24.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeUncategorizedනීති විරෝධි මත්පැන් හා මත්ද්‍රව්‍ය, කැලෑ පාළුවන් එස්.ටි.එෆ්.දැලේ.

නීති විරෝධි මත්පැන් හා මත්ද්‍රව්‍ය, කැලෑ පාළුවන් එස්.ටි.එෆ්.දැලේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් දෛනිකව සිදුකරන වැටලීම්වලදී කන්තලේ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් වැටලීම් තුනක් සිදුකොට බලපත්‍ර නැතිව දේශීය නිෂ්පාදිත කොටන තුවක්කු තුනක් හා පිහි දෙකක් ළඟ තබාගෙන සිටි තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝනහේන කඳවුරේ නිලධාරී කණ්ඩායහමක් නීති විරෝධි මත්පැන් ලීටර් 127.5ක් හා මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා ලීටර් 2,650ක් ඇතුළු උපකරණ අත්අඩංගුවට ගෙන ඇත. කහවත්ත කඳවුරේ නිලධාරි පිරිසක් නීතී විරෝධි මත්පැන් 33.75ක් හා පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. හොරණ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් නීති විරෝධි මත්පැන්9.75ක් හා මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා ලීටර් 880ක් ඇතුළු උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. සූරියවැව කඳවුරේ නිලධාරි පිරිසක් පර්චස් 9ක පමණ භූමි ප්‍රමාණයක වග කර තිබු ගංජා වගාවක් සැකකරුවකු නැතිව අත්අඩංගුවට ගෙන තිබේ. ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් කේරළ ගංජා ග්‍රෑම් 92ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් මිලිග්‍රෑම් 990ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. මූලස්ථාන කඳවුරේ නිලධාරී කණ්ඩායමක් නීති විරෝධි ලෙස මෙරටට ගෙනවා ඇති දුම්වැටි 360ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. කැබිතිගෝල්ලෑව කඳවුරේ නිලධාරි කණ්ඩායමක් හම්බරයාගම කැලෑ ප්‍රදේශයට ඇතුළුවි අක්කර එකක භූමි ප්‍රදේශයක අනවසරයෙන් එලි පෙහෙලි කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව සූරියමාර දැව කඳන් ළඟ තබාගෙන ලී ඉරමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. මුලතිව් කඳවුරේ නිලධාරි පිරිසක් පුදම්වයල් රක්ෂිතය වෙත අනවසරයෙන් ඇතුළුවී අක්කර 1/2 පමණ භූමි ප්‍රමාණයක් එළි පෙහෙළි කළ අයකු අත්අඩංගුවට ගෙන ඇත. දඹුල්ල කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව රක්ෂිත භූමියේ වැලි කැණීම් කළ අයකු අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments