22.1 C
Sri Lanka
Wednesday, May 7, 2025
HomeTOPපාකිස්ථානයේ සියල්කොට් ප්‍රදේශයේදී අමානුෂික ලෙස ඝාතනය වු ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ...

පාකිස්ථානයේ සියල්කොට් ප්‍රදේශයේදී අමානුෂික ලෙස ඝාතනය වු ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ අය වෙත මානුෂීය පදනම මත රුපියල් ලක්ෂ විසිපහක වන්දියක් ගෙවීමට රජය තීරණය කරයි.

පාකිස්ථානයේ සියල්කොට් ප්‍රදේශයේදී අමානුෂික ලෙස ඝාතනය වු ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයෙකුවු දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ අය වෙත මානුෂීය පදනම මත රුපියල් ලක්ෂ විසිපහක වන්දියක් ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව කම්කරු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මෙම මානුෂීය පදනම මත වන්දි මුදල එම පවුලේ අය වෙත ලබාදීම සඳහා අනුමැතිය ගැනීමට කම්කරු ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා කැබිනට් පත්‍රිකාවක් ඉකුත් ඇමැති මණ්ඬල රැස්වීමේදි ඉදිරිපත් කර තිබේ.

දෙසැම්බර් 03 දින පකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේ මැර පිරිසක් විසින් කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් සිටි මොහුට වධ දී ඝාතනය කර සිරුරට ගිනි තබා ඇත.
ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයා දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාර නමැත්තා ලෙස හඳුනාගෙන ඇති අතර පවුලේ ඥාතීන් ප්‍රකාශ කරන පරිදි අංක N8794593 දරන විදේශ ගමන් බලපත්‍ර මත ඔහු 2010 වසරේදී රැකියාවක් සඳහා පකිස්ථානය බලා පිටත්ව ගොස් ඇත. ප්‍රියන්තමහතා2012 වසරේ සිට පකිස්ථානයේ සියල්කොට් කර්මාන්ත ශාලාවේ කළමනාකරු ලෙස කටයුතු කර ඇති නමුත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නඩත්තු කරන දත්ත පද්ධතිය අනුව ඔහු එම කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගෙන නොමැති බවට කරුණු අනාවරණය වී ඇත. ඒ අනුව මෙම වන්දිය ගෙවීම සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් ලබාගැනීමට සිදුවි ඇත.

අභාවප්ප්‍රාප්ත ප්‍රියන්ත කුමාර මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය නොමැතිව විදේශ ගත වුවත්, මානුෂිය පදනම මත ඔහුගේ බිරිඳ හා දරුවන්ට සඳහා සේවක සුභාසාධන අරමුදල යටතේ රුපියල් මිලියන 2.5 ක වන්දි මුදලක් ලබා දිම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඬල අනුමැතිය ලබා දී ඇත.

මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති අතර අදාළ බලධාරීන් ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් පවතී.මෙම ම්ලේච්ඡ ඝාතනයලොව පුරා බොහෝ දෙනා කම්පනයට පත් කර ඇති අතර ඉකුත් (04) පැවති අයවැය විවාදය අතරතුර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ද මේ සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments