පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදී කෑගල්ල කඳවුරේ නිලධාරි කණ්ඩයමක් එම පොලිස් වසමේ රන්දෙණිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් දෙසිය පනහක් ළඟ තබාගෙන සිටි අයකු (13) අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රිකුණාමලය කඳවුරේ නිලධාරි කණ්ඩායමක් අම්බුවේලිපුරම් ත්‍රිකුණාමලය ලිපිනයේ පිහිටි ඉඩමක තිබි ඉටි කොළය ඔතන ලැබු හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් නවසිය හතළිස් තුනක් හා මත්පෙති දහයක් අත්අඩංගුවට ගෙන ඇත. මූලස්ථාන කඳවුරේ නිලධාරි පිරිසක් මීගමුව පොලිස් වසමේ මීගමුව අල් අමීරා හෝටලය ඉදිරිපිටදී නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලැබු දුම්වැටි දහසක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. මහඔය කඳවුරේ නිලධාරි කණ්ඩායමක් මහඔය පොලිස් වසමේ පුලාවල ප්‍රදේශයේදී බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කර පුලාවල හැවිනි ඇලෙහි ඉවුර කඩා ට්‍රැක්ටර් රථයක් ඇළ තුලට ඇතුළු කිරීම, වැලිකැණීම, සහ වැලි පටවා ප්‍රවාහනයට සූදානම් කිරීම යන වැරැදි යටතේ අයකු අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම අගුණකොළෙපැලැස්ස බන්ධනාගාරයේ රාජකාරි කරනු ලබන නිලධාරි කණ්ඩායමක් එම බන්ධනාගාරයේ රැඳවියන් හා කාර්ය මණ්ඬල පරීක්ෂා කරන ස්ථානයේදී සිරකුරුවකු ළඟ තිබි රිදි මාලයක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම බන්ධනාගාරයේම රාජකාරි කරනු ලබන නිලධාරි පිරිසක් එම රැඳවියන් හා කාර්ය මණ්ඬලය පරික්ෂා කරන ස්ථානයේදී සිරකරුවකු ළඟ තිබි දුම්කොළ කුඩු ග්‍රෑම් 09යි මිලිග්‍රෑම් 310ක් සහ ඩයලොග් වර්ගයේ සිම්පතක් අත්අඩංගුවට ගෙන ඇත. අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ රාජකාරි කරනුලබන නිලධාරි පිරිසක් එම බන්ධනාගාරයේ රැඳවියන් හා කාර්ය මණ්ඬලය පරීක්ෂා කරන ස්ථානයේදි සිරකුරුවෙකු ළඟ තිබි දුම්කොළ කුඩු ග්‍රෑම් තුනයි, මිලි ග්‍රෑම් අටසිය හතළියක්, රිදි මුදු එකක් සහ දුරකතන චාජර් පින්එකක් අත්අඩංගුවට ගෙන තිබේ. පරයනාලන්කූලම් කඳවුරේ නිලධාරි පිරිසක් මඩුපොලිස් වසමේ පන්නිවේට්ටුවාන් රජයේ කැලෑව ප්‍රදේශයේදී බලපත්‍ර නැතිව වැලි කැණීම්කර ට්‍රැක්ටර් රථයකට සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙනඇත.