මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්
ඡනරාල් විසින් රියදුරු බලපත්‍රයක්
අළුත් කිරිමේ දි නිකුත් කරනු ලබන
තාවකාලික බලපත්‍රය වෙනුවට
ව්‍යාජ ලෙස පරිගණක යන්ත්‍ර මගින්
සකස් කල පුද්ගලයින් දෙදෙනෙකු
විශේෂ කාර්ය බලකයේ නිලධාරීන්
අත්ඩංගුවට
ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය තංගල්ල
කඳවුරේ නිලධාරීන්ට ලැබුණු
තොරතුරකට අනුව කඳවුර
අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස්
පරික්ෂක කේ.ඒ.සි.කේ. මාරපන
ඇතුළු නිලධාරී කණ්ඩායමක්
(16) මිද්දෙණිය පොලිස් වසමේ
තලාව ප්‍රදේශයේ දී වැටලීමක්
සිදුකොට කූඨ ලෙස ලේඛන සකස්
කර ව්‍යාජ තාවකාලික රියදුරු
බලපත්‍ර 07 ක් සමඟ ඒවා සකස්
කිරීමට යොදා ගත් පරිගණක
යන්ත්‍රයක් හා උපාංග සමඟ
මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි වයස
අවුරුදු 42ක් සහ 36ක් වන
පුද්ගලයින් දෙදෙනෙකු
අත්අඩංගුවට ගෙන වැඩිදුර
විමර්ශන කටයුතු සඳහා මිද්දෙණිය
පොලිස් ස්ථානය වෙත භාර දී
ඇත.
මෙම පුද්ගලයින් මීට පෙරද
2003 වර්ෂයේදි ව්‍යාජ
නිෂ්කාශන වාර්ථාවක් පුද්ගලයකු
වෙත ලබා දි මාතර ම/උ මගින් රු.
50,000.00 දඩ මුදලක්
නියම කර ඇත.
2011 වර්ෂයේ දී
පුද්ගලයකු හට ව්‍යාජ තාවකාලික
රියදුරු ගමන් බලපත්‍රයක් ලබාදීම
සම්බන්ධයෙන් මාතර
පොලිස්ථානය මගින් අත්අඩංගුවට
ගෙන මාතර ම/උ
2500/2011 යටතේ නඩු
පවරා මේ වන විට නඩුව විභාග
වෙමින් පවති. තවද ප්‍රදේශයේ
පුද්ගලයින් බියවද්දා කප්පම් ලබා
ගන්නා බවටද තොරතුරු වාර්තා වී
තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීමේදී
සැකකරුගෙන් සිදුකරන ලැබු
ප්‍රශ්න කිරීමේදි සැකකරු ලබාදුන්
තොරතුරකට අනුව විශේෂ කාර්ය
බලකාය විශේෂ මෙහෙයුම් අංශය
I හි පොලිස් පරික්ෂක වයි.එස්.
සුරවීර ඇතුළු නිලධාරී
කණ්ඩායමක් බොරලැස්ගමුව
පොලිස් වසමේ වේරහැර නිමල්
ලර්නස් යන ආයතනයේ දී මෝටර්
රථ ප්‍රවාහන කොමසාරිස් ඡනරාල්
රියදුරු බලපත්‍රයක් අලුත් කිරිමේ දි
නිකුත් කරනු ලබන තාවකාලික
බලපත්‍රය වෙනුවට ව්‍යාජ ලෙස
සකස් කර ඇති බලපත්‍ර 06 ක් ළඟ
තබාගෙන සිටි බොරලැස්ගමුව
ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57
ක් වන පුද්ගලයකු අත්අඩංගුවට
ගෙන වැඩිදුර විමර්ශන කටයුතු
සඳහා බොරලැස්ගමුව පොලිස්
ස්ථානය වෙත භාර දී තිබේ.
මෙහිදි අත්අඩංගුවට ගත්
භාණ්ඩවනුයේ ව්‍යාජ ලෙස සකස්
කරනු ලැබු තාවකාලික රියදුරු
බලපත්‍ර 13ක්, ජංගම දුරකථන
4යි,ස්ථානාධිපති
අගුණකොළපැළැස්ස අත්සන්
යොදා නිළ මුද්‍රාව තබන ව්‍යාජ
ලෙස සකස්ලැබු 01 යි,මෙමරි චිප්
එකක් අඩංගු කාඩ් රීඩර් 01 යි,
විවිධ වර්ගයේ කූට ලේඛණ ලෙස
සැකකෙරෙන ලිපි ගොනු 01
යි,විවිධ වර්ගයේ මුහුණු සහිත
ජායාරූප 04 යි, EPSON
වර්ගයේ කලර් ප්‍රින්ටර් 01
යි,පරිගණක යන්ත්‍ර 01ක්.
මේ අතර පොලිස් විශේෂ කාර්ය
බලකාය සිය දෛනික වැටලීම්වලදී
ගෝනහේන කඳවුරේ නිලධාරී
පිරිසක් කේරළ ගංජා හා අයිස්
මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි
දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත.
කිළිනොච්චිය කඳවුරේ නිලධාරි
පිරිසක් මායනගු ශිවපාදන් යන
අයට අයත් ඉඩම කැණීම් කර ජීව
උණ්ඩ විශාල ප්‍රමාණයක්
සොයාගෙන ඇත. සංවිධානාත්මක
අපරාධ මර්දන ඒකකය 1හි
නිලධාරි පිරිසක් තීරුබදු රහිතව
මෙරටට ආනයනය කරනු ලැබු
PRIDE වර්ගයේ දුම්වැටි ළඟ
තබාගෙන සිටි අයකු අත්අඩංගුවට
ගෙන තිබේ. මූලස්ථාන කඳවුරේ
නිලධාරි පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය ළඟ
තබාගෙන සිටි කාන්තාවක්
අත්අඩංගුවට ගෙන ඇත. වව්නියාව
කඳවුරේ නිලධාරී කණ්ඩායමක්
බලපත්‍ර නැතිව හිංසාකාරි ලෙස මී
ගවයින් සහ එළ ගවයින් ප්‍රවාහනය
කරමින් සිටි දෙදනකු අත්අඩංගුවට
ගෙන තිබේ. කුරුණෑගල කඳවුරේ
නිලධාරි පිරිසක් නීති විරෝධි
මත්පැන් සහ පෙරීමේ උපකරණ
ළඟ තබාගෙන සිටි දෙදනකු
අත්අඩංගුවට ගෙන ඇත.
අම්බලන්තොට කඳවුරේ නිලධාරි
පිරිසක් හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ
තබාගෙන සිටි දෙදනකු
අත්අඩංගුවට ගෙන තිබේ.
කහවත්ත කඳවුරේ නිලධාරී පිරිසක්
නීති විරෝධි මත්පැන් ළඟ
තබාගෙන සිටි අයකු අත්අඩංගුවට
ගෙන ඇත. බුත්තල කඳවුරේ
නිලධාරි පිරිසක් වියළි ගංජා ළඟ
තබාගෙන සිටි අයකු අත්අඩංගුවට
ගෙන ඇත. ගෝනහේන කඳවුරේ
නිලධාරි කණ්ඩායමක් නීති විරෝධි
මත්පැන් හා පෙරීමේ උපකරණ ළඟ
තබාගෙන සිටි අයකු අත්අඩංගුවට
ගෙන ඇත. ශාස්ත්‍රවෙල කඳවුරේ
නිලධාරි කණ්ඩායමක් නීති
විරෝධිව මුවමස් ප්‍රවාහනය කරමින්
සිටි පුද්ගලයින් තිදෙනකු
අත්අඩංගුවට ගෙන තිබේ.