25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPවෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ ගැටළුව විසඳීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රමාදය නිසා ඉදිරියේ ඇති වන...

වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ ගැටළුව විසඳීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රමාදය නිසා ඉදිරියේ ඇති වන සේවා බිඳ වැටීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා භාරගත යුතුය.

වෛද්‍ය සේවා ව්‍යවස්ථාව අනුව වෛද්‍යවරුන් ප්‍රධාන ශ්‍රේණි 3 කට වර්ග කර ඇත. එනම් විශේෂඥ වෛද්‍යවරු,ශ්‍රේණි වෛද්‍යවරු හා වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ වෛද්‍යවරු.

පවතින වෛද්‍ය සේවා ව්‍යවස්ථාව අනුව මෙම සේවා කාණ්ඩ සඳහා සපුරාලිය යුතු සුදුසුකම් / පශ්චාත් උපාධි සුදුසුකම් පෙන්වා දී ඇති අතර වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ සේවය සඳහා වු එම සුදුසුකම් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කාලයේදී කිසිදු පාර්ශවයක විමසීමකින් තොරව අත්තනෝමතිකව කැබිනට් පත්‍රිකා මඟින් වෙනස් කළේය.

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම අවස්ථාවේ සිටම සිය විරෝධය පලකළ අතර නියමිත ක්‍රමවේදයෙන් හා පාර්ශවකරුවන්ගේ එකඟතාවයෙන් තොරව වෛද්‍ය සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ හිටපු අමත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධව එවකට ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැමිණිලි කළේය. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අත්තනෝමතික කැබිනට් පත්‍රිකාවට සිය විරෝධය හා සේවා ව්‍යවස්ථාව සංශෝධනය සඳහා නිවැරදි ක්‍රමවේදය අනුගමනය කළ යුතු බව එවකට කැබිනට් මණ්ඩලයට පෙන්වා දුනි.

නමුත් රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා තම බිරිඳ වෛද්‍ය පරිපාලන සේවයේ තනතුරු දැරීම පදනම් කර ගනිමින් ඉහත ක්‍රියාවලිය තමන්ට අවශ්‍ය පරිදි සිදු කළාය.

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව තාවකාලිකව නතර කිරීමටත්, සියළු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් නිවැරදි ක්‍රමවේදය අනුගමනය කර නිර්දේශ ලබා දීමට කමිටුවක් පත් කිරීමටත් වර්තමාන රජය බලයට පත් වූ පසු හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමිය කළ ඉල්ලීමට කැබිනට් මණ්ඬලයේ අනුමැතිය ලබා දුනි. නමුත් එම කැබිනට් මණ්ඩලයේ තීරණය ගෙන මාස 6 කට අධික කාලයක් ගත වී ඇතත් එම තීරණයට අනුව අදාල කමිටුව පත් කර නිර්දේශ ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය මෙතෙක් අපොහොසත් වී ඇත.

මේ නිසා වෛද්‍ය පරිපාලන ශ්‍රේණිය තුළ අනවශ්‍ය අර්බුදකාරී තත්ත්වයක් උද්ගත කර ඇති අතර එහි සම්පූර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යංශය භාර ගත යුතුය. කැබිනට් මණ්ඩලයේ තීරණයට අනුව සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වන අතර එහි ප්‍රමාදය නිසා ඉදිරියේ ඇති වන සේවා බිඳ වැටීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා භාරගත යුතුය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments