ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය, ශ්‍රී ලංකා දුම්කොළ සමාගම හා ඒකාබද්ධ වෙමින් අඩු ආදායම් සහිත ගොවි පවුල්වල දූ දරුවන් උදෙසා ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමයක් පළමු වරට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණි.
මෙම නියමු ව්‍යාපෘතිය සදහා අඩු ආදායම්ලාභී පවුල්වල සිටින ළමුන් 25 දෙනෙකු ශ්‍රී ලංකා දුම්කොළ සමාගම මඟින් තෝරා ගන්නා ලැබු අතර, එම ළමුන් සඳහා වෘත්තීය පුහුණුව ලබා දීම මෙහි ප්‍රධානතම අරමුණ වේ. තෝරාගත් ළමුන් 25 දෙනෙකු සඳහා ලියාපදිංචි ගාස්තු ගෙවීම හා නිල ඇදුම් සඳහා මුදල් වියදම් එම ආයතනයෙන් සිදු කරනු ලබයි.
වෘත්තීය පුහුණු පාඨමාලාව අවසානයේදී ලබා ගන්නා ලැබු තාවකාලික සහතිකය මත පදනම්ව රු.50,000.00 ක මුදලක් ලබා දීම ද එම ආයතනය මගින් සිදු කරනු ලබයි.
එහි ආරම්භක අවස්ථාව (21)මින්නේරිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සදහා
ශ්‍රී ලංකා දුම්කොළ සමාගමේ ඊ.එස්.ජි. කලමණාකරු චන්දන පතිරාජ මහතා සහභාගී වූ අතර,
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ කේ.ඩබ්.රංජිත්ලාල් මහතා, පුහුණු නිලධාරී නිරෝෂන් වර්ණකුලසූරිය මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වූ අතර, මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරිනී සුභාෂිණි නවරත්න මහත්මිය විසින් සිදු කරනු ලැබූහ.