නීති විරෝධීව ඉන්දියාවෙන්
මෙරටට ආනයනය කරන ලැබු
වියළි කහ කිලෝග්‍රෑම් එකසිය
හැත්තෑපහක් හා කහ කුඩු
කිලෝග්‍රෑම් විසිපහක් විශේෂ කාර්ය
බලකා නිලධාරීන් අත්අඩංගුවට
ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන
නිලධාරී නියෝජ්‍ය පොලිස්පති
නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ
අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය
බලකාය අළුත්ගම කඳවුරේ කඳවුර
අණදෙන නිලධාරී පොලිස්
පරීක්ෂක ජේ.ඩී.ඩබ්.එස්. ජයකොඩි
ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්
(17) බේරුවල පොලිස් වසමේ
බේරුවල ධීවර වරාය අසල
ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකොට
නීති විරෝධීව ඉන්දියාවෙන්
මෙරටට ආනයනය කරන ලැබු
වියළි කහ තොගයක් සහ සීල් කර
තිබු කහ කුඩු පැකට් විකිණීම සඳහා
ළඟ තබාගෙන සිටි කුරුණෑගල
ප්‍රදේශයේ වයස අවුරුදු 24 ක
පුද්ගලයකු මෝටර් රථයක් සමඟ
අත්අඩංගුවට ගෙන වැඩිදුර
විමර්ශන කටයුතු සඳහා බේරුවල
පොලිස් ස්ථානය වෙත භාර දී ඇත
කහ කිලෝ175 යි,
කහ කුඩු
කිලෝ ග්‍රෑම් 25 යි. හා මෝටර්
රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර පොලිස් විශේෂ කාර්ය
බලකාය සිය දෛනික වැටලීම්වලදී
හොරණ කඳවුරේ නිලධාරි පිරිසක්
මොරගහහේන පොලිස් වසමේ
විකිණීම සඳහා කේරළ ගංජා ග්‍රෑම්
දහඅටයි මිලිග්‍රෑම් හයසිය හතළියක්
ළඟ තබාගෙන සිටි
අයෙක්අත්අඩංගුවට ගෙන ඇත.
ගෝනහේන කඳවුරේ නිලධාරි
පිරිසක් කඳාන පොලිස් වසමේ නීති
විරෝධි මත්පැන් මිලි ලීටර්
හයදහසක් ළඟ තබාගෙන සිටි
අයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පූගොඩ කඳවුරේ නිලධාරී
කණ්ඩායමක් එම පොලිස් වසමේ
බලපත්‍ර නැතිව කැලණි ගඟේ වැලි
පටවමින් සහ බලපත්‍ර නැතිව වැලි
ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින්
දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ.
කිළිනොච්චිය කඳවුරේ නිලධාරී
පිරිසක් ධර්මපූරම් පොලිස් වසමේ
සැකකරුවන් නැතිව පසුගිය යුධ
සමයේ භාවිතා කර අතහැර දමන
ලැබු SFG 87 අත්බෝම්බයක්
සොයාගෙන නිෂ්ක්‍රීය කිරීමෙන්
අනතුරුව විනාශ කිරීම සඳහා
උසාවි නියෝග ලබාගන්නා තෙක්
සුරක්ෂිතව තැබීමට කටයුතු යොදා
ඇත. පරයනාලන්කූලම් කඳවුරේ
නිලධාරි පිරිසක් මඩු පොලිස්
වසමේ වලංගු බලපත්‍රයක් නැතිව
ටිපර් රථයකින් වැලි කියුබ් තුනක්
ප්‍රවාහනය කරමින් සිටි අයක් එම
ටිපර් රථය සමග අත්අඩංගුවට
ගෙන තිබේ. අරලගංවිල කඳවුරේ
නිලධාරි පිරිසක් එම පොලිස්
වසමේ තතහනම්
දැල්(මොනොපිලමන්ට්) තංගුස්
දැල් යොදාගෙන මසුන් මරමින් සිටි
දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත.
කල්මුණේ කඳවුරේ සහ
තිරික්කෝවිල් කඳවුරේ කඳවුරේ
නිලධාරි පිරිසක් සමග ඒකාබද්ධව
අක්කරපත්තු පොලිස් වසමේ
බලපත්‍ර නැතිව ගව ඝාතනයන
කරමින් සිටි තිදෙනකු අත්අඩංගුවට
ගෙන තිබේ. පුල්මුඩේ කඳවුරේ
නිලධාරි පිරිසක් කුච්චිවේලි පොලිස්
වසමේ නීති විරෝධි තහනම් කඩු
දෙකක් ළඟ තබාගෙන සිටි දෙදනකු
අත්අඩංගුවට ගෙන ඇත.
ත්‍රීකුණාමලය කඳවුරේ නිලධාරී
පිරිසක් උප්පුවේලි පොලිස් වසමේ
හෙරොයින් මිලිග්‍රෑම් 133ක් සහ
අයිස් මත්ද්‍රව්‍ය මිලි
ග්‍රෑම්7,475ක් ළඟ තබාගෙන
සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.
වාකරේ කඳවුරේ නිලධාරි පිරිසක්
එම පොලිස් වසමේ නීති විරෝධි
මත්පැන් මිලි ලීටර් 30,000ක්
සහ මත්පැන් පෙරීමේ උපකරණ
ළඟ තබාගෙන සිටි අයකු
අත්අඩංගුවට ගෙන ඇත.
අරුගම්බේ කඳවුරේ නිලධාරි
පිරිසක් පොතුවිල් පොලිස් වසමේ
සැකකරුවන් නැතිව රොට්ටකූලම්
වැව ආසන්න ප්‍රදේශයේදී ජීව
අත්බෝම්බ තුනක් සොයා
ගැනීමෙන් පසු පොතුවිල්
මහෙස්ත්‍රාත් අධිකරණය වෙත
ඉදිරිපත් කර පසුව ලැබුණු නියෝග
අනුව විනාශ කර ඇත.
කුරුණෑගල කඳවුරේ නිලධාරි
කණ්ඩායමක් එම පොලිස් වසමේ
යතුරු පැදියකින් නීති විරෝධි
මත්පැන් මිලි ලීටර් 19,500ක්
ප්‍රවාහනය කරමින් සිටි අයකු
අත්අඩංගුවට ගෙන තිබේ.
කහවත්ත කඳවුරේ නිලධාරි පිරිසක්
එම පොලිස් වසමේ නීති විරෝධි
මත්පැන් මිලිලීටර් 11,250ක්
ගෝඩා මිලි ලීටර් 270,000ක්
සහ මත්පැන් පෙරීමේ උපකරණ
ළඟ තබාගෙන සිටි දෙදනකු
අත්අඩංගුවට ගෙන ඇත. කහවත්ත
කඳවුරේ නිලධාරි පිරිසක් තවත්
අත්අඩංගුවකට ගැනීමේදි මත්පැන්
මිලි ලීටර් 18,750ක් ළඟ
තබාගෙන සිටි අයකු අත්අඩංගුවට
ගෙන තිබේ. කෑගල්ල කඳවුරේ
නිලධාරි පිරිසක් එම පොලිස
වසමේ බලපත්‍ර නැතිව ලොරි
රථයකින් විවිධ වර්ගයේ දැව කඳන්
ප්‍රවාහනය කරමින් සිටි අයකු
අත්අඩංගුවට ගෙන ඇත.