23.8 C
Sri Lanka
Wednesday, August 13, 2025
HomeTOPපශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දීමේ අර්බුදය නිසා ලබන සඳුදා දින දිස්ත්‍රික්ක 5...

පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දීමේ අර්බුදය නිසා ලබන සඳුදා දින දිස්ත්‍රික්ක 5 ක ක්‍රියාත්මක වීමට නියමිත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය.

පශ්චාත් සීමාවාසික පත්වීම් ලැබීම සඳහා සුදුසුකම් ලැබූ වෛද්‍ය කණ්ඩායම් 2 ක වෛද්‍යවරුන් 1500 ක් පමණ මේ වන විට පත්වීම් ලැබීමට නියමිතව ඇත.

එම වෛද්‍යවරුන් දුෂ්කර ප්‍රදේශ, පර්යන්ත රෝහල් සහ කොවිඩ් ඇතුළු විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත නිවැරදිව අනුයුක්ත කිරීම තුලින් එම රෝහල් වල ඇති වෛද්‍ය හිඟයේ ගැටළු නිරාකරණය කර ගැනීමට අවකාශය හිමිව තිබුණි.

වෛද්‍යවරුන් සමානාත්මතාවයෙන් යුතුව රටපුරා ස්ථානගත කරමින් ජාත්‍යන්තර පැසසුමට ලක්වන ලෙස අපගේ සෞඛ්‍ය සේවාව ඉහළ ප්‍රමිතියකින් යුතුව පවත්වාගෙන යාමට මාරු මණ්ඩල වල නිත්‍යානුකූල සාමාජිකයකු ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉතිහාසය පුරා කටයුතු කර ඇත.

ඉතාමත් අවාසනාවන්ත ලෙස මාරු මණ්ඩල වල එකඟතාවයෙන් යුතුව පශ්චාත් සීමාවාසික පත්වීම් බලාපොරොත්තුවෙන් සිටින වෛද්‍යවරුන් 1500 කගේ කණ්ඩායම් දෙකට පත්වීම් ලබා දීමට කටයුතු කරනු වෙනුවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සෞඛ්‍ය සේවා II ධූරයේ වැඩ බලන, වෛද්‍ය ජී. විජේසූරිය මහතා අත්තනෝමතික ලෙස පශ්චාත් සීමාවාසික ලැයිස්තු සැකසීම නිසා දැඩි අර්බුදයක් උද්ගතව ඇත.

මේ හේතුව නිසා මන්නාරම, ත්‍රිකුණාමලය, නුවරඑළිය, රත්නපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි සෞඛ්‍ය සේවාව තවදුරටත් පවත්වා ගැනීමට නොහැකි බව එම දිස්ත්‍රික්ක වල අපගේ ශාඛා සංගම් අප දැනුවත් කර ඇති අතර, ලබන සඳුදා (දෙසැම්බර් 20 වන) දින එම දිස්ත්‍රික්ක වල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අපව දැනුවත් කර ඇත.

තවද, දැනට ක්‍රියාත්මක වන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට නොහැකි වන බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශාඛා සංගමය ඇතුළු රට පුරා රෝහල් අප වෙත දන්වා ඇත. පොළොන්නරුව විශේෂිත වකුගඩු රෝග සඳහා පිහිටුවා ඇති රෝහල ද පවත්වාගෙන යාමේ අසීරුතාව පොළොන්නරුව මහ රෝහලේ ශාඛා සංගමය පෙන්වා දී ඇත. පශ්චාත් සීමාවාසික පත්වීම් ලැබීමට නියමිත වෛද්‍යවරුන් 1500 කට මෙම පත් වීම් ලබා දීම ප්‍රමාද වනවා පමණක් නොව මෙම සතියේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ වාර්ෂික ස්ථාන මාරු සතිය සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්‍රියාකාලාපය නිසා කඩාකප්පල් වනු ඇත.

වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්තනෝමතික ක්‍රියාකාලාපය නිසා ලබන සඳුදා සිට බිඳ වැටෙන සෞඛ්‍ය සේවාවේ පූර්ණ වගකීම සෞඛ්‍ය අංශයේ සියලු නිලධාරීන් භාරගත යුතු අතර මේ සඳහා නිසි විසඳුමක් ලබා දීමට අපොහොසත් වුවහොත් ඉදිරි සතිය තුළ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දිවයින පුරා අනෙකුත් රෝහල් වල ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කර ඇත. මෙහිදී හදිසි ප්‍රතිකාර සේවා අඩාල වීමකින් තොරව පවත්වාගෙන යනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments