29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsඑල්.ටී.ටී.ඊ. යුධ සමයේ එම ත්‍රස්වාදීන් භාවිත කළ මිලිමිීටර් අසූව ප්‍රමාණයේ මෝටාර්...

එල්.ටී.ටී.ඊ. යුධ සමයේ එම ත්‍රස්වාදීන් භාවිත කළ මිලිමිීටර් අසූව ප්‍රමාණයේ මෝටාර් උණ්ඩ 14, නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් හා කැලෑපාළුවන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

පසුගිය යුධ සමයේ එල්.ටී.ටී.ඊ.

ත්‍රස්තවාදීන් භාවිතා කරන ලැබු

බවට සැක කරන මිලි මීටර් 80

ප්‍රමාණයේ මෝටාර් උණ්ඩ 14 ක්

විශේෂ කාර්ය බලකා නිලධාරීන්

අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය වාලච්චේන

කඳවුරේ නිලධාරීන්ට ලැබුණු

තොරතුරකට අනුව වාලච්චේන

කඳවුරේ නිලධාරී කණ්ඩායමක්

(12) වාලච්චේන පොලිස්

වසමේ තොප්පිගල රක්ෂිතය

ප්‍රදේශයේ දී සෝදිසි කිරීමක්

සිදුකොට එහිදි පසුගිය යුධ සමයේ

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් භාවිතා

කර අතහැර දමා යන ලැබු බවට

සැක කරන මි.මී. 80 ප්‍රමාණයේ

මෝටාර් උණ්ඩ 14 ක්

සොයාගෙන (13) වාලච්චේන

මහේස්ත්‍රාත් අධිකරණය වෙත

ඉදිරිපත් කර විනාශ කිරීමට

නියෝග ලබාගැනීම සඳහා යොමු

කර ඇත.
අත්අඩංගුවට ගත්

මෝටාර් උණ්ඩ
මී.මී. 80

ප්‍රමාණයේ මෝටාර් උණ්ඩ 14

වේ.

මේ අතර විශේෂ කාර්ය බලකාය

සිය දෛනික වැටලීම්වලදී

ගෝනහේන කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් රාගම පොලිස් වසමේ

නීති විරෝධි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්

තිස් හයක් හා මිලිග්‍රෑම් හත්සිය

අසූවක් සහ මුදලින් රුපියල්

639,000.00ක් ළඟ

තබාගෙන සිටි අයකු අත්අඩංගුවට

ගෙන ඇත. පූගොඩ කඳවුරේ

නිලධාරී කණ්ඩායමක් කිරිඳිවැල

පොලිස් වසමේ නීති විරෝධි

මත්පැන් මිලි ලීටර් 33,750ක්

ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන තිබේ. හොරණ

කඳවුරේ නිලධාරි කණ්ඩායමක්

මොරගහහේන පොලිස් වසමේ නීති

විරෝධි මත්පැන්

මිලිලීටර්18,000ක් හා ගෝඩා

මිලි ලීටර් 423,000ක් ළඟ

තබාගෙන සිටි අයකු අත්අඩංගුවට

ගෙන ඇත. පුලියන්කුලම කඳවුරේ

නිලධාරි කණ්ඩායමක්

පුලියන්කුලම පොලිස් වසමේ

පරන්තන් රක්ෂිතයේ නියනමඩු

ප්‍රදේශයේදී අනවසරයෙන් රක්ෂිත

තුලට ඇතුළුවි නීති විරෝධි ලෙස

බුරුත දැව කඳන් 35ක් කපා

ප්‍රවාහනයට සූදානම් කරමින් සිටි

අයකු අත්අඩංගුවට ගෙන තිබේ.

සෙට්ටිකුලම කඳවුරේ නිලධාරී

පිරිසක් මැදවච්චිය පොලිස් වසමේ

බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය

කරමින් ගල්වලක් පවත්වාගෙන

ගිය අයකු අත්අඩංගුවට ගෙන

ඇත.දඹුල්ල කඳවුරේ නිලධාරි

පිරිසක් කණ්ඩායමක් ගල්කිරියාගම

පොලිස් වසමේ නීති විරෝධි

මත්පැන් පෙරීමට යොදාගන්නා

ගෝඩා මිලි ලීටර් 195,000ක්

සහ පෙරීමේ ළඟ තබාගෙන සිටි

අයකු අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රීකුණාමලය කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් මොරවැව පොලිස්

වසමේ වෙප්පම්කූලම් රජයේ

රක්ෂිතයට ඇතුළුවි අක්කර දෙකක

පමණ කැලෑ කොටසක් කපා

ඉවත්කර අනර්ථයක් සිදුකළ

තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

වාලච්චේන කඳවුරේ නිලධාරි

පිරිසක් වාලච්චේන පොලිස් වසමේ

බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය

කර වැලි ප්‍රවාහනය කරමින් සිටි

අයකු සමග ඒ සඳහා යොදාගත්

ටිපර් රථයක් අත්අඩංගුවට ගෙන

තිබේ. එමෙන්ම කහවත්ත කඳවුරේ

නිලධාරි පිරිසක් එම පොලිස්

වසමේ නීතිවිරෝධි මත්පැන් මිලි

ලීටර් 18,750ක් ගෝඩා මිලි

ලීටර් 135,000ක් සහ

පෙරීමේ උපකරණ ළඟ තබාගෙන

සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.

පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක්

කොස්ගම පොලිස් වසමේ නීති

විරෝධි මත්පැන් මිලි ලීටර්

33,750ක් ළඟ තබාගෙන සිටි

අයකු අත්අඩංගුවට ගෙන තිබේ.

මස්කෙළිය කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් කිතුල්ගල පොලිස්

වසමේ නීතිවිරෝධි මත්පැන් මිලි

ලීටර් 3,375ක් ළඟ තබාගෙන

සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.

අගුණකොළපැලැස්ස කඳවුරේ

නිලධාරි පිරිසක්

අගුණකොළපැලැස්ස

බන්ධනාගාරයේ හෙරොයින්

සම්බන්ධ වරදකට බන්ධනාගාර

ගතව සිට වැලිකඩ යෙන්

අගුණකොළපැලැස්ස

බන්ධනාගාරය වෙත රැගෙන

ඒමෙන් අනතුරුව පරීක්ෂා

කිරීමෙන් පසු සිරකරු රැගෙන එනු

ලැබු ගමන් බෑගයක එල්ලාගෙන

යන පටි දෙක අතර සූක්ෂම ලෙස

සඟවා තිබු අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම්

1,850ක් සමග අයකු

අත්අඩංගුවට ගෙන ඇත.

අගුණකොළපැලැස්ස කඳවුරේ

නිලධාරි කණ්ඩායම එම ප්‍රදේශයේ

බන්ධනාගාරයේ සොරකම් කිරීමේ

වරදට බන්ධනාගාර ගතව සිට

වැලිකඩ බන්ධනාගාරයේ සිට

අගුණකොළපැලැස්ස

බන්ධනාගාරය වෙත රැගෙන ආ

රැඳවියකු පරීක්ෂා කිරීමේදි සිරකරු

ගෙන එනුලැබු නිල්පාට රෙදි

බෑගයක ඒල්ලාගෙන යන

කොටසේ වාටිය ඇතුළට දමා

මැහුම් යොදා සූක්ෂම ලෙස සඟවා

තිබු හෙරොයින් මිලි ග්‍රෑම්

4,100ක් සමග අයකු අත්අඩංගුවට

ගෙන තිබේ. එවැනි එම බන්ධනාගරයේ සිදුකළ පරීක්ෂා කිරීමේදි රැඳවියකු දෙවනවර පරීක්ෂා කිරීමේදි ළඟ තිබි අයිස් මත්ද්‍රව්‍ය මිගි ග්‍රෑම් 1,520ක් අත්අඩංගුවට ගෙන තිබේ. අගුණකොළ පැලැස්ස කඳවුරේ නිලධාරි කණ්ඩායමක් අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ සිරකරුවන් තාවකාලිකව රඳවා තබන සිර මැදිරියේ ඇති ජනේලයට සවිකර තිබු කාඩ් බෝඩ් කැබැල්ලක් ඇතුළත සහ එම සිර මැදිරියේ තිබු කුණු කූඩයක සඟවා තිබි සැකකරුවන් නැති පොලිතින් කවර යොදාගෙන කුඩා බෝලවලට ඔතන ලැබු සුරුට්ටු 14ක් සහ දුම්කොළ කැබිලි දහයක් සොයාගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments