23.6 C
Sri Lanka
Friday, January 2, 2026
Homeදේශීය පුවත්ශ්‍රී ලංකා රුපියල් මිලියන 65 කට අධික වටිනාකමකින් යුත් අමෙරිකානු ඩොලර්, යුරෝ...

ශ්‍රී ලංකා රුපියල් මිලියන 65 කට අධික වටිනාකමකින් යුත් අමෙරිකානු ඩොලර්, යුරෝ සහ ස්ටර්ලින් පවුම් රටින් පන්නන්න හැදු හත් දෙනකු රේගු දැලේ.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ අංක UL225 ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිටත් වීමේ පර්යන්තය හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරය බලා පිටත් වීමට පැමිණි ගුවන් මගීන් හත් දෙනෙකු ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් පරීක්ෂා කිරීමේ දී ඔවුන්ගේ ගමන් මලුවල ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ විදේශ මුදල් තොගයක් (24)සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක
නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ
සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කරයි.

එම මුදල් තොගය තුල ශ්‍රී ලංකා රුපියල් මිලියන 65 කට අධික වටිනාකමකින් යුත් අමෙරිකානු ඩොලර්, යුරෝ සහ ස්ටර්ලින් පවුම් අඩංගුව තිබුණා. රේගුවට සඟවා නීති විරෝධී ලෙස මුදල් මෙරටින් පිට කිරීමට දැරු මෙම උත්සාහය රේගු නිලධාරීන්ගේ සුපරීක්ෂාකාරී බව නිසා වැලක් වීමට හැකි වූහ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් සිදු කරනු ලබති.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments