බලපත්‍ර නොමැතිව මෙරට
නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන
තුවක්කු 07 ක් විශේෂ කාර්ය බලකා
නිලධාරීන් අත්අඩංගුවට ගෙන
තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන
නිලධාරී නියෝජ්‍ය පොලිස්පති
නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ
අධීක්ෂණය යටතේ කලවංචිකුඩි
කඳවුරේ නිලධාරීන්ට ලද
තොරතුරකට අනුව දෙවන කඳවුරු
අණදෙන නිලධාරී පොලිස් පරීක්‍ෂක
ටී.එම්.එම්.යූ.කේ.බී තෙන්නකෝන්
ඇතුළු නිලධාරී කණ්ඩායමක්
(14) කරදියනාරු පොලිස්
වසමේ කිතුල, පොතාන ප්‍රදේශයේ
දී සිදුකරනු ලැබු වැටලීමක දී
බලපත්‍ර නොමැතිව මෙරට
නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන
තුවක්කු 07 ක් හා යකඩ බෝල 350
ක් සමඟ සතුන් මැරීම සඳහා යොදා
ගන්නා යකඩ මදු 05 ක්
සැකකරුවන් නොමැතිව
අත්අඩංගුවට ගෙන වැඩිදුර
විමර්ශන කටයුතු සඳහා
කරදියනාරු පොලිස් ස්ථානය වෙත
භාර දී ඇත.
මේ අතර පොලිස් විශේෂ කාර්ය
බලකාය සිය දෛනික වැටලීම්වලදී
වව්නතිව් කඳවුරේ නිලධාරි පිරිසක්
වැටලීමක් සිදුකොට මෙරට
නිෂ්පාදිත බෙහෙත් කොටන
තුවක්කුවක් අත්අඩංගුවට ගෙන
තිබේ. කල්මුණේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැටලීම් දෙකක් සිදුකර කේරළ ගංජා ළඟ තබාගෙන සිටි දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.පුල්මුඩේ කඳවුරේ නිලධාරි පිරිසක් අත්අඩංගුවට ගැනීම් සිදුකර බලපත්‍ර නැතිව ට්‍රැක්ටර් රථ තුනකට වැලි පටවමින් සිටි පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. අරුගම්බේ කඳවුරේ නිලධාරී පිරිසක් වැටලිමක් සිදුකොට අනවසරයෙන් රක්ෂිතයට ඇතුළුවි මාර්ගයක් ඉදිකරමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. වාකරේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැටලීමක් සිදුකර බලපත්‍ර රහිතව වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු හා එම භාණ්ඩ සමග අත්අඩංගුවට ගෙන ඇත. තංගල්ල කඳවුරේ නිලධාරි පිරිසක් වැටලීමක් සිදුකොට නීති විරෝධි ලෙස මෙරට නිෂ්පාදිත තුවක්කුවක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරි පිරිසක් අත්අඩංගුවට ගැනීමක් සිදුකර නීති විරෝධි ලෙස ගජමුතු ළඟ තබාගෙන සිටි අයකු තබාගත් අයකු අත්අඩංගුවට ගෙන ඇත. මූලස්ථාන කඳවුරේ නිලධාරි පිරිසක් අත්අඩංගුවට ගැනීමක් සිදුකර නීති විරෝධි බලපත්‍ර නැතිව වල්පට්ටා ශාඛ කොටස් කිලෝ ග්‍රෑම් හයයි ග්‍රෑම් හයසිය පනහක් සමග චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම හොරණ කඳවුරේ නිලධාරි පිරිසක් වැටලීමක් සිදුකර බලපත්‍ර නැතිව කොස් දැව ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. මූලස්ථාන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැටලිමක් සිදුකර බලපත්‍ර නැතිව වැලි කැණීම්කර ටිපර් රථයකට පටවමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. කුරුණෑගල කඳවුරේ නිලධාරි වැටලීමක් සිදුකර බලපත්‍ර නැතිව තේක්ක දැව කඳන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. පරයනාලන්කූලම් කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැටලීමක් සිදුකර වලංගු බලපත්‍රයක් නැතිව වැලි කැණීම්කර ට්‍රැක්ටර් රථයකට වැලි පටවමින් සිටි අයකු එම ට්‍රැක්ටර් රථය සමග අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් වැටලිමක් සිදුකර නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. මාන්කූලම් කඳවුරේ නිලධාරි පිරිසක් වැටලීමක් සිදුකර බලපත්‍ර නැතිව නීති විරෝධිව මෙ රට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. මුලතිව් කඳවුරේ නිලධාරී කණ්ඩායමක් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අනවසරයෙන් මුරිප්පු රක්ෂිතයෙන් කපා රැගෙන එන ලැබු තේක්ක දැව තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. හපුතලේ කඳවුරේ නිලධාරි පිරිසක් වැටලීමක් සිදුකර නීථි විරෝධිව බලපත්‍ර නැතිව මෙරට නිෂ්පාදිත කොටන තුවක්කුවක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. බුත්තල කඳවුරේ නිලධාරි පිරිසක් වැටලීම් අටක් සිදුකර බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් ටිපර් රථ අටකින් වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් අට දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. උඩවලව කඳවුරේ නිලධාරී කණ්ඩායමක් වැටලිමක් සිදුකර නීතී විරෝධිව බලපත්‍ර නැතිව ජංගම ඉරුම් බංකුවක් මගින් තේක්ක දැව ඉරමින් සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙනතිබේ. කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරි පිරිසක් අත්අඩංගුවට ගැනීම් දෙකක් සිදුකර මුස්ලිම් ඇටවිරගොල්ලෑව රජයේ කැලය ප්‍රදේශයට ඇතුළුවි කැලය අනවසරයෙන් එළි පෙහෙළි කරමින් සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත.