21.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPඋපරිමාධිකරණ ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 7680ක පූර්ණ ආධාර මුදලක්.

උපරිමාධිකරණ ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 7680ක පූර්ණ ආධාර මුදලක්.

දැනට ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ පිහිටා තිබෙන උපරිමාධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ල පූර්ණ චීන රජයේ ආධාර මුදලක් යටතේ අලුත්වැඩියා කිරීම සඳහා 2012 වසරේදී පමණ සිට විවිධ සාකච්ඡා පැවති අතර වර්තමාන අධිකරණ අමාත්‍යවරයා අමාත්‍යාංශය භාරගැනීමෙන් පසුව චීන රජය සමඟ සිදුකරන ලද සාකච්ඡා වලින් අනතුරුව මෙම ගොඩනැගිල්ලෙහි අලුත්වැඩියා කිරීම කඩිනමින් සිදුකිරීම සඳහා එකඟතාවයකට පැමිණ ඇත. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද දින (2021.12.07) සිදුවූ අතර එහිදී අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතා සහ චීන ආර්ථික හා වාණිජ කටයුතු පිළිබඳ උපදේශක LI Guangjun අතර එහි ගිවිසුම අත්සන් කිරීම අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිය. එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා ද එක්විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments