මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ සංකල්පයකට අනුව පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න විසදීම සඳහා සෑම මසකම පොලිස් දිනයක් පැවැත්වීමට තීරණය කර ඇත.
ඒ අනුව එහි පළමු වැඩසටහන 22 වන දා පෙ. ව. 9.00ට බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේ ඇති මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවැත්වේ. මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු විවිධ අංශ ප්‍රධානීන් සහභාගිවීමට නියමිතය