28.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ප්‍රශ්න විසඳන්නේ නැතුව ආණ්ඩුව හැංගෙනවා-පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා.

ප්‍රශ්න විසඳන්නේ නැතුව ආණ්ඩුව හැංගෙනවා-පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා.

මේ වසරේ උත්සව කාලයට ඇවිත් තිබෙනවා. එහිදී දවසින් දවස රටේ මූල්‍ය අර්බුදය අහිතකර ලෙස වැඩි වෙලා රටේ කිසිදු ප්‍රශ්නයකට ආණ්ඩුව මුහුණ දෙන ආකාරයක් පේන්නෙ නැහැ. ප්‍රශ්න විසඳන්නේ නැතුව ආණ්ඩුව හැංගෙනවා .මෙවැනි මුල්‍ය අර්බුදයක් රට තුළ තියෙන වෙලාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් දාහකට වැඩි ප්‍රමාණයක් ඩොලර් නැතුව වරාය තුළ හිර වෙලා.එය එළියට ගන්න වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ .එසේ හිර වෙලා තියෙන නිසාම උත්සව කාලයේ විශාල අර්බුදයකට සමාජය තල්ලු වෙමින් තිබෙනවා.

විපක්ෂ නායක කාර්යාලයේ (18) දින පැවති මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා දක්වමින් වැඩිදුරටත් මෙසේදකීය……..

කිරි පිටි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වන්න ඩොලර් නැතුව ඉන්නෙ එහිදී මේ රටේ ආර්ථික වශයෙන් ආණ්ඩුව ආනයනය සීමා කරලා එවැනි අවස්ථාවක ලෝකයේ ශ්‍රේණිගත කිරීමේ පිළිගත්ත ආයතන ෆිච් වැනි ආයතන ශ්‍රේණි ගත කිරීම් වලින් අපිව පහලට දමලා .

එවැනි අර්බුදයක දී තමයි රටේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහත්මයා රටේ නැත්තෙ. අපි දන්නේ නැහැ එතමා රටින් පලා ගියාද කියලා මුදල් ඇමැතිවරයා මේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ඕන වෙලාවක එතුමා ගමට ගිහිල්ලා සැප ගන්නවා මෙහෙ ජනතාවගේ දරුවන්ට බඩගින්නට කිරිපිටි බොන්නවත් කිරිපිටි නැහැ ,ගෑස් ටික නැහැ, ගන්න ගෑස් එකත් ගෙදර ඇතුලේ පිපිරෙනවා. මිනිස්සු මැරෙන තත්ත්වයක් උදාවෙලා. ගොවියන්ට රසායනික පොහොර ටික ගෙන්න ගන්න බැරි වෙලා .කාබනික පොහොර ටික දෙන්න බැරිවෙලා. එවැනි අවස්ථාවක තමයි මොල හතක් තියෙනවා කිව්ව මුදල් ඇමතිවරයා එතුමාගේ ගමට ගිහින් සැප සම්පත් විඳින්නේ නමුත් රටේ ජනතාව වේලක් කාලා ඊලඟ වේල කන්නේ කොහොමද කියන විශාල අරගලයක යෙදී ඉන්නවා.

රටේ ඩොලර් නොමැති අවස්ථාවක ජනාධිපතිතුමා විදේශගත වෙලා එනකොට එතුමාගේ මල්ලි රටින් යනවා ඒ වගේම ආරංචි මැති ඇමැතිවරු විශාල රාශියක් විදේශගත වෙලා කියලා එවැනි තත්වයකදී අපිට පේන දේ තමයි ඊයෙ මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා කියනවා රසායනික පොහොර ගෙන්වන්න ඒගොල්ලන්ට දැන් ඉඩකඩ නැහැ කියලා. ඒ නිසා මේ කන්නයට රසායනික පොහොර ලැබෙන්නේ නැහැ කියනවා. එහිදී අපිට අහන්න තියෙන්නෙ රසායනික පොහොර තහනම් කරල කාබනික පොහොර වලට පරිවර්තනය කරේ කවුද කියලා. එසේ කරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව මහින්දානන්ද ඉන්න කැබිනට් එක අද එසේ පරිවර්තනය කරලා කාබනික පොහොර දීගන්න බෑ. ගොවියන් වගාවල් කෙරෙන්නෙ නැහැ ‍.ප්‍රමිතිය සහිත පොහොර ගොවියාට ලැබෙන්නේ නෑ නැනෝ නයිට්‍රිජන් කියලා පොහොරක් ගෙනාවා ඒකත් නෑ චීනයෙන් පොහොරක් ගෙනාවා ඒකත් පරීක්ෂණවලින් අසමත් වෙලා නමුත් ඒකට ඩොලර් මිලියන 6.7 ක් ගෙවන්න හදනවා .

මේ සියලු ගැටලු නිර්මාණය කලේ කවුද විපක්ෂයේ අපි ද එහෙම නැත්තං රටේ ගොවි ජනතාව ද ?නැහැ සියලු අර්බුද නිර්මාණය කරේ ජනාධිපතිතුමා ඇතුළු මේ ආණ්ඩුවයි එම නිසා කෘෂිකර්ම ඇමතිවරයා මෙහි වගකීම භාර ගත යුතුයි .පාර්ලිමේන්තුවේ ඇවිත් කයිවාරු ගැහුවා මාධ්‍යයට ඇවිත් කයිවාරු ගැහුවා සියලු දේ අපි කරනවා කිව්වා එහිදී සමාගම් වලට ඕන විදියට වැඩ කරන්නේ නැහැ කිව්වා චීන අසූචි වලට මුදල් ගෙවන්නෙ නැහැ කිව්වා ඒසේ පොරොන්දු ලබා දුන්නා අද කියනවා ගොවියන්ට රසායනික පොහොර ගෙන්වන්න වෙන්නේ නැහැ කියලා කෘෂිකර්ම ඇමතිවරයා තනතුරෙන් ඉල්ලා අස් වෙන්න ඕන එතුමාගේ වගකීම ඉටු කරගන්න බැරිවෙලා ජනතාවගේ මුදල් වලින් පඩි අරගෙන වරප්‍රසාද අරගෙන ඒවා භුක්ති විඳිමින් රාජකාරිය හරියට කරන්න බැරිනම් ඒ ඇමැතිවරයා ගෙදර යන්න ඕන. නැත්තං චීනා ඒක එළියට දානවා ඒ නිසා චීන කට වහන්න අසූචි හරි කමක් නෑ කැබිනට් අනුමැතිය දීලා සල්ලි ටික ගෙවන්න කියලා.

ගෑස් පිපිරීම තවම නැවතිලා නැහැ. අපි දැක්කා ඊයේ අධිකරණයේ නඩුවක් ගිහින් තීන්දුවක් ලබා දී තියෙනවා ගෑස් වල ප්‍රමිතිය බලන්න එස්. එල් .එ.ස් ආයතනයටයි පාරිභෝගික අධිකාරිය ටයි වගකීම පවරලා .ආයතන දෙක තමයි එය කරන්න ඕන. අධිකරණය විශේෂයෙන්ම කියලා තියෙනවා නිවෙස් වල තියෙන බාල ගෑස් සිලින්ඩර් වහාම නැවත ගෙන්වා ගන්න කියලා නමුත් තවම ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා එයට වැඩපිළිවෙළක් හදන්න. ඊයෙත් ගෑස් අනතුරු සිදුවෙලා කාන්තාවක් ගේ කකුල් දෙකටම හානි සිදු වෙලා එක ජීවිතයක් නැති වෙ
වුණා .තවමත් මිනිස්සු ගෑස් සිලින්ඩරේ ගෙදර තියාගෙන මරණයත් එක්ක ජීවත් වෙනවා හිතේ බය තියාගෙන ජීවත් වෙනවා අධිකරනයෙන් තීන්දුවක් ලබා දී තිබියදීත් ආණ්ඩුව තවමත් අසමත් වෙලා තියෙනවා නිවෙස් වල තියෙන ප්‍රමිතියෙන් බාල ගෑස් සිලින්ඩර ටික නැවත ගෙන්වා ගන්න. දැන් ජනාධිපතිවරයා තාක්ෂණ අමාත්‍යංශ ලේකම් ට ඒක බාරදීලා මොකක්ද එතුමාට බාල ගෑස් එක්ක තියෙන සම්බන්ධය. මෙහි වගකීම භාර ගත යුත්තේ රිභෝගික සේවා අධිකාරිය හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයයි තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් තුමාට මෙහි වගකීමක් නෑ මෙ රටේ ව්‍යවස්ථාවක් ,නීතියක් ,අණපනත් තියෙනවා ඒ අනුව තමයි ඒ විෂයයන් බෙදිලා තියෙන්නේ එම නිසා ජනාධිපතිතුමාට හිතෙන හිතෙන අයට වගකීම් බාර දෙන්න බැහැ. අනිවාර්යෙන්ම ඉදිරියේදී රජයේ වෙනස වීමත් එක්කම අපි හදන ආණ්ඩුවේ ස්වාධීන අධිකරණය යටතේ මේවා යටගහන්න වැඩ කරන සියලු දෙනාටම විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා හැංගෙන්න හදන්න එපා අපේ ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා එදා පාස්කු බෝම්බ ප්‍රහාරය බුද්ධි අංශය තොරතුරු ලබා දීලා එය ක්‍රියාත්මක කරේ නෑ කියලා එදා ඉදපු නායකයන්ට දොස් කියමින් වගකීම පවරලා තියෙනවා මේ ගෑස් මගඩිය සිදුකර දැනුවත්ව එහි වන්දිය අද පාලකයොත් එක්ක බේරගන්න පුලුවන් අද ජනාධිපතිතුමා ඇතුළු ඇමති මණ්ඩලය බේරගන්න වැඩ කරන්න ඉදිරියේදී ජනතා අධිකරනයෙන් බේරෙන්න බැහැ කියන එක මතක් කරනවා.

ඉදිරි මාස දෙක තීරණාත්මකයි අර්බුද ගණනාවක් ඇති වෙලා එහිදී රටේ ජනතාවට වැඩි වෙන භාණ්ඩ මිල දරා ගන්න බැරුව ඉන්නවා අනිත් පැත්තෙන් තමන්ගේ ළමයට කිරි පිටි ටික දීගන්න බැරුව ඉන්නවා ගොවියන්ට පොහොර ටික නෑ විශාල අර්බුද එක්ක ජීවත් වෙන්නේ මේ පාලකයෝ මේ විදිහටම දිගටම වැඩ කරනවා නම් පාලකයන්ගේ ගෙවල් වට කරන දවස වැඩි ඈතක නැහැ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments