පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් ඒකකය 1හි නිලධාරී කණ්ඩායමක් මට්ටක්කුලිය පොලිස් වසමේ නීති විරෝධි ලෙස තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වනු ලැබු මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි දෙසීයක් හා කේරළ ගංජා ග්‍රෑම් අසුඅටක් සමග අයකු (21) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහෙයුම් ඒකකය 11හි නිලධාරි පිරිසක් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දහයක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් මෝදර පොලිස් වසමේ කේරළ ගංජා ග්‍රෑම් 500ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. වව්නියාව කඳවුරේ නිලධාරි පිරිසක් සිදම්බරපුරම් පොලිස් වසමේ බලපත්‍ර නැතිව හිංසාකාරි ලෙස එළ ගවයින් 11දෙනකු බොලරෝ වර්ගයේ කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි දෙදනකු බොලරෝ කැබ් රථය අත්අඩංගුවට ගෙන තිබේ. කිලිනොච්චිය කඳවුරේ නිලධාරි පිරිසක් කිලිනොච්චිය පොලිස් වසමේදී සැකකරුවන් නැතිව ඉකුත් යුධ සමයේ භාවිතා කර අතහැර දමන ලැබු SFG 87 අත්බෝම්බ එකක්, තමිලන් ගුණ්ඩු එකක් හා හැක් හැක් වර්ගයේ උණ්ඩ පහක් සොයා ගැනීමෙන් පසු කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාරදීමෙන් අනතුරුව විනාශ කිරීම සඳහා උසාවි නියෝග ලබාගන්නාතෙක් සුරක්ෂිතව තැබීමට කර ඇත. පුලියන්කුලම කඳවුරේ නිලධාරි පිරිසක් ඕමන්ත පොලිස් වසමේ දී නීති විරෝධි ලෙස කපා ප්‍රවාහනයට සූදානම් කර තිබු බුරුත දැව කඳන් අටක් සැකකරුවන් නැතිව අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේදී මුද්‍රා සළකුණු නැතිව දැව ළඟ තබා ගැනීම හා බලපත්‍ර නැතිව ජංගම ඉරුම්හලක් පවත්වාගෙන යන ලැබු පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. දඹුල්ල කඳවුරේ නිලධාරි පිරිසක් ගිරානේගම පොලිස් වසමේදී නීති විරෝධි මත්පැන් මිලි ලීටර් 15000ක් හා පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. අරලගංවිල කඳවුරේ නිලධාරි පිරිසක් වැලිකන්ද පොලිස් වසමේදී බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදනකු සමග ට්‍රැක්ටර් රථ දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ. ආරුගම්බේ කඳවුරේ නිලධාරි පිරිසක් පොතුවිල් පොලිස් වසමේදී බලපත්‍ර නැතිව මුහුදු වැලි කැණීම් කර පටවමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම කල්මුණේ කඳවුරේ නිලධාරි පිරිසක් අක්කරපත්තුව පොලිස් වසමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 840ක් ළඟ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. වාලච්චේන කඳවුරේ නිලධාරි පිරිසක් වාලච්චේන එම පොලිස් වසමේදී බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැලි ප්‍රවහනය කරමින් සිටි තිදෙනකු සමග ට්‍රැක්ටර් රථ තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මහඔය කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේ බලපත්‍ර නැතිව වැලි කැණීම් කර සහ ප්‍රවාහනය කරමින් සිටි දොළොස් දෙනකු සමග ට්‍රැක්ටර් රථ දෙකක් සහ ෆයිබර් බෝට්ටු දෙකක් අත්අඩංගුවට ගෙන ඇත. කුරුණෑගල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කුඹුක්ගැටේ පොලිස් වසමේදී බලපත්‍ර නැතිව රුසියාවේ නිෂ්පාදිත බෝර 12 (02117520) දරණ බයිකල් වර්ගයේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. උඩවලව කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් හිංසාකාරි ලෙස මී ගවයින් 13ක් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනකු ලොරි රථය සමග අත්අඩංගුවට ගෙන තිබේ.කහවත්ත කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් ගවයින් දාහත් දෙනකු ප්‍රවාහනය කරමින් සිටි තිදෙනකු ලොරි රථය සමග අත්අඩංගුවට ගෙන ඇත. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් අවිස්සාවේල්ල පොලිස් වසමේදී බලපත්‍ර නැති ඛනිජවැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු ටිපර් රථය සමග අත්අඩංගුවට ගෙන ඇත.