ප්‍රජා පාදක විශෝධක දෙපාර්ථමේන්තුවේ නව කොමසාරිස්වරයා ලෙස නීතීඥ දිලාන් ගුණරත්න මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වී. ආර්. ද සිල්වා මහතා අතින් පසු ගියදා ප්‍රජා පාදක විශෝධක දෙපාර්තමේනතුවේදී වැඩ භාර ගත්තේය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පලමුවන ශ්‍රේණියේ නිලධාරියෙකු වන දිලාන් ගුණරත්න මහතා දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයාලෙස අවසන් වරට සේවය කල අතර වසර 15කට අධික කාලයක් පුත්තලම දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය ලෙක්ම්වරයෙකු ලෙස අත්දැකීම් ලබා ඇත. කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදීශීෂ්‍යයෙකුවන මෙතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදීවිද්‍යාර්ථයෙකි. තවද ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධිය සම්පූර්ණකර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරයෙකුද වේ.