24 C
Sri Lanka
Friday, June 6, 2025
Homeදේශීය පුවත්1998ට කතා කොට සතොසෙන් රුපියල් 1998කට නත්තල් සහන මල්ලක් ලබාගන්නත් නිවසට ගෙන්වා...

1998ට කතා කොට සතොසෙන් රුපියල් 1998කට නත්තල් සහන මල්ලක් ලබාගන්නත් නිවසට ගෙන්වා ගන්නත් හැකියි.

එළඹෙන උත්සව සමය වෙනුවෙන් සතොස ලබාදෙන විශේෂ නත්තල් සහන මල්ල රුපියල් 1998කට ලබාදීමට පියවර ගෙන තිබෙන අතර මෙය 1998 දුරකතන අංකයට කතා

කොට ඕනෑම ප්‍රදේශයක සිටින පාරිභෝගිකයකුට තම නිවසටම ගෙන්වා ගත හැකියි.

මෙම සහන පැකේජ වන ‘නත්තල් සහන මල්ල. ඉකුත් (18) වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හඳුන්වාදීම සිදුකෙරිණි.

මෙහිදි අදහස් දැක්වු ඇමැතිවරයා සඳහන් කළේ සුපිරි සම්බා කිලෝ එකක් රුපියල් 125යේ මිලට කිලෝ දහයකුත්, දුඹුරු සීනි කිලෝ එකක් රුපියල් 125 මිලට කිලො දෙකකුත්,

රුපියල් 140යේ අඩුමිලට තායිලන්තයේ හොඳමහාල්මැස්සන් ග්‍රෑම් දෙසීයකුත්, ග්‍රෑම් හාරසීයේ නූඩ්ල්ස් පැකට් එකක්, තේකොළ ග්‍රෑම් සීයේ නොම්මර එකේ පැකට් එකක්.ලුණු ග්‍රෑම්

හාරසීයක්, නියම ටී.එෆ්.එම්. අගය ඇති හොඳම සුවඳ සබන් කැටයක්, නියම රෙදි සෝදන සබන් කැටයක් කිසිදු ගාස්තුවක් අය නොකර රුපියල් අනුපහක් වටිනා ඇල්ලී පපඩම් පැකට්

එකක් කියන සියලු භාණ්ඩ ඇතුළත් මල්ල රුපියල් එක්දහස් නවසිය අනුඅටකට ලබාදෙන්න කටයුතු යොදා තිබෙනවා. මේ සහන මල්ල ඔබේ නිවසටම ගෙනවිත් දෙන්න පහසුකම්

යොදා තියෙනවා. ඔට තිබෙන්නේ 1998 සතොස සෘජු අංකයට කතා කරන්න, වට්ස්ඇප්එකට, සතොස වෙබ්එකට යන්න මේ භාණ්ඩ මල්ල ඇනවුම් කළාම අද සිට පැය හතළිස්

අටක් තුල ලංකාවේ කොහේ සිටියත් ඔබේ නිවසටම ගෙනවිත් දෙනවා. මෙහිප්‍රවාහන ගාස්තුව වශයෙන් රුපියල් එකසිය පනහයි එම සමාගම අය කරන්නේ.

මෙරට ජනතාව භාණ්ඩ මිලිදි ගන්නා සුප්‍රසිද්ධ ස්ථාන තුනකින් අපි මෙම සහන මල්ලට අයත් භාණ්ඩ මිලදි ගැනීමට කටයුතු කළා එහිදි එක්ස්ථානයකට රුපියල් දෙදහස් අටසිය

හැටතුනකත්, දෙවන ස්ථානයට රුපියල් දෙදහස් හත්සිය පනස් එකක්, තෙවන ස්ථානයට මේ භාණ්ඩ මල්ල මිලදි ගැනීමට වියදම් වෙලා තියෙනවා දෙදහස් හාරසිය අසුනවයක්.

සතොස මේ භාණ්ඩ ටික පාරිභෝගික ජනතාවට ලබා දෙන්නේ එක්දහස් නවසිය අනුඅටකටයි.

අපිට ඉකුත් සමයේ චෝදනාවක් එල්ලවුණා සතොසේ භාණ්ඩ නැහැ . එමෙන්ම ලබාදෙන ප්‍රමාණ ප්‍රමාණවත් නැහැ සහල් කිලෝ පහයි දෙන්නේ කියලා. දැන් සුපිරි සහල් කිලෝ

දහයක් දෙනවා. දැන් භාණ්ඩ ගෙදරටම ගෙනත් දෙන්න කටයුතු යොදා තිබෙනවා. ලංකා බෙල් සොයියුෂන් කියන සමාගමට ඒ කටයුතු පවරා තිබෙනවා. මේ භාණ්ඩ මල්ල ගැනිමේදි

රුපියල් පන්සීයකට වඩා ලාභායක් තිබෙනවා. ප්‍රවාහන ගාස්තුව යන්නේ රුපියල් එකසිය පනහයි. එවිට කිසිවෙකුට සතොසට චෝදනා එල්ල කරන්න වුවමනා නැහැ.

අම්පාර, දෙහිඅත්තකණ්ඩිය, මඩකලපුව හා යාපනය ඕනෑම ප්‍රදේශයක සිටියත් මේ භාණ්ඩ මල්ල නිවසටම පැය හතළිස් අටක් තුල ගෙන්වා ගැනීමට හැකියාව තිබෙනවා. මේ සඳහා

සතොස කළමනාකාරිත්වය අතුළු කාර්ය මණ්ඬලය, අමාත්‍යාංශ නිලධාරීන් ඉතා කැපවීමෙන් කටයුතු කරන බව පවසන්න අවශ්‍යයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments