26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්ජාතියේ ටෙලි මහා මංගල්‍ය රයිගම් ටෙලීස් 2020/2021 ඒකාබද්ධ උළෙල දාහත්වෙනි වරටත් අභිමානවත්...

ජාතියේ ටෙලි මහා මංගල්‍ය රයිගම් ටෙලීස් 2020/2021 ඒකාබද්ධ උළෙල දාහත්වෙනි වරටත් අභිමානවත් අයුරින්.

ජාතියේ ටෙලි මහා මංගල්‍ය රයිගම් ටෙලීස් 2020/2021 ඒකාබද්ධ උළෙල දාහත්වෙනි වරටත් අභිමානවත් අයුරින් මාර්තු (26) සවස 6.00ට කොළඹ ෂැංග්‍රීලා

හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පැවැති වසංගතය හමුවේ ඉකුත් වසරේ මෙම සම්මාන උළෙල කල්දමන්න සිදුවිය.

මෙවරඇතුළත් නවාංඟ වනුයේ
සම්මාන උළෙලේදි වඩාත් ජනගත ටෙලිනාට්‍යය, රූපවාහිනී වැඩසටහන සහ රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය නමින් නව සම්මාන කුලකයක් හඳුන්වාදී ඇත. වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍යය, ටෙලිනාට්‍ය`ඵවා සහ නිළිය පාඨකමනාපය අනුව තීරණය කළද ඒවා ජනතාව අතර වඩාත් මුල්බැසගත් නිර්මාණ නොවන්නට ඉඩඇත. මෙම නව සම්මාන කුලකයෙන්උත්සාහ දරන්නේ ප්‍රසිද්ධ කරන ලද දත්ත උපයෝගී කරගෙන යම් සංඛ්‍යාක විද්යාත්මක පදනමකට වඩාත් ජනගත රූපවාහිනී වැඩසටහන් සමුච්ඡය තීරණය කිරීමයි. මෙය ශ්‍රීලංකාවේ ටෙලිසම්මාන සංස්කෘතියේ නව ප්‍රවණතාවයක්වනු ඇත.

සම්මාන කුලක හතක් සහ උළෙල දෙකක්වාර්ෂිකව පැවැත්වෙන රයිගම්ටෙලීස් සම්මාන උළෙල ප්‍රධානඋළෙලයන් දෙකකින් සමන්විතවේ. ඒ නිර්දේශිත නාමඋත්කර්ෂණ උළෙල – Nomination Evening සහ අවසාන සම්මාන රාත්‍රීයයි.

රයිගම්ටෙලීස් මෙම තත්ත්වය වෙනස් කරමින් සියලු නිර්දේශ ලාභීන් විශේෂිත උළෙලකට කැඳවා ඔවුන්ගේ හැකියාවන් ඇගයීමට නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල හඳුන්වාදෙන ලදි. මෙහිදි සෑම නිර්දේශිතයක් සඳහා එක්වර්ෂයක් සඳහා බලපාන රුපියල්මිලියනයක ජීවිතරක්ෂණයක් සහ රුපියල් ලක්ෂයක් වටිනා වෛද්‍ය රක්ෂණයක් තිළිණ කෙරේ. මීටඅමතරව ඔවුන්ගේ හැකියාව අගය කිරමින් වටිනා සහතිකයක්ද නිකුත් කරනු ලැබේ.
ජාතික සංනිවේදන ජාලයවූ මොබිටෙල් මෙම උළෙල සඳහා පූර්ණ අනුග්‍රහකත්වය දරණ අතර රක්ෂණ තිළිණ පිරිනමන්නේ අලියාන්ස් රක්ෂණ සමාගමයි.

සම්මානකුලක වනුයේ ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන,රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන,ජනප්‍රිය සම්මාන මේ සඳහා මෙවරද තමන් සිත්ගත් ටෙලිනාට්‍යය, ටෙලිනට්‍ය නළුවා, නිළියජයග්‍රහණය කරවීම සඳහා තම මතය ප්‍රකාශ කිරීමට ප්‍රේක්ෂක ජනතාවට අවස්ථාව ලැබේ. එමෙන්ම රූපවාහිනි ක්ෂේත්‍රයට මෙන්ම කලා ක්ෂේත්‍රයට පුරෝගාමි මෙහෙවක් ඉටුකළ

කලාකරුවෙකුට ජීවිතයේ එක්වරක් ලැබෙන ප්‍රණාම සම්මානද මෙවරක් ලබාදීමට පියවර ගෙන තිබේ. වැඩිවිස්තර හා ජනප්‍රිය සම්මාන සඳහාRaigamTele’es නමින්

ජංගම දුරකතන (Mobile App හඳුන්වාදී තිබේ. ජනගත සම්මාන කුලකය
මෙවර සම්මාන උළෙල සඳහා අලුතෙන් හඳුන්වාදුන් සම්මාන කුලකයකි. ජනප්‍රිය සම්මාන සඳහා ජයග්‍රහකයන් ප්‍රේක්ෂක මනාපයෙන් තෝරාගන්නා අතරවසර තුළ විකාශයවූ

වැඩසටහන් අතුරෙන් වඩාත්ම ජනගතවූ ටෙලිනාට්‍යය, රූපවාහිනී මාධ්‍ය වැඩසටහන සහ ප්‍රවෘත්ති විකාශය සමීක්ෂණ දත්ත සහ නැරඹුම්වාර පදනම් කරගෙන පිළිගත් ක්‍රමවේදයකට අනුව තීරණයකරනු ඇත.මීට අමතරව මෙවරත් කලාකරුවන්ට පිදෙන දහසින් බැඳිපියළි
අපේ රටේ පැවැත්වෙන සියලුම සම්මාන උළෙලවල් අතරින් සම්මානලාභීන්ට ඉහළම වටිනාකමකින් යුත් තිළිණ ප්‍රදානය කරන්නේ රයිගම්ටෙලීස් උළෙලයි.

මෙය යටතේ සම්මාන ජයග්‍රහණය කළ ද නොකළ ද සියලුමනිර්දේශලාභීන් සඳහා වර්ෂයක කාලයක් සඳහා රුපියල් ලක්ෂයක වෛද්‍ය රක්ෂණයක් සමග රුපියල් මිලියනයක ජීවිත රක්ෂණාවරණයක් තිළිණකළ අතර .
මෙවරද සියලු නිර්දේශලාභීන්ට හිමිවන වරප්‍රසාදවලට අමතරව, රයිගම් ටෙලීස් උළෙලේ සම්මානලාභීන් සඳහා රුපියල් ලක්ෂ 30 ක් ඉක්මවන මුදල් ත්‍යාගයක් පිරිනැමේ.පසුගියවසර 10 මුළුල්ලේ උළෙලේ සමහවුල්කාරීත්වය දරණ සම්පත්බැංකුවේ දායකත්වය සහ නිර්දේශිතනාම උත්කර්ෂණ උළෙලේ පූර්ණ අනුග්‍රහහකත්වය දරණ මොබිටෙල්දායකත්වයෙනි.

2020-2021 රයිගම්ටෙලීස් විනිශ්චය මණ්ඬලය බුද්ධදාස ගලප්පත්ති මහතා – සභාපති/ටෙලිනාට්‍ය අනුකමිටු ප්‍රධානී,මහාචාර්ය අජන්තා හපුආරච්චි – මාධ්‍ය වැඩසටහන් අනුකමිටු ප්‍රධානී,ජයනාත් ගුණවර්ධන මහතා – සාමාජික,මාහාචාර්ය ආරියරත්න කළුආරච්චි – සාමාජික,රවීන්ද්‍ර ගුරුගේ මහතා – සාමාජික,හංසමාලා රිටිගහපොල මහත්මිය – සාමාජික,රංග දසනායක මහතා – සාමාජික,අරුණ ගුණරත්න මහතා – සාමාජික,ගුණසිරි සිල්වා මහතා – සාමාජික,අබ්දුල් හමීඩ් මහතා – සාමාජික – ද්‍රවිඩ මධ්‍ය අංශය.

????????????????????????????????????
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments