ඉංදියාවේ නවදිල්ලි නුවර පිහිටි ඉතාලි තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ෆැබි‍්‍රසියෝ ෆල්සි මහතා (08) ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.
මෙම හමුවේදී ගුවන් හමුදාධිපති සහ කපිතාන් ෆල්සි මහතා ද්වීපාර්ශවික කරුණු සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් පැවැත්වූහ. ගුවන් හමුදා මූලස්ථානයෙන් පිටත්ව යාමට පෙර ගුවන් හමුදාධිපති සහ ඉතාලි ආරක්ෂක උපදේශක අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු වූහ.