා තියෙනවා හැම ගෙදරකටම. එහි සංයුතිය ගැන තමයි හැමදාම කතා කරේ මෙච්චර කාලෙකට මෙහෙම දෙයක් සිද්ධ වෙලා තිබුනේ නෑ. ලිට්රෝ සමාගම වෙන කාගෙවත් පෞද්ගලික දෙයක් නෙමෙයි මේක රජයේ සමාගමක් හැබැයි රජයේ සමාගමකින් මේ විදියට ජනතාව අපහසුතාවයට පත්වෙනවා. හිතාමතාම ජනතාව බියට පත්වෙන විදිහට ගෑස් සැපයීමක් රජයෙන් කරනවා නම් අනිත් අය ගැන කතා කරන්න දෙයක් නෑ. හැබැයි ආණ්ඩුව දැන් මොකද කියන්නේ ඉස්සෙල්ලාම ආපු නැවේ යම් යම් ප්‍රශ්න තිබුණා එහෙම නැත්නම් ගෑස් පුරවපු එකේ මෙච්චර එකේ මිශ්‍රණයේ ප්‍රශ්නයක් තිබුණා propen වැඩි වෙලා තිබුණා ඒවද මේවා ද කියලා කියනවා. ලැජ්ජයි සමහර වෙලාවට විෂය භාර රාජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ගිහින් කියනවා ඔව් ඒ විදියට වෙලා තියෙනවා මේ වගේ සංයුතියේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා මොනාහරි දෝෂ සහිත වුණා අපි ඒක පිළිගන්නවා හැබැයි පිලි අරන් වැඩක් තියෙනවද මං දැක්කා ඊයේ මාධ්‍ය හරහා සමහර ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යංශයේ නිලධාරීන් කියනවා මේවට දිසා අධිකරණයට ගිහිල්ලා නඩු දාන්න පුළුවන් කියලා .අපේ ගෑස් බෝතලේ පිපුරුවා කියලා අපේ අතේ සල්ලි වියදම් කරගෙන දිසා අධිකරණයට ගිහිල්ලා නඩු කියන්න ඕන ද? ආන්ඩුවේ ආයතනයකින් මිනිසුන්ට ගෑස් දීලා අපි ගිහිල්ලා ආපහු නඩු කියන්න ඕනද වන්දි ගන්න ආණ්ඩුවේ යුතුකම පුපුරපු ගෙවල් වලට වන්දි ගෙවන්න ඕන. නැතුව අපි අධිකරණයට ගිහිල්ලා මේක තවත් පෙරකදෝරුවෝ අල්ලලා නඩු කියලා තීන්දුවක් ගන්නකම් ඉන්න ඕනද එහෙම කරන්න ලෑස්ති නෑ මම කියනවා මේ ආණ්ඩුවෙන් නොහැකියාව දිගටම දෝරෙ ගලන්න වගේ ගලනවා.
ආණ්ඩුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා…………..

මීට දින කිහිපයකට පෙර පකිස්ථානයේ සියොල්කෝට් නගරයේ දී ශ්‍රී ලාංකික අපේ සහෝදරයෙක් අමානුෂික ලෙස පහර දීලා ඔහුව ඝාතනයට ලක් වෙනවා. එම ක්‍රියාව සම්පූර්ණයෙන්ම සමගි ජන බලවේගය හැටියට හෙළා දකිනවා මෙවැනි අන්තවාදී යම් කණ්ඩායමක් එසේ ඒ කරපු ප්‍රහාරයේ තුළ අපට පේන දේ තමයි සම්පූර්ණයෙන්ම මේ ලෝකෙ තිබෙන මනුෂ්‍ය සංහතියටම එරෙහිව කරපු ක්‍රියාවක් එම ක්‍රියාවේදී ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ අයට අපේ ශෝකය ප්‍රකාශ කරන ගමන් ඔහුට ඒ කරපු අපරාධයට ඒ වගේම ඔහුගේ බිරිඳ ස්වාමි පුරුෂයෙක් නැති වුණා ඔහුගේ දරුවන්ට පියා අහිමි වුණා පවුලේ ඉන්න ඔහුගේ සහෝදරවරුන්ට සහෝදරයෙක් අහිමි වුණා ඒ සියලු දෙනාටම පාකිස්ථානු රජයට වගකීමක් තියෙනවා සාධාරණයක් ඉෂ්ට කරන්න.

පාකිස්තාන රජයෙන් අපි ඉල්ලනවා ප්‍රියන්ත කුමාර ශ්‍රී ලාංකික සහොදරයට කරපු අපරාධයට එරෙහිව ඒ රටේ නීතිය කිසිදු ආකාරයෙන් ලිහිල් භාවයකින් තොරව ඒ අපරාධකරුවන්ට විරුද්ධව ක්‍රියාත්මක කරන්න කියලා

ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ රජයටත් විදේශ අමාත්‍යාංශයටත් කියන්න කැමතියි ඒ දරු දෙදෙනාත් බිරිදත්, සැමියගේ සිදුවීම නිසා ඔවුන්ගේ පවුල් වල අනාගතය ගැන ගැටලුකාරී තත්ත්වයකට ඔවුන්ට මුහුණ දෙන්න වෙනවා ඒ නිසා පකිස්ථානු රාජයත් සමග මැදිහත් වෙලා ඒකෙ සේවය කරපු ඒ කර්මාන්ත හිමිකරුත් එක්ක මැදිහත් වෙලා ඒ පවුල්වලට ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් යම් වගකීමක් පකිස්ථාන රජයත් එම කර්මාන්ත ශාලාවේ හිමිකරු වත්
භාරගත යුතුයි එම ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය මගින් මැදිහත් විය යුතුයි කියන එක මේ අවස්ථාවේ කියනවා මෙය මනුෂ්‍ය සංහතියට එරෙහිව අන්තවාදී ක්‍රියාවක් කිසිදු ලෙසක ඒවා හෙළා දකින ගමන් පාකිස්තානු ජනතාව අතර යම් විරෝධයක් මතු වෙලා තියෙනවා ඒක හොද ලක්ෂණයක් මෙවැනි අන්තවාදී ක්‍රියාවන් ලෝකයේ හැම රටකම පහුගිය කාලයේ අපි දැක්කා ඒක මොන රටේ සිද්ධ වුණත් මනුෂ්‍ය සංහතියට සිද්ධ වුණු සියලු ක්‍රියාවන් වලට අපි සියලු දෙනාම ඒකට විරුද්ධව නැගී සිටිය යුතුයි ඒක කොයි ප්‍රදේශයේ කොයි රටේ වුණත් මනුෂ්‍ය සංහතියට කරන නිගාවක් හා බරපතළ අපරාධයක් හැටියට අපි සලකනවා.

ඒවා මුල් කරගෙන ලංකාවේ සමාජ මාධ්‍ය තුළ මේ දවස් වල විශාල ලෙස බංකොලොත් වෙච්ච දේශපාලඥයන් තමන්ගේ වාසියට යොදා ගනිමින් යම් ප්‍රචාරයන් කරනවා ඒ නිසා අපි මේ රටේ පොලිස්පතිතුමාට කියනවා මේ පිළිබඳව අවධානය යොමු කරන්න මේ රටේ බංකොලොත් වෙලා ඉන්න දේශපාලනඥ කණ්ඩායම් දේශපාලන නායකයින් මේවා මුල් කරගෙන නැවත වතාවක් තමන්ගේ බලය තහවුරු කර ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ අපේ සමාජය තුළ මේවා පිළිබඳ බෙදීමට ලක් කරලා අපි අතර සැකයක් අවිශ්වාසයක් ඇති කරලා අපි අතර ගැටුම් ඇති කරන්න යම් කණ්ඩායම් ප්‍රයෝජන ගන්න පුළුවන් රජයේ අවධානය වගේම පොලිස්පතිතුමාගේ අවධානයක් මේ සඳහා යොමු කරනවා . මේ රටේ තිබෙන තත්ත්වය ආරක්ෂා කරමින් විශේෂයෙන්ම පාකිස්තානු රජයෙන් නැවත වතාවක් ඉල්ලා සිටිනවා ඒ අපරාධකරුවන්ට කිසිම ලිහිල් භාවයක් දෙන්න හොඳ නෑ ඒ කරපු අපරාධයට ඔවුන්ට නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි කියන තැන අපි ඉන්නවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments