28 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්police newsනීති විරෝධි මත්ද්‍රව්‍ය හා දැව ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

නීති විරෝධි මත්ද්‍රව්‍ය හා දැව ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදි(17) හා (18) සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය 11හි නිලධාරි පිරිසක් බොරලැස්ගමුව පොලිස් වසමේ කේරළ ගංජා කිලෝ දෙකයි ග්‍රෑම් සීයක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ල කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරගතව18කට දඬුවම් ලබා සිටි සිරකරුවෙකු වසර ඉකුත් වසරේදී දින දෙකකට නිවසට පැමිණ නැවත බන්ධනාගාරයට නොගොස් වසරයි මාස අටක් සැඟව සිට ස්ත්‍රීදූෂණ හා මංකොල්ලකෑම් වලට සම්බන්ධ අයකු අත්අඩංගුවට ගෙන ඇත. ගෝනහේන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් ගම්පහ පොලිස් වසමේ කේරළ ගංජා ග්‍රෑම් නවසිය අසුවක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. එම කඳවුරේම නිලධාරී පිරිසක් දිවුලපිටිය පොලිස් වසමේ රජයේ අනුමත අරක්කු (අතිවිශේෂ) බෝතල් හයක් පෝය දින මුදලට විකිණීමේ වරදට අයකු අත්අඩංගුවට ගෙන තිබේ. සූරියවැව කඳවුරේ නිලධාරි කණ්ඩයමක් කොස්ලන්ද පොලිස් වසමේ පර්චස් පනහක පමණ භූමි ප්‍රමාණයක වගා කර තිබු උස අඩි දෙකහාමාරක් පමණ වන ගංජා හේනක් සැකකරුවකු නැතිව අත්අඩංගුවට ගෙන ඇත. කන්තලේ කඳවුරේ නිලධාරි පිරිසක් ඊච්චලම්පත්තුව පොලිස් වසමේ පුරාවස්තු සෙවීමේ චේතනාවෙන් කැණීම් කරමින් සිටි හය දෙනකු සමග කැණීම් උපකරණ අත්අඩංගුව ගෙන තිබේ. දෙනියාය කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ වැටලිමේ දෙකක් සිදුකර නීති විරෝධි මත්පැන්(කරිඤ්ඤා) මිලි ලීටර් 37,500ක් ළඟ තබාගෙන සිටි අයකු හා තවත් එම මත්පැන් 18,750ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. කහවත්ත කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ වැටලීම් දෙකක් සිදුකොට නීතිවිරෝධි මත්පැන් මිලිලීටර් 22,500ක් තවත් එම නීති විරෝධි මත්පැන් 11,250ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. හොරණ කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා ගෝඩා මිලි ලීටර් 397,500ක් හා පෙරීමට යොදාගත් උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කතරගම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් මිලි ලීටර් 20,000ක් ළඟ තබාගෙන සිටි අයකු අත් අඩංගුවට ගෙන ඇත. පුවරසන්කූලම් කඳවුරේ නිලධාරි පිරිසක් මඩු පොලිස් වසමේ රක්ෂිතයෙන් අනවසරයෙන් කපා ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබු විවිධ ප්‍රමාණයේ බුරුත දැව කඳන් දහයක් අත්අඩංගුවටගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments