21.6 C
Sri Lanka
Sunday, May 11, 2025
Homeක්‍රීඩා පුවත්ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පාසල් මට්ටමින් සංවර්ධන සංචිතයක්නිර්මාණය කරනවා-අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා

ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පාසල් මට්ටමින් සංවර්ධන සංචිතයක්නිර්මාණය කරනවා-අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා

පළාත් මට්ටමේ පාසල් සත් සාමාජික රග්බි තරගාවලියට ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වය ලබාදීම සම්බන්ධව දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්ඊයේ (14) දින තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

මෙම සත් සාමාජික රග්බිතරගාවලිය ක්‍රීඩා අමාත්‍යාංශයේ රග්බි උපදේශක කමිටුවේ නිර්දේශ මත අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය විසින් සංවිධානය කරනු ලබයි.

තරගාවලිය 2021 දෙසැම්බර් 18 සිට 31 දක්වා පැවැත්වේ. ක්‍රීඩකයින් ඔවුන්ගේ පාසල් විසින් අධීක්ෂණය කරනු ලබන ජෛව ආරක්ෂිත පරිසරයක සිටින අතරවේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණ (Rapid Antigen Test)නියමිත කාල සීමාවන්හිදී සිදු කෙරේ.

මෙම අන්තර් පළාත් සත් සාමාජික රග්බි තරඟාවලියසඳහා නිල අනුග්‍රාහකත්වයඩයලොග් ආසියාටා පී.එල්.සී සමාගම විසින් ලබාදේ.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

‘‘පාසල් රගර් ක්‍රීඩාව නැවත වතාවක් ආරම්භ කිරීමට මුල පිරීම පිළිබදවපාසල් රග්බි සංගමයට හා ඩයලොග් ආයතනයටමම ස්තූතිවන්ත වෙනවා.

රග්බි ක්‍රීඩාව සම්බන්ධව අමාත්‍යතුමාට හා අමාත්‍යාංශයට උපදෙස් ලබාදීම සදහා පත් කරන ලද අසංක සෙනෙවිරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුව රග්බි සංගමය සමග එක්ව සාකච්ඡා කර නැවත වතාවක් රට තුළ රග්බි ක්‍රීඩාව ආරම්භ කිරිමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

කොවිඩ් 19 වසංගතයත් සමග අපේ රටේ සමස්ථ ක්‍රීඩාව අඩපණ වුණා. කොවිඩ් වසංගතය මැඩපවත්වාගෙන ජාත්‍යන්තර තරග පැවැත් වූ දකුණු ආසියාවේ පළමු රට බවට අපිපත්වුණා.

‘රග්බි 7s’ ආසියානු පදක්කමක් ලබා ගත හැකි ක්‍රීඩාවක් බවඅපි විස්වාශ කරනවා. ඒ ගමන යාමට අපි පාසල් මට්ටමින් රග්බි ක්‍රීඩාවේ ගුණාත්මකභාවය ඉහල මට්ටමින් පවත්වාගෙන යා යුතුයි.

සත් සාමාජික එක්රග්බි තරගාවලියක් පමණක් ක්‍රීඩා කර ප්‍රතිඵල ලැබිය නොහැකි නිසා අවම වශයෙන්තරගාවලි තුනක්වත් පැවැත්විය යුතුයි කියන යෝජනාව උපදේශක කමිටුවට හා පාසල් රග්බි සංගමයටමම කළා.ඒ හරහා හොද ජාතික කණ්ඩායමක් ඉදිරි වසරවල නිර්මාණය කරන්න හැකියාව ලැබේවී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments